යුද හමුදාව සහ මීගමුව යූත් එෆ්. ඒ කුසලානයේ ඉදිරියටම

488
Negombo Youth & Army

එෆ්. ඒ. කුසලාන තරග මාලාවට අදාලව අවසන් කණ්ඩායම් 32 අතර පැවති තරග දෙකකින් මීගමුව යූත් කණ්ඩායම ගෝල 6-0ක් ලෙස ජෙට් ලයිනර්ස් ක්‍රීඩා සමාජය ද, යුද හමුදා ක්‍රීඩා සමාජය ගෝල 20-00ක් ලෙස ඊස්වරන් ක්‍රීඩා සමාජය ද පරාජය කිරීමට සමත් විය.

ලියෝ සමාජය පරදා බ්ලු ස්ටාර් ජය පැන් බොති

එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් 32 සිව්වැනි වටයට අදාලව පැවති තරගයකින් බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය විසින් 3-0 ක් ලෙස…

මීගමුව යූත් සහ ජෙට් ලයිනර්ස්

මෙම තරගය ආරම්භයේ සිට පළමු අර්ධය නිමා වන තුරුම මීගමුව යූත් කණ්ඩායමෙන් එතරම් කලබලකාරීභාවයක් දැක ගත නොහැකි විය. එනමුත්, පළමු අර්ධය අවසානයේ දී එක් ගෝලයක් වාර්තා කර තිබූ මීගමුව යූත් ක්‍රීඩකයින් දෙවන අර්ධය තුල තවත් ගෝල 5ක් වාර්තා කළේ පළමු අර්ධයේ දී තමුන් ක්‍රීඩා කළ සන්සුන් ක්‍රීඩා විලාශයට තමාටම දොස් පවරා ගනිමින් විය හැකියි. මෙම තරගය කැලණිය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය.

මීගමුව යූත් කණ්ඩායමේ ක්‍රීඩකයින් මනාව අදහස් හුවමාරු කරගනිමින් සහ පන්දුව ඉතා හොඳින් පාලනය කරමින් ක්‍රීඩා කළ අතර, ඒ නිසාවෙන්ම ජෙට් ලයිනර්ස් කණ්ඩායමේ බාධාවන් ඔවුන්ට පහසුවෙන්ම බිඳ දැමිය හැකිවිය.

ජෙට් ලයිනර්ස් කණ්ඩායම තම ප්‍රථම ගෝලය වාර්තා කිරීමට උත්සහ කළ ද, එය මීගමුව යූත් ඉදිරියේ ලෙහෙසියෙන් කළ හැක්කක් නොවීය. තරගයේ 24 වන මිනිත්තුවේ දී මීගමුව යූත් කණ්ඩායමේ හරින්ද්‍ර පීරිස් තරගයේ වාර්තා වූ ප්‍රථම ගෝලය සිය නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් විය.

පළමු අර්ධය : මීගමුව යූත් 1-0 ජෙට් ලයිනර්ස්

දෙවන අර්ධයේ දී ද ජෙට් ලයිනර්ස් කණ්ඩායමට ලකුණු රැස්කිරීමට තිබූ අවස්ථාවන් කිහිපයක්ම ඉතා අවාසනාවන්ත ලෙස මග හැරී ගියේ සරදමකින් මෙනි. එසේ වුවද දිනයේ වාසිය පැහැදිලිවම මීගමුව යූත් සතු බව ඉක්මනින්ම පසක් විය. දෙවන අර්ධය ආරම්භ වී 7 වැනි මිනිත්තුවේ දී ම සිය දෙවැනි ගෝලය ද වාර්තා කිරීමට හරින්ද්‍ර සමත් විය.

ඉන් අනතුරුව ප්‍රියංකර සිල්වා ද 65 වන මිනිත්තුවේ දී මීගමුව යූත් වෙනුවෙන් තෙවන ගෝලය වාර්තා කළ අතර, ඊළඟ මිනිත්තුවේ දී යලිත් ක්‍රියාත්මක වූ හරින්ද්‍ර පීරිස් සිය තෙවන ගෝලය වාර්තා කරමින් තමාගේන් කණ්ඩායමට විය යුතු සේවය නොපිරිහෙලා ඉටු කරන ලදි.

ප්‍රතිවාදී කණ්ඩායමේ දක්ෂ මැදපෙළ ක්‍රීඩකයෙක් වන බ්‍රයන් විරප්පුලි මෙම තරගය සදහා ක්‍රීඩා නොකළ අතර, එය ද ඔවුන්ට අවාසිදායක විය. සම්පත් පතිරණ ඉතා අවේගශීලි ලෙස ක්‍රීඩා කළ ආකාරය නිසාවෙන් විනිසුරුවරයා ද කෝපයට පත්වූ අයුරු දැකිය හැකි විය. පතිරණගේ එම ක්‍රීඩා විලාශය පැහැදිලිවම නිෂ්ඵල ක්‍රියාවක් බව තරගය නැරඹීමට පැමිණි ඕනෑම අයෙකුට වැටහිණි.

ජෙට් ලයිනර්ස් වෙනුවෙන් ඉතා හොඳින් ක්‍රීඩා කළ කුමාර පෙරේරා සිය කණ්ඩායම වෙනුවෙන් ගෝල සහ නිදහස් පහරවල් මගින් ලකුණු රැස් කිරීමට අවස්ථා කීපයකදීම ඉතා හොඳින් උත්සහ කළ ද, ප්‍රතිවාදීන්ගේ ප්‍රබල ආරක්ෂාව සහ ගෝල රකින්නාගේ දක්ෂතාවය නිසා එම සියලු අවස්ථාවන් ගිලිහි ගියේය.

තරගය නිමා වීමට තවත් මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී මීගමුව යූත් වෙනුවෙන් තවත් අගනා ගෝල දෙකක් වාර්තා කිරීමට ප්‍රදීප් ප්‍රනාන්දු සහ ඉන්දික සුරංග සමත් වූහ.

සම්පුර්ණ කාලය: මීගමුව යූත් 6-0 ජෙට් ලයිනර්ස්

ThePapare.com තරගයේ වීරයා – හරින්ද්‍ර පීරිස්

ගෝල ලබා ගත් ක්‍රීඩකයන්

මීගමුව යූත් – හරින්ද්‍ර පීරිස් 24’,52’,සහ 66’, ප්‍රියංකර සිල්වා 65’, ප්‍රදීප් ප්‍රනාන්දු 82’, ඉන්දික සුරංග 86’


ඊස්වරන් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

එෆ්. ඒ. කුසලාන තරගමාලාවට අදාලව තවත් තරගයක් ඊස්වරන් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුය. එම තරගයෙන් යුධ හමුදා ක්‍රීඩා සමාජය 20-00ක් ලෙස ඊසවරන් ක්‍රීඩා සමාජය පරාජය කරමින් විශිෂ්ට ජයක් ලබා ගන්නා ලදි.

යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් සජිත් කුමාර ගෝල 8ක්, මොහොමඩ් ඉසදීන් ගෝල ගෝල 5ක්, බණ්ඩාර වරකාගොඩ, අසිකුර් රහුමාන්, බණ්ඩාර, මොහොමඩ් රිම්සාන්, සුචිර අනුරුද්ධ සහ පුන්සර තිනුර ගෝල වාර්තා කරන ලදි.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට