ලියෝ සමාජය පරදා බ්ලු ස්ටාර් ජය පැන් බොති

888
Blue Star v Leo FA Cup

එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් 32 සිව්වැනි වටයට අදාලව පැවති තරගයකින් බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය විසින් 3-0 ක් ලෙස ලියෝ ක්‍රීඩා සමාජය පරාජය කිරීමට සමත්විය. මෙම තරගය කළුතර වර්නන් ෆර්නැන්ඩු ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

සෙරන්ඩිබ් පරදා සුපර් සන් කුසලානයට ලං වෙයි

එෆ්. ඒ. කුසලාන පාපන්දු තරග මාලාවේ අවසන් 32 අතර පැවති සිව්වන වටයේ තරගයෙන් සුපර් සන් ක්‍රීඩා සමාජය ගෝල 2-1 ක් ලෙස සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජය වාර්තා කිරීමට සමත්විය.

තරගාවලියේ තෙවන වටයට අදාලව පැවති තරග වලදී බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය විසින් ගෝල 3-0ක් ලෙස රිනවුන් ක්‍රීඩා සමාජය පරාජය කළ අතර, ලියෝ ක්‍රීඩා සමාජය තිහාරිය යූත් කණ්ඩායම ගෝල 2-0 ක් ලෙස පරාජය කරමින් සිව්වන වටයට පිවිසියේය.

තරගය අවසන් වනතුරුම බ්ලු ස්ටාර් ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කරමින් ප්‍රතිවාදීන්ට සාර්ථක අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. එනමුත් බ්ලු ස්ටාර් ක්‍රීඩකයින් සිය ගෝල 3 වාර්තා කරන තුරුම බ්ලු ස්ටාර් ක්‍රීඩාලෝලීන් බලා සිටියේ තරමක අවිශ්වාසයකින් සහ වෙහෙසට පත් වූ විලාශයකිනි. එනමුත් සිය කණ්ඩායම ගෝල වාර්තා කිරීමත් සමඟ ක්‍රීඩාලෝලීන්ගේ උද්යෝගය ද ක්‍රමයෙන් වැඩි වනු දැක ගත හැකි විය. බ්ලු ස්ටාර් කණ්ඩායමේ බාසිත් අමීර්, මොහොමඩ් මසීර් සහ මොහොමඩ් රිසාන් යන තරුණ ක්‍රීඩකයින් අතින් සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කර ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම මග හැරී යනු දක්නට ලැබුණි.

බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය මෙම තරගය සඳහා සහභාගි වූයේ ඔවුන්ගේ පළපුරුදු ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම නොමැතිවයි. ප්‍රතිවාදී කණ්ඩායමට ඉන් උපරිම ප්‍රයෝජන ලබාගෙන තරගයේ වාසිය සිය කණ්ඩායම වෙත ලබා ගැනීමට හැකියාවක් තිබුණ ද ඔවුන් වෙතින් එවැන්නක් දැක ගත නොහැකි විය. තාරක සිල්වා සහ සංජිව සිමන් සිය කණ්ඩායම වෙනුවෙන් ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ලකුණු රැස් කරගැනීමට ඉතා හොඳ අවස්ථාවන් නිර්මාණය කළ ද ඒවායින් නිසි ප්‍රයෝජන ලබා නොගැනීම නිසා ඔවුන්ගේ උත්සාහය ගඟට කැපූ ඉනි මෙන් විය.

බ්ලු ස්ටාර් ක්‍රීඩකයින්ට ලකුණු රැස්කිරීමට තිබූ අවස්ථාවන් කිහිපයක්ම මග හැරී ගිය නිසාවෙන් ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් තරමක් නොසන්සුන්භාවයකට පත්ව සිටිනු දක්නට ලැබුණු අතර, බසිත් අමීර් විසින් පළමු ගෝලය වාර්තා කිරීමත් සමඟ යලි ප්‍රේක්ෂක උද්යෝගය වැඩි විය.

එසේ වුවද ඔවුන්ට රිසි සේ ගෝල ලබා ගැනීමට ලියෝ ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත. ලියෝ ක්‍රීඩකයින් ද ඉතා දක්ෂ ලෙස බ්ලු ස්ටාර් කණ්ඩායමේ උත්සාහයන් වළක්වමින් ප්‍රතිවාදීන්ට ඉතා හොඳ සටනක් ලබා දෙනු දක්නට ලැබුණි.

තරගයේ පළමු අර්ධය අවසන් වනවාත් සමඟම කලහකාරී ලෙස හැසිරුණ ලියෝ ක්‍රීඩා සමාජයේ දැල් රකින ක්‍රීඩක හලීම් ඉසාක්ට විනිසුරු අසිත තරංග විසින් දඬුවම් ලෙස රතු කාඩ්පත නිකුත් කරන ලදී. කෙසේ නමුත් එය බොහෝ දෙනුකුගේ මතභේදයට තුඩුදුන් තීරණයක් බවට පත්විය.

