ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ Shakeel හා Yousuf ඉදිරියටම

පාකිස්තානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

170

පාකිස්තානු A හා ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (30) අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 187ක් රැස් කරගෙන සිටියා.

අද දිනයේ දී ද පෙර දින දෙකේ දී මෙන්ම තරගය අතරමග නවත්වන්නට සිදු වුනේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ඇද වැටුණු දැඩි වර්ෂාව නිසයි.

තරගයේ දෙවැනි දිනය අවසන් කරන විට පාකිස්තාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 70ක් රැස් කරගෙන සිටියා. අද දිනය පුරාවටම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එකදු කඩුල්ලක් හෝ ලබා ගැනීමට ඉඩක් ලැබුණේ නැහැ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන් පාකිස්තාන නායක Saud Shakeel පන්දු 161ක දී නොදැවී ලකුණු 86ක් රැස් කරගෙන සිටිනවා. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් වීම විශේෂත්වයක්.

නොදැවී පන්දුවට පහර දෙන Omair Yousuf පන්දු 199කට මුහුණ දෙමින් ලකුණු 78ක් රැස් කරගෙන සිටිනවා. ආරක්ෂාකාරීව පන්දුවට පහර දුන්නත් ඔහුගේ ඉනිමටත් හතරේ පහර 9ක් අන්තර්ගතව තිබීම විශේෂත්වයක්. තරගයේ සිව්වැනි හා අවසන් දිනය හෙටයි.

තෙවැනි දිනය අවසානයේ ලකුණු සටහන

  • ශ්‍රී ලංකා A පළමු ඉනිම – 141/10 (46 ov) විශ්ව ප්‍රනාන්දු 30, ලහිරු උදාර 23, ලසිත් ඇඹුල්දෙණිය 22, Naseem Shah 5/53, Khurram Shahzad 3/25
  • පාකිස්තාන A පළමු ඉනිම – 187/1 (62 ov) Saud Shakeel 86*, Omair Yousuf 78*, ලසිත් ඇඹුල්දෙණිය 1/50

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟින්.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<