Home Sinhala හත් වසරකට පසු නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

හත් වසරකට පසු නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

773

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (18) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 6ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි. එම ජයග්‍රහණය ක්‍රිකට් ලොව වාර්තාවන් කිහිපයක්ම අලුත් කිරීමට ද සමත් විය.

දිමුත් හා තිරිමාන්නගේ වාර්තාගත සබඳතාවය නිසා ශ්‍රී ලංකාව ඉදිරියෙන්

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට්…………

ලබා ගත් මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟින් ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ ප්‍රසාද ලකුණු පුවරුවට ලකුණු 60ක් එකතු කරගනිමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. 

පස්වැනි සහ අවසන් දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 133ක් වාර්තා කරගෙන (කරුණාරත්න 71*, තිරිමාන්න 57*) සිටියේ සිය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 135ක් පසුපසින් සිටින ලදි. 

එතැන් සිට ඉතාමත් හොඳ ඉවසිලිවන්ත පිතිකරණයක් දියත් කරමින් ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට තිබෙන ඉලක්කය ක්‍රමයෙන් ළං කිරීමට සමත් වූ අතර සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර ගත් තිරිමාන්න ලකුණු 64කට දැවී ගියේ පළමු කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 161 සුපිරි සබඳතාවය සඳහා තිත තබමිනි. 

එම සබඳතාවය ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවයේ වාර්තාව සම කිරීමට සමත් වූ අතර කරුණාරත්න හා තිරිමාන්න අද දිනයේ දී සම කළේ 1991 වසරේ දී ට්‍රෙවර් ෆ්‍රෑන්ක්ලීන් හා ජෝන් වරයිට් විසින් පිහිටුවා තිබූ වසර 28ක් ඉපැරණි වාර්තාවකි. 

එසේම එම සබඳතාවය සිව්වැනි ඉනිමක දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් මෙතෙක් වාර්තා කර ගත් හොඳම සබඳතාවය ලෙස ද වාර්තා පොත් අලුත් කළ අතර ඊට අමතරව ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් ශතක සබඳතාවයක් ගොඩනැංවූයේ ටෙස්ට් ඉනිම 21කට පසුව වීම ද සුවිශේෂී වේ. 

>>Photos: Sri Lanka vs New Zealand | 1st Test – Day 5<< 

ඉන් අනතුරුව පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් පන්දු 6ක් සඳහා මුහුණ දෙමින් එක් 4 පහරක් හා 6 පහරක් එල්ල කරමින් වේගවත් ලකුණු 10ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළ නමුත් අජාස් පටෙල්ගේ පන්දුවක් හමුවේ ස්වීප් පහරක් එල්ල කළ මෙන්ඩිස් මිඩ් විකට් කලාපයේ රැඳී සිටි ජීට් රවාල් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. 

කරුණාරත්න හා පිටියේ එක්වූ ඇන්ජලෝ මැතිව්ස් තෙවැනි කඩුල්ල සඳහා ද ඉතාමත් සංවර හා ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වාර්තාගත ජයග්‍රහණයේ දිනුම් කණුව වෙත තිබෙන පරතරය තවත් ලකුණු කිහිපයකින් අඩු කරන ලදි. 

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වැනි ශතකය වාර්තා කර ගත් නායක කරුණාරත්න ලකුණු 122 දී පිටියෙන් ඉවත්ව ගියේ ටිම් සවුතිගේ කඩුලු ගොන්නට තවත් කඩුල්ලක් එකතු කරමිනි. ශ්‍රී ලංකා දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කරුණාරත්න පන්දු 243ක් සඳහා මුහුණ දෙමින් 4 පහර 6ක් හා එක් 6 පහරක් එල්ල කරමින් එම ලකුණු ප්‍රමාණය වාර්තා කරගත්තේය. 

>>නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න<< 

කුසල් පෙරේරා හා එක්වූ මැතිව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 32ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවූ අතර 4 පහර 5ක් එල්ල කරමින් පන්දු 19ක දී ලකුණු 23ක් ලබා ගත් කුසල් පෙරේරා බෝල්ට්ගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟ නවසීලන්තය ක්‍රමයෙන් තරගය සඳහා අවතීර්ණ වන බවක් පෙනෙන්නට තිබුණ ද, ඒ වන විටත් ඔවුන් ප්‍රමාද වී තිබුණි. 

