රිච්මන්ඩ් හා සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම ජය ගනී

205

වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (20) අවසන් වූ අතර, රිච්මන්ඩ් විද්‍යාලයට හා සාන්ත තෝමස් විද්‍යාලයට හැරෙන්නට අනෙකුත් කණ්ඩායම්වලට ජයග්‍රහණයක පහස විඳිගන්නට අයහපත් කාලගුණික තත්වය නිසා අවසර ලැබුණේ නැත.

නාලන්දාව අවදානමක; සාන්ත තෝමස් පිතිකරණය විශිෂ්ටයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් අද දින (17) සාර්ථකව නිමාව දුටුවේය. නාලන්දා විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය C කාණ්ඩය…

නාලන්ද විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

මග්ගොන ඇරඹි C කාණ්ඩයේ තරගයක් වන මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට හැකි විය.

දෙවන දිනය ආරම්භ කරන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි රිච්මන්ඩ් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 39ක් ලබාගෙන සිටින ලදි. රිච්මන්ඩ් විද්‍යාලයේ අකාශ් කාවින්ද ලකුණු 28ක් ලබාගෙන ඔවුන්ට පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සවියක් විය.

තරගයේ අවසන් දිනය තුල ද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, නාලන්ද විද්‍යාලය සිය දෙවන ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 33ක් ලබාගෙන සිටිය දී තරගයේ නිමාව සනිටුහන් විය. දිළුම් සුධිර කඩුලු 3යි.

නාලන්ද විද්‍යාලය පළමු ඉනිම – 83/10 (35.4): සුරංග විජේවර්ධන 25, අවිශ්ක පෙරේරා 20, සඳුන් මෙන්ඩිස් 4/18, දිළුම් සුධීර 4/23.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම  – 85/5 dec (24.3): අකාශ් කාවින්ද 28, රවීන් ද සිල්වා 2/28

නාලන්ද විද්‍යාලය දෙවන ඉනිම – 33/4 (14.3): දිළුම් සුධීර 3/17.


සාන්ත තෝමස් විද්‍යාලය හා ද මැසනොඩ් විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දුන් මෙම තරගය D කාණ්ඩයේ තරගයක් ලෙස කඳාන ද මැසනොඩ් විද්‍යාලයීය පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

මැසනොඩ් විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට, එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් ලබාගෙන සිටි අතර ඔවුන් සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 200ක් පසුපසින් සිටියේය. නිකිල ගීත් වැදගත් ලකුණු 41ක් ලබාගෙන ද මැසනොඩ් පළමු ඉනිම ලකුණු 123ක් දක්වා රැගෙන ආව ද, එය පළමු ඉනිමේ ජයක් බවට හරවා ගැනීමට ඔවුන් අපොහොසත් විය. ශැනොන් ප්‍රනාන්දු හා පවිත් රත්නායක කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

තරගය අවසානයේ පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි මැසනොඩ් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 115ක් ලබාගෙන සිටින ලදි. එහි දී දකුණතින් පිත්ත හසුරුවන නඳුන් ඩිල්ශාන් නොදැවී ලකුණු 56ක් රැස්කර ගත්තේය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 238/10 (73.2): දුලිත් ගුණරත්න 58, ඩිලෝන් පීරිස් 45, ශනිල් ද මෙල් 39, සාලිය ජූඩ් 6/69, රොමාල් ප්‍රනාන්දු 2/39.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉනිම – 124/10 (55): නිකිල ගීත් 41, ශැනොන් ප්‍රනාන්දු 3/33, පවිත් රත්නායක 3/38, ඩිලෝන් පීරිස් 2/13

ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉනිම  (F/O) – 115/5 (35): නඳුන් ඩිල්ශාන් 56, ශැනොන් ප්‍රනාන්දු 3/14.

