මිලන්ත අර්ධ ශතකය ආසන්නයේ

482

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර චිතගොං හී ෂෙයික් කමාල් ඇකඩමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (05) අවසානයේ දී පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 54කි.

බංග්ලාදේශයට තද වැසි; A තරගය පළමු දිනයට අත්හිටුවයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම…

බංග්ලාදේශයට මේ දිනවල පැවති වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දින දෙකම පන්දුවක් හෝ නොයවමින් අතහැර දැමුණ අතර තරගය පැවති අද දිනයේ දී ද යැවුණේ පන්දුවාර 15ක් පමණි.

අද තරගය ආරම්භ වීමේ දී දෙපිලේ නායකයන් තම කණ්ඩායම් හුවමාරු කර ගත්තේ පළමු තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ෂෙහාන් මධුශංක සහ ප්‍රභාත් ජයසූරිය වෙනුවට දිලේෂ් ගුණරත්න සහ විශ්ව ප්‍රනාන්දු ද, බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සකීර් හසන්, ෂද්මන් ඉස්ලාම්, මොහොමඩ් සයිෆුඩීන්, අබු හයිඩර් රොනී, නයීම් හසන් සහ නස්මුල් ඉස්ලාම් වෙනුවට කාලීඩ් අහමඩ්, ෂොරිෆුල් ඉස්ලාම්, මොහොමඩ් මිතුන්, අනමුල් හක්, ෂකීර් හසන් සහ එබඩැඩ් හුසෙන් නම් කරමිනි.

දින දෙකකුත් තෙවැනි දිනයේ සැසි දෙකකුත් අහිමි වීමෙන් අනතුරුව පිටියට පිවිසි මොවුන් දෙදෙනා අතුරින් කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා දිනා ගත් අතර ඔහුගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීම ය.

ටෙස්ට් සංචිතයෙන් උඩවත්ත හැලේ; නායකත්වය තවමත් චන්දිමාල් අතේ

ලබන 12 වැනිදා ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ ලහිරු මිලන්ත ය. පළමු කඩුල්ල ලකුණු 36ක් වෙද්දී දවා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ නායක දිමුත් කරුණාරත්නගේ කඩුල්ල දවා ගනිමිනි. ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට මොසඩැක් හුසේන් වෙත උඩ පන්දුවක් දී දැවී යන විට දිමුත් පන්දු 34කටය මුහුණ දෙමින් ලකුණු 9ක් ලබා සිටියේ ය.

දිනය අවසාන වෙද්දී වමත් ආරම්භක පිතිකරු ලහිරු මිලන්ත පන්දු 45කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 42ක් ලබා සිටියේ ය. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුලත්ව තිබුණි. අනෙක් අන්තයේ සිටියේ ලහිරු තිරිමාන්න (01) ය.

තරගය අවසන් දිනය හෙට (06) ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුල්ලක් දැවී 54 (15.0) ලහිරු මිලන්ත නොදැවී 42

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<