ඔවුන් අපිව අභිබවා ගියා – විරාත් කෝලි

204

ඉන්දීය කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගය පසුගිය දා නිමා වූයේ නවසීලන්ත කණ්ඩායමට කඩුලු 10ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. 

වෙලින්ටන්හිදී පැවති එම ටෙස්ට් තරගයේ පරාජය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය නායක විරාත් කෝලි පවසා සිටියේ ඔවුන් ලක්වූ මෙම දරුණු පරාජය පිළිබඳව කිසිදු නිදහසට කරුණක් නොමැති බවයි. 

තම කණ්ඩායමේ දක්ශතා ප්‍රමාණවත් නොවන බව ද ඔහු පවසා සිටියා.

2018 වසරේ දී මෙල්බර්න් හිදී පැවති බොක්සිං දින ටෙස්ට් තරගය දක්වා දිවෙන ටෙස්ට් තරග 9ක අපරාජිත වාර්තාව ද මෙම පරාජය සමඟින් ඉන්දියාවට අහිමි විය. 

ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී තරග 8ක දී ඉන්දියාව ලැබූ පළමු පරාජය මෙය වන අතර ඔවුන් ලකුණු සටහනේ පළමු ස්ථානය ලබාගෙන සිටී. නවසීලන්තය එහි පස්වැනි ස්ථානයේ පසුවන්නේ තරග 6කින් ජයග්‍රහණ දෙකක් ලබා ගනිමිනි.

දෙවන ඉනිමේ දී ඉන්දීය කණ්ඩායම ලකුණු 183ක් පසුපසින් ඉනිම ආරම්භ කළේය. කොළ පැහැති තණතීරුවක් සහ සුළං සහිත තරමක අඳුරු දිනයක දී තම දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 191කට සියල්ලන් දැවී ගියේය. නවසීලන්තයට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 10කි.

නවසීලන්තයේ ජ්‍යේෂ්ඨ පන්දු යවන්නන් වන ටිම් සවුති සහ ට්‍රෙන්ට් බෝල්ට් සමඟින් එක්වූ නවක ක්‍රීඩක කයිල් ජේමිසන් ඉන්දීය කඩුලු 20න් 18ක් ලබා ගත්තේය. ඉන්දීය පිතිකරුවන් නවසීලන්ත වේගපන්දුව හමුවේ දැඩි අභියෝගයකට ලක්විය. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය නායක විරාත් කෝලි පවසා සිටියේ තම පිතිකරුවන් ප්‍රමාණවත් තරගකාරිත්වයක් පෙන්නුම් කළේ නැති බවයි.

චමරිගේ වෑයම අපතේ ගියත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ හොඳ දියුණුවක්

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්….

තරගයේ වීරයා වූ ටිම් සවුදි සිව්වැනි දිනයේ උදෑසන ලකුණු 20කට කඩුලු 4ක් දවා ගත් අතර ඔහුගේ මුළු කඩුලු සංඛ්‍යාව කඩුලු 5ක් බවට පත්විය. ඒ ලකුණු 61කටය. 

“අපි පළමු ඉනිමේ දී ලොකු අසාර්ථකත්වයක් පෙන්වූවා පිතිකරණයෙන් “ විරාත් කෝලි පවසා සිටියේය. 

“මෙම ටෙස්ට් තරගය සඳහා කාසියේ වාසිය විශාල කාර්යභාරයක් ඉටු කළ බව ඔබට පැවසිය හැකිය. නමුත් එය පාලනය කළ නොහැකි දෙයක්. ඒ නිසා ඔබට ඒ පිළිබඳව අවධානය යොමු කර එය විශාල සාධකයක් ලෙස ගන්න බෑ.”

“අපට මෙම තණතීරුව ගැන ඕනෑවට වඩා ප්‍රශ්නයක් කරගන්න බෑ. සරල සත්‍යය නම් අපි ප්‍රමාණවත් තරම් ක්‍රීඩා කළේ නෑ. ඒ නිසා අපි පරාජය වුනා.”

වේග පන්දුවේ ජවයෙන් නවසීලන්තය සියවැනි ටෙස්ට් ජය වාර්තා කරයි!

“සමහර අයට මෙය ලෝකයේ අවසානය වීමට අවශ්‍යයි. නමුත් එය එසේ නොවේ. අපට එය ක්‍රිකට් ක්‍රීඩාවක් වන අතර අපි එය පරාජය වුනා. අපි ඉදිරියට යන්න අවශ්‍යයි. අපි හිස ඔසවා තබා ගත යුතුයි.”