අසිත ප්‍රනාන්දුගෙන් මානුෂීය සත්කාරයක්

ශ්‍රී ලංකා A කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආධුනික පන්දු යවන්නෙක් හට සිය පාවහන් යුගල පරිත්‍යාගය කර තිබේ. සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්…


සාන්ත පීතර විද්‍යාලය  හා ත්‍රිත්ව විද්‍යාලය

ත්‍රිත්ව විද්‍යාලයේ හසින්ත ජයසූරියගේ  ශතකය සමඟින් හැඩවුණු මෙම තරගය ජය පරාජයෙන් තොරව සාන්ත පීතර පිටියේ දී ඊයේ අවසන් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ප්‍රතිවාදී ත්‍රිත්ව විද්‍යාලය පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කළ අතර, හසින්ත ජයසූරිය වර්ණවත් පිතිහරඹයක් දියත් කරමින් අගනා ලකුණු 101ක් සාන්ත පීතර පන්දු යවන්නන්ගෙන් උඳුරා ගත්තේය. පුබුදු බණ්ඩාර ලකුණු 28යි. අවසානයේ ත්‍රිත්ව පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ අතර, ඒ වන විට ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 192ක් ලබාගෙන සිටියේය. සචින් සිල්වා හා මොහොමඩ් අමීන් කඩුලු 3 බැගින් දවාලන ලදි.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත පීතර විද්‍යාලය තරගය අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 55ක් ලබාගත් අතර, එහි දී සන්තුෂ් ගුණතිලක හා භානුක සිල්වා නොදැවී ලකුණු 36*ක් හා 17*ක් ලබාගන්නා ලදි.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 192/9 dec (68.2): හසින්ත ජයසූරිය 101, පුබුදු බණ්ඩාර 28, චානුක කුමාරසිංහ 26, සචින් සිල්වා 3/44, මොහොමඩ් අමීන් 3/70.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – කිසිවෙකු නොදැවී 55 (13): සන්තුෂ් ගුණතිලක 36*, භානුක සිල්වා 17*.


ධර්මාශෝක විද්‍යාලය හා මහින්ද විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාලයට කාසියේ වාසිය හිමි වූ මෙම තරගය මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී ඊයේ (20) ජය පරාජයෙන් තොරව අවසන් විය. පළමු දිනය සඳහා තරගය අවසන් කරන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහින්ද විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 34ක් ලබාගෙන සිටින ලදි.

මෙම තරගය දෙවන දිනය සඳහා ආරම්භ වීමට යම් ප්‍රමාදයක් සිදු වූයේ, ක්‍රීඩා පිටිය තෙතබරිත ස්වභාවයක් ඉසිලූ නිසාවෙනි. එසේම තරගයට විටින් විට වර්ෂාවෙන් ද බාධා එල්ල විය. තරගය අවසානයේ හංසික වැලිහිඳ මහින්ද විද්‍යාලයේ දෙවන ඉනිමට ලකුණු 31ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 75ක් දක්වා ඔසවා තැබීය. දිනුක ඩිල්ශාන් කඩුලු 2යි.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – 145/10 (48.3): සචින් සංගීත් 47, නිමේෂ් මෙන්ඩිස් 39, කවිඳු එදිරිවීර 6/57.

මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 75/4 (31.2): හංසික වැලිහිඳ 31, දිනුක ඩිල්ශාන් 2/11

මලික් – අසාම් ශතක සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට තවත් පරාජයක්!

සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවට සුබ ඵල ගෙන දෙන බවට සැලකෙන සුප්‍රසිද්ධ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (20) ශ්‍රී ලංකාවට උරුම වූයේ ඉතාමත් දරුණු පරාජයකි. ඒ අනුව තරග 5කින්…

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය

පේරාදෙණිය විශ්ව විද්‍යාල පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 71ක් ලබා ගැනීමට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට හැකි විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ කිංග්ස්වුඩ් ඇරයුමින් පිටියට පිවිසුණු සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් ජනකාන්ත රාජසිංහ ලකුණු 22ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී ලක්ෂාන් ද සිල්වා කඩුලු 3ක් දවාලූ අතර, අවසානයේ සාන්ත සිල්වෙස්ටර් පළමු ඉනිම ලකුණු 105කට සීමා විය.

පිළිතුරු ඉනිම දියත් කළ කිංග්ස්වුඩ් විද්‍යාලයට තරගය අවසානයේ කඩුලු 4ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 29ක් පමණි. පන්දු යැවීමේ දී නිම්සර අත්තනගල්ල කඩුලු 3ක් ඩැහැගන්නා ලදි.  විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගය ද අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 105/10 (57.2): ජනකාන්ත රාජසිංහ 22, ලක්ෂාන් ද සිල්වා 3/26, හශාන් වික්‍රමසිංහ 2/08.

කිංග්ස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම – 29/4 (13.1): නිම්සර අත්තනගල්ල 3/14.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න