නවසීලන්ත ආසියානු ගෘහස්ථ ක්‍රිකට් අනුශූරතාව ශ්‍රී ලංකාවට

263

රටවල් 6ක කණ්ඩායම් 7ක් සහභාගී වූ නවසීලන්ත ආසියානු කුසලාන ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී  ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම අද (7) සමත් විය.

සිංගප්පූරුවේ දී පැවති මෙම තරගාවලියේ ශූරතාව දිනා ගනු ලැබුවේ නවසීලන්ත කණ්ඩායමයි. අවසන් තරගයේ දී ඔවුන් ලකුණු 71-60ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් ජයග්‍රාහී ශූරතාව දිනා ගත්හ.

ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම සිංගප්පූරුවට

අප්‍රේල් මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවැත්වෙන නවසීලන්ත ආසියානු කුසලාන ගෘහස්ථ…

මෙම තරගාවලිය සඳහා සත්කාරක සිංගප්පූරුවෙන් කණ්ඩායම් දෙකක් සහභාගී වූ අතර ඊට අමතරව ශ්‍රී ලංකාව, ඉන්දියාව, මලයාසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා නවසීලන්තය යන කණ්ඩායම් සහභාගී විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු වටය නිමා වෙද්දී නවසීලන්තය පමණක් පරාජය වෙමින් අනෙක් සියලු තරග ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 31ක් ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර නවසීලන්තය පළමු වටයේ දී අපරාජිතව සිටිමින් ප්‍රසාද ලකුණු 38ක් ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ දී නවසීලන්තය වෙතින් 64 : 91ක පරාජයක් ලැබුවේ ය. නමුත් තරගාවලියේ වඩාත් පෙරළිකාර කණ්ඩායම වෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි. ඒ ඔවුන් පළමු වටයේ දී පසුගිය වසරේ සූරයන් වූ ඉන්දීය කණ්ඩායම 67-53කින් පරාජය කිරීම නිසා ය.

ශ්‍රී ලංකාව පළමු වටයේ සහභාගී වූ අනෙක් තරගවල දී සිංගප්පූරුව 78-67කින්, සිංගප්පූරු ඒ කණ්ඩායම 143-76කින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය 91-44කින්, මලයාසියාව 92-25කින් පරාජය කළේය. ඔවුන් අවසන් පූර්ව වටයේ දී නැවත වතාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය 68-30කින් පරාජය කළහ.

අනෙක් අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය ඉන්දීය කණ්ඩායම 95-52කින් පරාජය කරන්නේ ය.

අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිසිදු අවස්ථාවක ඉදිරියට පැමිණීමට නවසීලන්ත ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත.  නවසීලන්තය පළමු වටයේ දී 17-06කි ලෙසින් ද දෙවැනි වටයේ දී 21-15ක් ලෙසින් ද තෙවැනි වටයේ දී 19-13ක් ලෙසින් ද සහ අවසන් වටයේ දී 26-14ක් ලෙසින් ද ඉදිරියෙන් සිටියේ ය.

නවසීලන්ත ආසියානු ගෘහස්ථ කුසලාන ක්‍රිකට් තරගාවලිය සහභාගී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම; කෝලිත හපුආරච්චි (නායක), රුමේෂ් පෙරේරා, සල්මාන් ෆාරිස්, තරිඳු මෙන්ඩිස්, මල්ෂාන් රොද්‍රිගෝ, ඇන්ඩි සොලොමන්ස්, හේෂාල් සිල්වා, ෂෙහාන් විජේතුංග, කමල් කුරුප්පු, කනිෂ්ක ජයසුමන, නාලක ද සිල්වා, ගිහාන් ගුණතිලක, ඇන්ජලෝ සැමුවෙල්ස්, තිවංක  දාබරේ

නිලධාරීන්; අසේල පතිරණ (ප්‍රධාන පුහුණුකරු), ඩිල්ශාන් පෙරුමාල් (සහාය පුහුණුකරු), අසිත දේවපුර (කණ්ඩායම් කළමනාකරු), හිරාන් ද මෙල් (ලෝක ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනයේ නියෝජිත)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<