පාකිස්තානයේ ශ්‍රී ලංකා සංචාරයෙන් එක්දින තරගාවලිය කැපේ

1100

මේ වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් එක්දින තරගාවලිය කපා දමන්නට තීරණය කර තිබෙනවා. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පමණක් පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් පවත්වන්නට නියමිතව තිබුණු නමුත් එක්දින තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීගයට අයත් නොවන නිසා එම තරගාවලිය නොපවත්වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එක්දින තරගාවලිය ලෝක කුසලාන සුපර් ලීගයේ කොටසක් වෙන්නේ නැහැ. එම නිසා අපි එම තරගාවලිය ක්‍රීඩා නොකර ඉන්න තීරණය කළා”, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා පවසා තිබුණා.

ජුනි මාසයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයත්, අගෝස්තුවේ දී ලංකා ප්‍රිමියර් තරගාවලියත් පැවැත්වීමට නියමිත නිසා ලෝක කුසලානයට පෙර ක්‍රීඩකයින් ඕනෑවට වඩා මහන්සි වීම වැළැක්වීම ජූලි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අතහැර දැමීමේ එක් අරමුණක්. ආසියානු කුසලානය ද එළඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

අවසන් වරට පාකිස්තානු කණ්ඩායමක් හා ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියක දී හමුවුනේ 2019 වසරේ දීයි. එම තරගාවලිය ඉතිහාසගත වුනේ 2009 වසරෙන් පසුව පාකිස්තානයේ දී පැවතුණු පළමු ටෙස්ට් තරගාවලිය ලෙසයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් එළඹෙන මැයි 15 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<