කෙසේ නමුත් මැතිව්ස් හා එක්වූ ධනංජය ද සිල්වා පිළිවෙළින් ලකුණු 28*ක් හා ලකුණු 14*ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක සුපිරි ජයක් දක්වා රැගෙන ගියේය. එය වසර 7කට පසුව නවසීලන්තයට එරෙහිව ලබාගත් පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය ලෙස ද ඉතිහාසයට එකතු විය.

ගාලු තණතීරුව මත සිව්වැනි ඉනිම සඳහා කණ්ඩායමක් සිය ජයග්‍රහණය සඳහා හඹා ගොස් තරගය ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ප්‍රමාණය සහිත තරගය ලෙස ද ලෝක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්නට ශ්‍රී ලංකාව සමත් වූයේ, තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගනිමිනි.

පන්දු යැවීමේ දී ටිම් සවුත්, විලියම් සමර්විල්, ට්‍රෙන්ට් බෝල්ට් හා අජාස් පටෙල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. 

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 22 වැනිදා සිට කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වේ.

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

තරගයේ ලකුණු සටහන

Result


Sri Lanka
267/10 (93.2) & 268/4 (86.1)

New Zealand
249/10 (83.2) & 285/10 (106)

Batsmen R B 4s 6s SR
Jeet Raval c Dhananjaya de Silva b Akila Dananjaya 33 83 3 0 39.76
Tom Latham c Niroshan Dickwella b Akila Dananjaya 30 88 3 0 34.09
Kane Williamson c Dimuth Karunaratne b Akila Dananjaya 0 3 0 0 0.00
Ross Taylor c Niroshan Dickwella b Suranga Lakmal 86 132 6 0 65.15
Henry Nicholls lbw b Akila Dananjaya 42 78 2 0 53.85
BJ Watling lbw b Akila Dananjaya 1 5 0 0 20.00
Mitchell Santner lbw b Suranga Lakmal 13 42 1 0 30.95
Tim Southee run out (Dhananjaya de Silva) 14 19 0 1 73.68
William Somerville not out 9 28 1 0 32.14
Trent Boult c Kusal Perera b Suranga Lakmal 18 22 1 1 81.82
Ajaz Patel lbw b Suranga Lakmal 0 0 0 0 0.00


Extras 3 (b 0 , lb 2 , nb 1, w 0, pen 0)
Total 249/10 (83.2 Overs, RR: 2.99)
Fall of Wickets 1-64 (26.3) Tom Latham, 2-64 (26.6) Kane Williamson, 3-71 (30.2) Jeet Raval, 4-171 (58.2) Henry Nicholls, 5-179 (60.2) BJ Watling, 6-205 (69.1) Ross Taylor, 7-216 (73.5) Mitchell Santner, 8-222 (74.6) Tim Southee, 9-249 (83.1) Trent Boult, 10-249 (83.2) Ajaz Patel,

Bowling O M R W Econ
Suranga Lakmal 15.2 5 29 4 1.91
Lahiru Kumara 10 1 37 0 3.70
Akila Dananjaya 30 3 80 5 2.67
Dhananjaya de Silva 6 0 20 0 3.33
Lasith Embuldeniya 22 1 81 0 3.68
Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne st BJ Watling b Ajaz Patel 10 36 1 0 27.78
Dimuth Karunaratne lbw b Ajaz Patel 39 73 4 0 53.42
Kusal Mendis c Ross Taylor b Ajaz Patel 53 89 7 1 59.55
Angelo Mathews c Ross Taylor b Ajaz Patel 50 98 7 1 51.02
Kusal Perera c Mitchell Santner b Trent Boult 1 4 0 0 25.00
Dhananjaya de Silva c & b Ajaz Patel 5 19 1 0 26.32
Niroshan Dickwella c Kane Williamson b William Somerville 61 109 3 0 55.96
Akila Dananjaya c Ross Taylor b William Somerville 0 8 0 0 0.00
Suranga Lakmal b Trent Boult 40 98 3 2 40.82
Lasith Embuldeniya lbw b William Somerville 5 17 1 0 29.41
Lahiru Kumara not out 0 9 0 0 0.00


