දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කාලසටහන නිකුත් වෙයි

134

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එළඹෙන දෙසැම්බර් මස 1 සිට නේපාලයේ කත්මන්ඩු හිදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලිය දෙසැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වේ. නේපාලය මෙම තරගාවලියේ සත්කාරකත්වය මීට පෙර 1984 හා 1999 වසරවල දී දරා ඇත. 

SAG යන්න කලින් යෝග්‍යතාව පිරික්සයි

නේපාලයේ කත්මන්ඩු අගනුවර දී පැවැත්වීමට නියමිත 13 ……….

මෙම වසරේ මුල් භාගයේ දී මෙම තරගාවලිය මාර්තු මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද බැංකොක් හි පැවති ඔලිම්පික් කවුන්සලයේ විධායක මණ්ඩලයේ ‍රැස්වීමක දී මෙම තරගාවලිය දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට තීරණය කර තිබුණි. 

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දියාවේ ග්වාහටී හි පැවති අතර ඒ සඳහා ඉන්දියාව. බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, පාකිස්තානය හා ශ්‍රී ලංකාව සහභාගි විය. 

මෙම තරගාවලියේ ඉතිහාසය තුල ඉන්දියාව ‍රන් පදක්කම් 1100ක් දිනා ඇති අතර පාකිස්තානය රන් පදක්කම් 329කට හිමිකම් කියා ඇත. 

මෙවර තරගාවලිය තුල ක්‍රීඩා ඉසව් 30ක් පැවැත්වීමට නියමිත අතර සත්කාරක නේපාලය විසින් ගොල්ෆ් හා කරාතේ ක්‍රීඩා ද මෙවර තරගාවලිය සඳහා ඇතුළත් කර ඇත. වසර 8කට පසුව මෙවර තරගාවලිය සඳහා ක්‍රිකට් ද එක්කර ඇත. 

SAG යන්න කලින් යෝග්‍යතාව පිරික්සයි

නේපාලයේ කත්මන්ඩු අගනුවර දී පැවැත්වීමට නියමිත ………

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සම්පූර්ණ තරග කාලසටහන මෙසේයි. 

  • සමාරම්භක උත්සවය – 01 දෙසැම්බර් 2019
  • සමාප්ති උත්සවය: 10 දෙසැම්බර් 2019
  • දුනු විදීම: 03 දෙසැම්බර් 2019 – 07 දෙසැම්බර් 2019
  • මලල ක්‍රීඩා: 03 දෙසැම්බර් 2019 – 07 දෙසැම්බර් 2019
  • පැසිපන්දු: 05 දෙසැම්බර් 2019 – 10 දෙසැම්බර් 2019
  • 3* පැසිපන්දු: 07 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
  • බැඩ්මින්ටන්: 01 දෙසැම්බර් 2019 – 06 දෙසැම්බර් 2019
  • බොක්සිං: 06 දෙසැම්බර් 2019 – 10 දෙසැම්බර් 2019
  • ක්‍රිකට් (පිරිමි): 02 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
  • ක්‍රිකට් (කාන්තා): 02 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
  • පාපැදි තරග: 03 දෙසැම්බර් 2019 – 07 දෙසැම්බර් 2019
  • කඩු සටන්: 06 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
  • පාපන්දු (පිරිමි): 01 දෙසැම්බර් 2019 – 10 දෙසැම්බර් 2019
  • පාපන්දු (කාන්තා): 03 දෙසැම්බර් 2019 – 10 දෙසැම්බර් 2019
  • ගොල්ෆ්: 2 දෙසැම්බර් 2019 – 6 දෙසැම්බර් 2019
  • අත්පන්දු: 04 දෙසැම්බර් 2019 -0 9 දෙසැම්බර් 2019
  • ජූඩෝ: 07 දෙසැම්බර් 2019 – 10 දෙසැම්බර් 2019
  • කබඩි: 04 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
  • කරාටි: 01 දෙසැම්බර් 2019 – 04 දෙසැම්බර් 2019
  • කෝ- කෝ: 01 දෙසැම්බර් 2019 – 04 දෙසැම්බර් 2019
  • Paragliding: 30 නොවැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
  • පිහිනුම්: 05 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
  • වෙඩි තැබීම: 03 දෙසැම්බර් 2019 – 08 දෙසැම්බර් 2019
  • ස්කොෂ්: 05 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
  • මේසපන්දු: 02 දෙසැම්බර් 2019 – 06 දෙසැම්බර් 2019
  • ටෙනිස්: 01 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
  • ටයිකොන්ඩෝ: 02 දෙසැම්බර් 2019 – 05 දෙසැම්බර් 2019
  • මිශ්‍ර ධාවන: 02 දෙසැම්බර් 2019 – 04 දෙසැම්බර් 2019
  • වොලිබෝල්: 27 නොවැම්බර් 2019 – 03 දෙසැම්බර් 2019
  • වෙරළ වොලිබෝල්: 05 දෙසැම්බර් 2019 – 08 දෙසැම්බර් 2019
  • බර ඉසිලීම: 05 දෙසැම්බර් 2019 – 80 දෙසැම්බර් 2019
  • මල්ලවපොර: 06 දෙසැම්බර් 2019 – 09 දෙසැම්බර් 2019
  • වූෂූ: 29 නොවැම්බර් 2019 – 05 දෙසැම්බර් 2019

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<