නවසීලන්ත නායක කේන් විලියම්සන් නවසීලන්තයේ 100 වැනි ටෙස්ට් ජයග්‍රහණය විස්තර කළේ “පන්දු ‍යැවීමේ විශේෂ දක්ෂතා හා පිතිකරණයේ මනා දායකත්වය මඟින් ලබා ගත් ජයග්‍රහණයක් බවයි.”

නවසීලන්ත පන්දු බලඇණියේ කෙටි පන්දු විශේෂඥ නීල් වැග්නර් මෙම තරගයට ක්‍රීඩා නොකළ නිසා නවසීලන්ත පන්දු බලඇණියට ඔවුන්ගේ ප්‍රහාරය මිශ්‍ර කිරීමට සිදු වූ අතර බල එය ඉන්දීය පිතිකරුවන්ට ස්ථාවර වීමට ප්‍රබල අභියෝගයක් එල්ල කළේය. ෙ

”අපි ටිකක් වෙනස් දෙයක් කරන්න උත්සාහ කළා.” කේන් විලියම්සන් පැවසීය.

“පන්දු යැවීමේ දක්ෂතාවයේ හොඳම දේ වුනේ ඔවුන් පන්දු ‍යැවූ ආකාරයට ගොඩක් අවස්ථාවල දී කඩුල්ල මුවා කිරීමේ වරදට හෝ කඩුලු රකින්නාට උඩපන්දු ලබා දීමට යොමුවුනා. ඔවුන් ඒ ස්ථාන වලට පන්දුව පතිත කළා. පන්දුව පතිත කරන ස්ථානය වෙනස් කරමින් ඔවුන් කඩුලු ලබා ගත්තා.”

කෙටි පන්දු හා දෝලනය වන පන්දු මිශ්‍ර කරමින් යොදාගැනීම ඉන්දීය පිතිකරුවන්ට අභියෝගාත්මක වූ බව තරගයේ වීරයා වූ ටිම් සවුති පවසා සිටියේය. 

“මම කළේ කණ්ඩායමට අවශ්‍ය දේ ලබා දීම. ඒ වගේම දේවල් අත්හදා බැලීමට සහ දේවල් සොයා ගැනීමට ඇති කැමැත්ත නිසා විශාල වාසියක් වුනා.” ඔහු පැවසීය.

ඕමාන ක්‍රීඩකයෙකුට වැඩ වරදී

ඕමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ යූසුෆ් අබ්දුල්රහීම් අල් බලූශි හට වසර 07ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය ….

නවසීලන්ත පන්දු යවන්නන් ඔවුන්ගේ පළමු ටෙස්ට් තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවේ දී සහභාගි වූ අතර එම තරගාවලිය ඔවුන් 3-0ක් ලෙස පරාජය විය. ඉන් අනතුරුව ප්‍රබල වෙනස්කම් කීපයක් සමඟින් විශාල වෙනස්කමක් ලබාගෙන සිටී. 

නවසීලන්ත කණ්ඩායමේ අවසන් පිතිකරුවන් මෙම තරගය තුල කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය. 

නවසීලන්තයේ පළමු ඉනිමේ අවසන් කඩුලු 3 දී පිතිකරුවන් ලකුණු 123ක් රැස් කළ අතර ඉන්දීය අවසන් පිතිකරුවන් තිදෙනා පළමු ඉනිමේ දී ලකුණු 22ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 2ක් රැස් කළේය.

ඉන්දියාවට පළමු ඉනිමේ ලකුණු  240ක් පමණ වාර්තා කිරීමට හැකි වූයේ නම් තම පන්දු ‍යවන්නන්ට ආරක්ෂා කර ගත හැකි ලකුණු සංඛ්‍යාවක් ලබා දීමට හැකි වනු ඇතැයි කෝලි පවසා සිටියේය.

“ඔවුන් පිතිකරුවන්ගේ මනස තුළට පැමිණ පසුව පිතිකරුවන්ට අවශ්‍ය නැති දෙයක් කිරීමට පොළඹවනවා.” ඔහු පැවසීය.

“ඇත්තම කිව්වොත් ඔවුන් අපට පිටුපස පාදයේ හෝ ඉදිරිපස පාදයේ කිසිදු ඉඩක් ලබා දුන්නේ නැහැ. ඒ නිසා ඔවුන් මෙම ක්‍රීඩාව අභිබවා ගිය බව පිළිගත යුතුයි. ඔවුන් අපට වඩා හොඳින් පන්දු යැව්වා.”

ඉන්දීය නවසීලන්ත දෙවන ටෙස්ට් තරගය එළඹෙන සෙනසුරාදා ක්‍රිස්චර්ච් හිදී පැවැත්වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<