ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරුගේ සොහොයුරා ඇෆ්ගනිස්තානයට

2781

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු වන Grant Flower මහතාගේ වැඩිමහල් සොහොයුරා වන Andy Flower මහතා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් ලෙස පත් කර තිබෙනවා. ඒ එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙනයි.

2009 -2014 කාලය අතරතුර Andy Flower එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය තුල ද කටයුතු කළ අතර 2010 වසරේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ද එංගලන්ත කණ්ඩායමයි.

එසේම අළුබඳුන ක්‍රිකට් තරගාවලි තුනක් ද ඒ කාලසාමය තුල එංගලන්තය ජයග්‍රහණ කළ අතර එකල ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වුනේ ද එංගලන්තයයි.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Shaun Tait කටයුතු කරන අතර Lance Klusener ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

දැනට වයස අවුරුදු 53ක් වන Andy Flower සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 63ක් සහ එක්දින තරග 213කට ක්‍රීඩා කර තිබෙන අතර ඔහු ලොව පුරා පැවැත්වෙන ක්‍රිකට් ලීග (IPL, CPL, PSL, T10, The Hundred) කිහිපයක කණ්ඩායම් පුහුණු උපදේශකවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී සහභාගී වන පළමු තරග ඔක්තෝබර් මස 25 වැනිදා Sharjah හිදී පැවැත්වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<