Home Sinhala භානුක ඇතුළු සිංහ පැටව් ලාහෝරය හොල්ලයි

භානුක ඇතුළු සිංහ පැටව් ලාහෝරය හොල්ලයි

107

නවක නායකයෙක් සහ තරුණ මුහුණු රැසක් සහිතව පාකිස්තානය බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරයේ ලබා ගත හැකි උපරිමය උකහා ගනිමින් අද (07) විස්සයි විස්ස තරගාවලියෙන් විශිෂ්ට ජයක් තහවුරු කර ගැනීමට සමත් විය. ඒ තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දීයි. 

ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති අද තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබා ගත්තේ ලකුණු 35ක විශාල පරතරයකිනි.

කෝඩුකාර සිංහයෝ අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම හඬවති!

ආරක්ෂාව පිළිබඳ ගැටලු මැද, ප්‍රවීණයින් සියලු දෙනාම පාහේ නොමැතිව….

ශ්‍රී ලංකා නායක දසුන් ශානක අද තම මංගල කාසියේ වාසිය තමන් සතු කර ගත් අතර පළමු තරගයේ දී තමන්ට ආශීර්වාදයක් වූ අයුරින්ම මුලින් පිතිකරණයේ යෙදීමට ඔහු දෙවරක් සිතුවේ නැත. ඒ දෙවැනියට පන්දු යැවූ කණ්ඩායමට පින්නෙන් එතරම් බලපෑමක් ඇති නොවූ බවට අත්දැකීම් ද ඇති බැවිනි.

පළමු තරග ජයග්‍රහණය ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් කිරීමට අද තේරීම් කමිටුව පියවර ගෙන නොතිබූ නමුත් පාකිස්තානය තම සම්පූර්ණ කණ්ඩායම තවත් ශක්තිමත් කිරීමේ අටියෙන් ඉෆ්තිකාර් අහමඩ් සහ ෆහීම් අශ්රාෆ් වෙනුවට ෆකාර් සමාන් සහ වහාබ් රියාස් කණ්ඩායමට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකා ඉනිම අරඹමින් ධනුෂ්ක ගුණතිලක අදත් තම විශ්වසනීය පිතිකරණයට මුල පිරූව ද, ඉමාඩ් වසීම්ගේ පන්දුවක් යන්තමින් පිත්තේ දැවටී කඩුලු රකින්නා අතට ඇදී යාමෙන් ලකුණු 15කට දැවී ගියේය. 

ඔහුගේ සහයක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට තම කඩුල්ල අහිමි වූයේ ශදාබ් කාන් ඉතාමත් අසීරු දුවද්දී දැවී යාමක් සාර්ථක කර ගනිමින් පන්දුව කෙළින්ම කඩුල්ලට යොමු කළ බැවිනි. ඒ වන විට ඔහු ලබා සිටියේ ලකුණු 8ක් පමණි.

යළි ක්‍රියාත්මක වූ පැතුම්ගේ පිත්තෙන් දැවැන්ත ලකුණක්

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර….

මේ අයුරින් ලකුණු 41ට කඩුලු 2ක් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමට නව බලාපොරොත්තුවක් ගෙන එන්නේ භානුක රාජපක්ෂ සහ ශෙහාන් ජයසූරියයි. ඒ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක ශක්තිමත් සබඳතාවයක් ගොඩ නගමිනි. 

වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර වරම් අපේක්ෂාවෙන් සිටි භානුක රාජපක්ෂ අද තම තේරීමට උපරිම සාධාරණයක් ඉටු කළේ තම මංගල අර්ධ ශතකය වාර්තා කර ගනිමිනි. 

විදෙස් විස්තර විචාරකයින්ගේ නොමද ප්‍රශංසාවට ලක්වූ මෙම ඉනිමට පිතිකරුවෙකුගෙන් කලාතුරකින් දකින්නට ලැබෙන මනරම් හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය. සියල්ල අවසානයේ ඔහු දැවී ගියේ පන්දු 48කට පමණක් මුහුණ දෙමින් ලකුණු 77ක් ලබා ගනිමිනි.

මීට අමතරව ශෙහාන් ජයසූරිය කණ්ඩායමට ශක්තියක් වෙමින් පන්දු 28ක දී ලකුණු 34ක් ලබා ගත් අතර ඔහු ක්‍රීඩාගාරයට හැරී ගියේ දුවද්දී දැවී යාමකට හසු වෙමිනි. ඉනිමේ අවසන් කොටසේ දී මිනෝද් භානුකට සහ ඉසුරු උදානට සාර්ථක වීමට නොහැකි වුවද නායක දසුන් ශානක තම සුපුරුදු ප්‍රහාරය දියත් කරමින් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 6කට ලකුණු 182ක් දක්වා ඉදිරියට ගෙන එන්නට සමත් විය. ඒ තමන්ට ලැබුණු පන්දු 15 දී නොදැවී ලකුණු 27ක් රැස් කරමිනි.

පන්දු යැවීමේ දී ඉමාඩ් වසීම්, වහාබ් රියාස් සහ ශදාබ් කාන් කඩුලු 3 බැගින් බිඳ හෙලද්දී ඉතිරි කඩුලු තුනම සටහන් වූයේ දුවද්දී දැවී යාම් ලෙසයි. නවක ක්‍රීඩකයින් රැසක් එක්වර කණ්ඩායමට ක්‍රීඩා කරද්දී මෙවන් සිදුවීම් සුලබ වීම සිදු විය හැකි අතර එය අවම කර ගැනීමට ඔවුන් කණ්ඩායමක් ලෙස දීර්ඝ කාලයක් එකට ක්‍රීඩා කිරීම අවශ්‍ය වේ. කෙසේ වෙතත් අද පාකිස්තානය දුවද්දී දැවී යාම් රැසක් මගහැර ගැනීම ද ශ්‍රී ලංකා පිළේ සාර්ථකත්වයට බලපෑවේය.

ඒ අනුව ඕනෑම ක්‍රීඩාංගණයක ඕනෑම කණ්ඩායමකට එරෙහිව අභියෝගයක් වන ලකුණු 180කට වැඩි ඉලක්කයක් පාකිස්තානුවන්ට ලබා දුන් ශ්‍රී ලංකාවට තරගය ජය ගැනීමේ වැඩි සම්භාවිතාවක් පැවතුණි. එය තව තවත් තහවුරු වූයේ පාකිස්තානු මුල්පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීමට අසමත් වීමත් සමඟයි. 

එහි දී සීමිත පන්දුවාර තරග වල විශේෂඥයින් වන බාබර් අසාම් සහ ෆකාර් සමාන් තනි ඉලක්කමේ ලකුණුවලට දවා ගැනීමට කසුන් රාජිතට සහ නුවන් ප්‍රදීප්ට හැකි විය.

ඉන් අනතුරුව ලකුණු 40ක වේගවත් සබඳතාවයක් ගොඩ නැගීමට සෆ්රාස් සහ අහමඩ් ශෙසාඩ් ක්‍රියා කරද්දී ඊට එරෙහි වන්නේ වනිඳු හසරංගයි. ඒ තමාට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරමින් සිටි අහමඩ් ශෙසාඩ්ව ගුග්ලි පන්දුවක් ආධාරයෙන් දවා ගනිමිනි. ඉන් නොනැවතුනු හසරංග එම පන්දුවාරයේ දී ම උමාර් අක්මාල් සහ සෆ්රාස් අහමඩ් දවා ගන්නේ පාකිස්තානු කණ්ඩායම අන්ත අසරණ කර දමමිනි. 

මේ අතරින් අක්මාල්ගේ දැවී යාම ගැන ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට තබා පන්දු යැවූ වනිඳු හසරංගටවත් වැඩි විශ්වාසයක් නොවූවද කඩුල්ල පිටුපස සිටි මිනෝද් භානුක විනිසුරුගෙන් කඩුල්ල මුවා කළ බවට හුදකලා ඉල්ලීමක් කරමින් එම දැවී යාම තහවුරු කර ගත්තේය.

ඒ අනුව ප්‍රබල පාකිස්තාන පිළේ ලකුණු පුවරුව 52ක් බවට පත් වෙද්දී මුල්පෙළ කඩුලු 5ක්ම ඔවුන්ට අහිමිව තිබූ අතර බොහෝ දෙනෙකු සිතුවේ තරගය ඉක්මනින් අවසන් වනු ඇති බවයි. 

නමුත් පසුපෙළ පිතිකරුවන් ලෙස තම කණ්ඩායම දැවැන්ත අවමානයකින් ගලවා ගත් ඉමාඩ් වසීම් සහ අසීෆ් අලි සයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක වේගවත් සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. ඉමාඩ් වසීම් පන්දු 29කින් ලකුණු 47යි.

හර්ෂිතා සහ සිරිවර්ධන ගඟට ඉනි කපයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම…..

මෙම සබඳතාවය තරගයේ ජය පිළිබඳව ද දෙගිඩියාවක් ඇති කරමින් තිබූ වටපිටාවක පන්දුව අතට ගත් ඉසුරු උදාන කඩුල්ලක් දවා ගන්නේ ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණයේ මිහිර විඳ ගැනීමට ඉඩ හසර විවර කර දෙමිනි. ඉන් අනතුරුව අවසන් කඩුලු කිහිපය ඉක්මනින් බිඳ දැමීමට වේග පන්දු යවන්නන්ට අසීරු නොවීය. ඒ අනුව පාකිස්තානය පන්දුවාර 19ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 147ක් පමණි.

ඒ අනුව පසුගිය කාලය පුරාවට ලොව සියලු කණ්ඩායම්වලට එරෙහිව හොඳින් දක්ෂතා දක්වමින් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ වැජඹෙන පාකිස්තානයට තම මව්බිමේ දී ම දරුණු පරාජයක් අත්කර දෙමින් තරගාවලි ජය තහවුරු කර ගැනීමට මෙම නවක මුහුණු රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. තරගයේ වීරයා ලෙස සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ සම්මාන දිනා ගත්තේය.

Result


Sri Lanka
182/6 (20)

Pakistan
147/10 (19)

Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka c Sarfaraz Ahmed b Imad Wasim 15 10 3 0 150.00
Avishka Fernando run out (Shadab Khan) 8 10 1 0 80.00
Bhanuka Rajapaksha c Fakhar Zaman b Shadab Khan 77 48 4 6 160.42
Shehan Jayasuriya run out (Asif Ali) 34 28 4 0 121.43
Dasun Shanaka not out 27 15 3 1 180.00
Minod Bhanuka run out (Wahab Riaz) 0 1 0 0 0.00
Isuru Udana b Wahab Riaz 8 6 1 0 133.33
Wanindu Hasaranga not out 2 2 0 0 100.00


Extras 11 (b 1 , lb 6 , nb 0, w 4, pen 0)
Total 182/6 (20 Overs, RR: 9.1)
Fall of Wickets 1-16 (2.2) Danushka Gunathilaka, 2-41 (4.6) Avishka Fernando, 3-135 (15.2) Shehan Jayasuriya, 4-142 (16.1) Bhanuka Rajapaksha, 5-145 (16.3) Minod Bhanuka, 6-155 (17.6) Isuru Udana,

Bowling O M R W Econ
Imad Wasim 4 0 27 1 6.75
Mohammad Amir 4 0 40 0 10.00
Wahab Riaz 4 0 31 1 7.75
Shadab Khan 4 0 38 0 9.50
Mohammad Hasnain 4 0 39 0 9.75


Batsmen R B 4s 6s SR
Babar Azam b Nuwan Pradeep 3 10 0 0 30.00
Fakhar Zaman b Kasun Rajitha 6 4 1 0 150.00
Ahmed Shehzad b Wanindu Hasaranga 13 16 0 1 81.25
Sarfaraz Ahmed b Wanindu Hasaranga 26 16 3 1 162.50
Umar Akmal b Wanindu Hasaranga 0 1 0 0 0.00
Asif Ali b Nuwan Pradeep 29 27 3 0 107.41
Imad Wasim lbw b Isuru Udana 47 29 8 0 162.07
Wahab Riaz c Minod Bhanuka b Nuwan Pradeep 7 5 1 0 140.00
Shadab Khan c Dasun Shanaka b Isuru Udana 0 1 0 0 0.00
Mohammad Amir not out 5 3 1 0 166.67
Mohammad Hasnain c Wanindu Hasaranga b Nuwan Pradeep 1 2 0 0 50.00


Extras 10 (b 0 , lb 2 , nb 0, w 8, pen 0)
Total 147/10 (19 Overs, RR: 7.74)
Fall of Wickets 1-9 (2.1) Fakhar Zaman, 2-11 (3.1) Babar Azam, 3-51 (7.3) Ahmed Shehzad, 4-51 (7.4) Umar Akmal, 5-51 (7.6) Sarfaraz Ahmed, 6-127 (15.5) Imad Wasim, 7-136 (16.6) Wahab Riaz, 8-136 (17.1) Shadab Khan, 9-145 (18.3) Asif Ali, 10-147 (18.6) Mohammad Hasnain,

Bowling O M R W Econ
Kasun Rajitha 3 0 11 1 3.67
Nuwan Pradeep 4 0 25 4 6.25
Isuru Udana 4 0 38 2 9.50
Wanindu Hasaranga 4 0 38 3 9.50
Lakshan Sandakan 4 0 33 0 8.25



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<