නෙදර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසියේ විශ්‍රාම ගනියි

1907

29 හැවිරිදි නෙදර්ලන්ත පිතිකරු Ben Cooper ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. “අද මම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නවා.” Cooper, twitter ඔස්සේ සටහනක් තබමින් පවසා තිබුනා.

“නෙදර්ලන්තය වෙනුවෙන් පසුගිය වසර අට ක්‍රීඩා කරන්නට ලැබීම මට ගෞරවයක් මෙන්ම වාසනාවක්.”

“මේ කාලය ඉතාම විශේෂ මතයකයන්ගෙන් වගේම සිත් බිඳුනු සිදුවීම් වලින් ද පිරුනු කාලයක්. මම එහි කිසිම දෙයක් වෙනස් වෙනවාට කැමති නැහැ. මම පසුගිය කාලය දිහා බලන්නේ ඉතා ආදරයෙන්.”

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

“මගේ නෙදර්ලන්ත සගයින්ට හා පුහුණුකරුවන්ට මම ස්තුති කරනවා මට ලබා දුන් විශේෂ මතකයන් වලට. ක්‍රිකට් ක්‍රීඩා කරන්නට මේ ලෝකේ ඔවුන්ට වඩා හොඳ සගයින් මට හමුවන්නේ නැහැ. මට හොඳටම විශ්වාසයි වත්මන් කණ්ඩායමේ දක්ෂතා වැඩි දියුණු වෙලා නෙදර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලොකු දේවල් කරන්නට ඔවුන්ට හැකි වෙයි කියලා.”

Cooper නෙදර්ලන්තය වෙනුවෙන් සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරන්නේ 2013 වසරේ දීයි. ඔහු එංගලන්තය වෙනුවෙන් සීමිත පන්දුවාර තරග 71ක් ක්‍රීඩා කර තිබෙන්නේ ලකුණු 1426ක් රැස් කරමිනුයි. ඔහු විශ්‍රාම යන විට නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු ලාභියාගේ වාර්තාව ද තමන් සතු කරගෙන තිබුනා. ඒ 28.15ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 1239ක් රැස් කරමිනුයි. Cooperට පෙර සුපිරි නෙදර්ලන්ත විස්සයි විස්ස ක්‍රීඩකයෙකු වන Ryan Tendoeschate ද ක්‍රිකට් පිටියට සමු දුන්නා.

espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<