Extras 3 (b 1 , lb 1 , nb 0, w 1, pen 0)
Total 267/10 (93.2 Overs, RR: 2.86)
Fall of Wickets 1-27 (10.6) Lahiru Thirimanne, 2-66 (22.5) Dimuth Karunaratne, 3-143 (46.5) Kusal Mendis, 4-144 (47.3) Kusal Perera, 5-155 (52.2) Dhananjaya de Silva, 6-158 (54.1) Angelo Mathews, 7-161 (55.5) Akila Dananjaya, 8-242 (84.4) Suranga Lakmal, 9-262 (91.1) Niroshan Dickwella, 10-267 (93.2) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Trent Boult 20 4 45 2 2.25
Tim Southee 7 3 17 0 2.43
William Somerville 22.2 3 83 3 3.74
Ajaz Patel 33 6 89 5 2.70
Mitchell Santner 11 0 31 0 2.82
Batsmen R B 4s 6s SR
Jeet Raval c Dimuth Karunaratne b Dhananjaya de Silva 4 20 0 0 20.00
Tom Latham c Lahiru Thirimanne b Akila Dananjaya 45 81 2 1 55.56
Kane Williamson c Kusal Perera b Lasith Embuldeniya 4 25 0 0 16.00
Ross Taylor c Dhananjaya de Silva b Lasith Embuldeniya 3 5 0 0 60.00
Henry Nicholls c Kusal Mendis b Dhananjaya de Silva 26 71 2 0 36.62
BJ Watling c Niroshan Dickwella b Lahiru Kumara 77 173 6 0 44.51
Mitchell Santner c Suranga Lakmal b Lasith Embuldeniya 12 35 0 0 34.29
Tim Southee st Niroshan Dickwella b Lasith Embuldeniya 23 62 1 0 37.10
William Somerville not out 40 118 2 0 33.90
Trent Boult c Dhananjaya de Silva b Lahiru Kumara 26 25 2 1 104.00
Ajaz Patel lbw b Dhananjaya de Silva 14 23 1 0 60.87


Extras 11 (b 4 , lb 5 , nb 2, w 0, pen 0)
Total 285/10 (106 Overs, RR: 2.69)
Fall of Wickets 1-8 (7.4) Jeet Raval, 2-20 (14.4) Kane Williamson, 3-25 (16.3) Ross Taylor, 4-81 (27.5) Tom Latham, 5-98 (39.2) Henry Nicholls, 6-124 (49.3) Mitchell Santner, 7-178 (69.5) Tim Southee, 8-224 (90.3) BJ Watling, 9-260 (98.2) Trent Boult, 10-285 (105.6) Ajaz Patel,

Bowling O M R W Econ
Suranga Lakmal 15 2 37 0 2.47
Akila Dananjaya 32 4 84 1 2.62
Dhananjaya de Silva 12 3 25 3 2.08
Lasith Embuldeniya 37 4 99 4 2.68
Lahiru Kumara 10 0 31 2 3.10


Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c BJ Watling b Tim Southee 122 243 6 1 50.21
Lahiru Thirimanne lbw b William Somerville 64 163 4 0 39.26
Kusal Mendis c Jeet Raval b Ajaz Patel 10 6 1 1 166.67
Angelo Mathews not out 28 73 2 0 38.36
Kusal Perera c Mitchell Santner b Trent Boult 23 19 5 0 121.05
Dhananjaya de Silva not out 14 13 3 0 107.69


Extras 7 (b 6 , lb 1 , nb 0, w 0, pen 0)
Total 268/4 (86.1 Overs, RR: 3.11)
Fall of Wickets 1-161 (60.2) Lahiru Thirimanne, 2-174 (61.5) Kusal Mendis, 3-218 (76.1) Dimuth Karunaratne, 4-250 (82.2) Kusal Perera,

Bowling O M R W Econ
Trent Boult 9.1 1 34 1 3.74
Tim Southee 12 2 33 1 2.75
William Somerville 31 6 73 1 2.35
Ajaz Patel 18 0 74 1 4.11
Mitchell Santner 13 2 38 0 2.92
Kane Williamson 3 0 9 0 3.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<