දෙවන අර්ධය නිමා වීමට මොහොතකට පෙර මොහොමඩ් ඉර්ෂාන් බ්ලු ස්ටාර් කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය ද සාර්ථකව ලබා ගන්නා ලදී.

පළමු අර්ධය: බ්ලු ස්ටාර් 2-0 ලියෝ

තරගයේ දෙවන භාගයේ දී බ්ලු ස්ටාර් කණ්ඩායම තමා සතු සියලු තුරුම්පු ක්‍රියාත්මක කරමින් යලිත් තරගයට අවතීර්ණ වෙතැයි ලියෝ ක්‍රීඩකයින් බලාපොරොත්තු වුවද එවන් ආක්‍රමණයක් දැකගත නොහැකි විය. එනමුත් ඔවුන්ගේ පන්දු යොමු කිරීමේ දී, විශේෂයෙන්ම කෙටි පන්දු යොමු කිරීමේ දී පෙරට වඩා විශාල දියුණුවක් දැකගත හැකි විය.

ලියෝ ක්‍රීඩා සමාජයට යලිත් තම දැල් රකින්නා මාරු කිරීමට සිදුවිය. ඒ මීට පෙර මාරු කළ දැල් රකින ක්‍රීඩකයා ආබාධයකට ලක්වීම නිසාවෙනි. පළමු අර්ධය හා සසඳා බැලීමේ දී ඔවුන්ගේ ආරක්ෂාව එතරම් හොඳ මට්ටමක නොතිබූ බව තරගය නැරඹූ ඕනෑම අයෙකුට පෙනුණි.

පිටියේ මැද ආරක්ෂාවට සිටි ක්‍රීඩකයාගෙන් මිදී ෆාහිර් අලි විසින් ඉතා දක්ෂ ලෙස රැගෙන ආ පන්දුව, ආදේශක ක්‍රීඩක මොහොමඩ් ශාලන් 78 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් බවට පරිවර්තනය කරන ලදී. තරගය නිමා වන විට එම ගෝලයත් සමඟින් බ්ලු ස්ටාර් කණ්ඩායම ගෝල 3ක් රැස්කිරීමට සමත්වී තිබුණි.

සම්පුර්ණ කාලය : බ්ලු ස්ටාර් 3-0 ලියෝ

ThePapare.com තරගයේ වීරයා – තාරක සිල්වා

ලියෝ ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු නිහාල් ප්‍රනාන්දු තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් –

“ශ්‍රී ලංකාවේ දක්ෂතම කණ්ඩායමක් සමඟ අප ඉතා හොඳින් තරග කළා. අපි ඉතා කුඩා ක්‍රීඩා සමාජයක්. එමනිසා මෙවන් කණ්ඩායමක් සමඟ මෙලෙස සාර්ථකව තරංග කිරීමේ ගෞරවය අපට අනිවාර්යෙන්ම හිමිවෙනවා. අප මිට පෙර තරගයේ දී වෙනත් ශූරතා කුසලානයක් දිනූ කණ්ඩායමක් වන තිහාරිය යූත් කණ්ඩායම පරාජය කළා. විනිසුරුවන්ගේ තත්වය නම් ඉතාමත් පහළ මට්ටමක තිබුනේ. පැහැදිලිවම එය කහ කාඩ් පතක් නිකුත් කිරීමට තිබු අවස්ථාවක්. මොහු මිට පෙරත් නම සඳහන් කළ නොහැකි ස්ථානයක දී අපි කුඩා කණ්ඩායමක්, ඒ නිසා කට වහගෙන සද්ද නැතිව සෙල්ලම් කළ යුතු බව ප්‍රකාශ කර තිබුනා.”

බ්ලු ස්ටාර් ප්‍රධාන පුහුණුකරු චන්ද්‍රදාස කරුණාරත්න මහතා දැක්වුයේ මෙවන් අදහසක් –

“ අද අපේ හොඳම ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම ක්‍රීඩා කළේ නැහැ. අපි සෙල්ලම් කළ විදිය ගැන ඇත්තටම සතුටු වෙන්න බැහැ.  එෆ්. ඒ. කුසලානය කියන්නේ සුවිසල් තරගාවලියක්. ඒ නිසාම හොඳ විනිසුරුවන් අවශ්‍යයි. රතු කාඩ් පතක් නිකුත් කිරීම ගැන එතරම් හිතන්න හොඳ නැහැ.”

ගෝල වාර්තා කළ ක්‍රීඩකයින් –

බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය – බාසිත් අමීර් 18’, මොහොමඩ් ඉර්ෂාන් 45’, මොහොමඩ් ශර්ලන් 78’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න පාපන්දු ක්‍රීඩා පිටුවට