ඩී. එස්. නායකයාට ජාතික වරම්

ආසියානු සත් සාමාජික තරගාවලිය 2022

411

2022 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි අර්ධය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

තහනමකින් පසුව ඔලිම්පික් ධජය යටතේ දෙවැනි අදියර නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගාවලිය අවසන් කළේ සිව්වැන්නා ලෙසයි.

මෙම අදියරේත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ශ්‍රීනාත් සූරියබණ්ඩාරට හිමිව තිබෙනවා.

පෙර අදියර නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ රිචර්ඩ් ධර්මපාල සහ රමේෂ් ප්‍රනාන්දු මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

එම හිස්තැන් සඳහා යුද හමුදා කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩක සුදාරක දික්කුඹුර සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ දිනුප සෙනවිරත්න කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම: ශ්‍රීනාත් සූරියබණ්ඩාර, තරින්ඳ රත්වත්ත, කවිඳු පෙරේරා, නිගෙල් රත්වත්ත, මිතුන් හපුගොඩ, අදීශ වීරතුංග, ආකාශ් මධුශංක, චතුර සෙනවිරත්ත, අංජුල හෙට්ටිආරච්චි, දර්ශන දාබරේ, සුදාරක දික්කුඹුර, දිනුප සෙනවිරත්න.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය චීනය සමඟ පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ තෙවැනි අදියර සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී නොවන නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පමණක් තරගාවලියට සහභාගී වෙයි.

දෙවැනි අදියරේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හයවැන්නා ලෙස අදියර අවසන් කළ අතර තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා නායිකාව නැවත කණ්ඩායමට වාර්තා නො කිරීම විශාල පුවතක් වුනා.

එලෙස අතුරුදහන් වූ දුලානි පැලැකොන්දගේ මේ වන විට කොරියානු පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර ඇය එහි පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

ඇය පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර කාන්තා කණ්ඩායමක් තරගාවලියට සහභාගී නොකරවීමට මුදල් හිඟකම ද බලපා ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සාලිය කුමාර ද සිය ඉල්ලා අස්වීම භාර දී තිබුණා.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි සහ අවසන් අදියර නොවැම්බර් මස 26 සහ 27 යන දෙදින තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<