ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ අල්ලන්න ICCයෙන් මෙරටට

515

පසුගිය ඉරිදා (30) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විශේෂ විමර්ශනයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර එහි දී ඔවුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ ඇති බව වාර්තා වේ.

කැන්රිච් ෆිනෑන්ස්, ජෝන් කීල්ස් හා CDB බැංකුව ජයග්‍රාහකයින් අතරට

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B …

උක්ත සාකච්ඡාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඊයේ (03) පස්වරුවේ දී තහවුරු කළ අතර එහි දී ඔහු මෙසේ ඒ පිළිබඳව අදහස් දැක්විය.

“අයි. සී. සී එකේ කණ්ඩායමක් මෙරටට ඇවිල්ලා ඉන්නේ, අපි ඒ පරීක්‍ෂණ පිළිබඳව දන්නේ නෑ. අයි. සී. සී. ය එය කරගෙන යයි. අපිට එයට මැදිහත් වෙන්න බෑ”.

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට දැඩි දූෂිත තත්ත්වයක පවතින බවත්, අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනතුරු අඟවා ඇති බවත් විදේශ මාධ්‍ය වාර්තා කර තිබූ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (3) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ යැයි කියවෙන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට එහි දූෂණ මර්දන අංශය කටයුතු කරමින් සිටින බවයි.

ජ්‍යෙෂ්ඨයින්ට ආදර්ශයක් වෙමින් යෞවනයෝ අවසන් පූර්ව තරගයට

බංග්ලාදේශයේ දී ක්‍රියාත්මක වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය …

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ඊයේ (3) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන අංශයේ අධ්‍යක්‍ෂවරයා තමන්ව හමු වූ බව පවසන ලදි.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂිත තත්ත්වයක පවතින බව ඔවුන් මට පැවසුවා. එම නිලධාරීන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමාවත් හමුවුනා. අපේ නිලධාරීන්ටත් දූෂණ මර්දනය සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දෙන ලෙස මම ඉල්ලීමක් කළා. ඔවුන්ගේ ශාඛාවක් මෙරට පිහිටුවන්නත් ඔවුන් කටයුතු කරමින් සිටිනවා.” යැයි එහි දී ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර නිලධාරීන් මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බව වාර්තා වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ නිරත වූ ඉහළ පෙළේ නිලධාරීන් සහ පුද්ගලයන් කිහිප දෙනකුගේ නම් එහි දී හෙළිදරව් වී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිල වශයෙන් මේ දක්වා නම් හෙලිකිරීමක් සිදු කර නොමැත.  

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග විකාශන අයිතිය වෙනුවෙන් ලැබිය යුතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් වෙනත් රටක ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් කිහිප දෙනෙකුටම චෝදනා එල්ල වී ඇත. ඒ සම්බන්ධ පරීක්ෂණ විධිමත්ව සහ කඩිනමින් පවත්වා අවසන් කරන ලෙසත්, ඊට සම්බන්ධ පුද්ගලයින්, නිලධාරීන් හෝ ක්‍රීඩකයින් වේ නම් ඔවුන්ට දඬුවම් පමුනුවා මේ ගැටලුව කඩිනමින් විසඳා දෙන ලෙස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඉල්ලීමක් කළ ඇති බව ද වාර්තා වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<