පාසල් ලීග් රග්බි තරගාවලියට කාන්තා කණ්ඩායම් අටක්

181

ශ්‍රී ලංකාවේ කාන්තා රග්බි ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට සමාන්තරව කාන්තා ලීග් රග්බි තරගාවලියක් සංවිධානය කිරීමට සූදානම්ව සිටියි.

කොරියාව හමුවේ යොවුන් ඇතුන් කබලෙන් ලිපට වැටේ

බස්නාහිර පළාත හා මධ්‍යම පළාතට සීමා නොවී දිවයින පුරා කණ්ඩායම්වල එකතුවෙන් නොහොත් මෙවර පාසල් අටක සහභාගිත්වයෙන් පැවැත්වෙන බව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කර සිටියේය.

“කණ්ඩායම් අටක් මෙම තරගාවලියට සූදානම්, කොළඹින් කණ්ඩායම් තුනක් හා නුගවෙල මධ්‍ය විද්‍යාලය හා කුලියාපිටියට මධ්‍ය විද්‍යාලය ඒ අතර ඉන්නවා.”

පළමු වටය ලීග් ආකාරයට ක්‍රියාත්මක වන තරගාවලිය දෙවන වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ආකාරයට සංවිධානය වනු ඇත.

ශ්‍රී ලංකාවේ කාන්තා පාසල් රග්බි කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු තරගාවලිය මෙය වීම ද විශේෂත්වයක්.

වර්තමානයේ ජාතික තලයේ කාන්තා රග්බි ක්‍රියාත්මක වන්නේ සත් සාමාජික ආකෘතියෙන් පමණක් වන අතර ආරක්ෂක සේවා කණ්ඩායම්වලට පමණක් 15 දෙනාගේ කණ්ඩායම් සිටියි.

මේ වැඩසටහන හා තරගාවලියෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය බලාපොරොත්තු වන්නේ දක්ෂ ක්‍රීඩිකාවන් ජාතික වර්ණ දක්වා රැගෙන ඒමයි.

හැව්ලොක් ක්‍රීඩකයින්ට කන්ද උඩරටින් හොඳ සත්කාරයක්

ඊට අමතරව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය තරගාවලියට සහභාගී වන පාසල් අටට රග්බි ක්‍රීඩාවට අවශ්‍ය උපාංග ලබා දීමට ද සූදානමින් පසුවේ.

“අපි සූදානම් වෙලා ඉන්නවා කාන්තා රග්බි තරගාවලියට හා අනෙක් කාන්තා රග්බි පාසල් ක්‍රීඩා කරන පාසල්වලට රග්බි පන්දු හා අනෙක් උපාංග ලබා දෙන්න, එය රටේ ක්‍රීඩාව වැඩි දියුණු කරන්න උදව් කරාවි“ චන්ද්‍රසේකර මහතා අදහස් දැක්විය.

පාසල් රග්බි තරගාවලියේ 2019 අදියර 2019 මාර්තු 1 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<