ගෙවුනු දවස: නොවැම්බර් 12 – ගුවන් හමුදාව හමුවේ මහනුවර අසරණ වේ

405

ශ්‍රී ලංකා කාන්තාවන් සහ එංගලන්ත කාන්තාවන් සහභාගී වූ දෙවැනි එක්දින තරගයේ ඡායාරුපයක් ©ThePapare.comඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ඊයේ තුරඟ තරඟ පිටියේදී පැවති CH&FC සහ යුධ හමුදා ක්‍රීඩා සමාජ අතර තරගයේ ඡායාරූපයක් ©ThePapare.comඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ඊයේ හැව්ලොක් ක්‍රීඩා පිටියේදී පැවති පොලිස් සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ අතර තරගයේ ඡායාරූපයක් ©ThePapare.comඩයලොග් ලීග් රග්බි තරගාවලියේ ඊයේ රත්මලානේදී පැවති මහනුවර සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ අතර තරගයේ ඡායාරූපයක් ©ThePapare.comBRC සික්සස් තරගාවලියේ ප්‍රථම දිනයේ ඡායාරූපයක් ©ThePapare.com

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

රග්බි –

රග්බි පිටියේ උණුසුම් දවසක්

ඩයලෝග් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තවත් තරග 3ක් ඊයේ පැවත්වූ අතර එම තරග වලින් මහනුවර ක්‍රීඩා සමාජය පරාජය කරමින් නාවික හමුදා ක්‍රීඩා සමාජයත්, පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජයත්, CH&FC ක්‍රීඩා සමාජය පරාජය කරමින් යුධ හමුදා ක්‍රීඩා සමාජයත් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

  • මහනුවර ක්‍රීඩා සමාජය 21 – 24 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
  • පොලිස් ක්‍රීඩා සමාජය 12 – 37 හැව්ලොක් ක්‍රීඩා සමාජය
  • CH&FC ක්‍රීඩා සමාජය 12 – 39 යුධ හමුදා ක්‍රීඩා සමාජය

සම්පූර්ණ තරග වාර්තා සඳහා පිවිසෙන්න


ක්‍රිකට් –

දෙවැනි තරගයත් පරාදයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ (12) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති දෙවන එක්දින තරගය, ලකුණු 122කින් ජය ගන්නට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත්වූහ. ශ්‍රී ලංකා කාන්තා පිලට දිනය නිමාවන විට ලබා ගත හැකි වූයේ ලකුණු 173ක් පමණි.

සම්පූර්ණ ලිපිය: එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කාන්තාවෝ අදත් අසරණ වෙයි


BRC සික්සස් ප්‍රථම දිනය නිමාවෙයි

දිවයිනේ ප්‍රකඨ ක්‍රිකට් සැණකෙළියක් වූ “BRC සික්සස්” තරඟාවලිය වසර 20කට පසුව ඊයේ (12) යළි පණ ලැබූ අතර, එහි අර්ධ අවසන් පූර්ව වටයේ මූලික තරඟත්, අර්ධ අවසන් වටයේ තරඟත්, පිළිවෙලින් BRC හා කෝල්ට්ස් ක්‍රීඩාංගනයන් හිදී ආරම්භ විය. අවසන් පුර්ව තරඟ සහ අවසන් තරඟ අද දිනයේදී පැවැත්වේ.

අර්ධ අවසන් පුර්ව තරඟ ප්‍රතිඵල,

BRC 79/3 (5): ඇන්ඩි සොලමන්ස් 28, රුමේෂ් බුද්ධික 26*.

පිළිතුරු වශයෙන්,

CCC 73/3 (5): වනිඳු හසරංග 32, අශාන් ප්‍රියන්ජන් 31.

SSC 102/2 (5): ධනුෂ්ක ගුණතිලක 34, චාමර කපුගෙදර 28, සම්මු අශාන් 22*.

පිළිතුරු වශයෙන්,

හලාවත මේරියන්ස් 70/1 (5): ඉසුරු උදාන 32.

නාවික හමුදා ක්‍රීඩා සමාජය 62/3 (5): ඒ. එරන්ද 24.

පිළිතුරු වශයෙන්,

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය 63/2 (4): සදීර සමරවික්‍රම 32, අමිත් එරන්ද 2/17.

මුවර්ස් 66/2 (5): තිලිණ තුෂාර 32, රුවිඳු ගුණසේකර 32.

පිළිතුරු වශයෙන්,

සැරසන්ස් 48/5 (5): උමේෂ් කරුණාරත්න 19, ලස්සන පෙරේරා 2/10.

සම්පූර්ණ ලිපිය: BRC, SSC, කෝල්ට්ස් සහ මුවර්ස් කණ්ඩායම් අවසන් පුර්ව වටයට


දුලාජ් රණතුංග ගෙන් ශතකයක්

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ, 11 වැනිදා ආරම්භ වූ තරඟයන්හි දෙවැනි දිනය ඊයේ (12) ක්‍රියාත්මක විය. එම තරඟ වලින් සාන්ත බෙනඩික්ට් හා සාන්ත තෝමස් යන පාසල් පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

මලියදේව විද්‍යාලය පළමු ඉණිම  – 403/07 dec (104.4): දුලාජ් රණතුංග 118, දිනංජය ප්‍රේමරත්න 68, කවීන් බණ්ඩාර 65, දිනෙත් ජයකොඩි 3/66

සාන්ත ජෝශප් විද්‍යාලය දෙවන ඉණිම – 38/0 (8):

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම – 300/09 dec (77): රීවන් කෙලී 91, දිනෙත් මදුරවෙල 40, ශෙවෝන් ෆොන්සේකා 34, දිනෙත් ජයකොඩි 31*, ගයාන් චන්ද්‍රසේන 3/21

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉණිම  f/o  – 97/10 (55.2): හර්ෂජිත් රුශාන් 26, පවිත් රත්නායක 3/29

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉණිම – 43/02 (12): රවිදු කොඩිතුවක්කු 27*

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉණිම – 91/10 (31.3): කවීෂ කුමාර 41, පවිත් රත්නායක 4/36, ඩිලෝන් පීරිස් 4/20

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – 146/10 (43.4): කවිදු කොඩිතුවක්කු 72, කවිදු නදීශාන් 6/35

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – 133/10 (57): සුහඟ විජේවර්ධන 47, ලක්ෂිත රසාංජන 27, සචින් සිල්වා 4/21, මනෙල්කාර් ද සිල්වා 2/20

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉණිම – 184/10 (71.1): සන්තුෂ් ගුණතිලක 39, අනිශ්ක පෙරේරා 28, ලක්ෂිත රසාංජන 2/46

නාලන්ද විද්‍යාලය දෙවන ඉණිම – 50/03 (16): ලක්ෂිත රසාංජන 18, සන්තුෂ් ගුණතිලක 2/14

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – 139/10 (38): සන්තුෂ් ගුණතිලක 48, මනෙල්කාර් ද සිල්වා 38, කලන පෙරේරා 5/44, උමේක්ෂ දිල්ශාන් 4/29

සම්පූර්ණ ලිපිය: ජයග්‍රහණය සාන්ත තෝමස් හා බෙනඩික්ට් විද්‍යාවලට

දිනයක නිමාව