IPL අවසන් මහ තරගයේ වෙනසක්

769

2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සංවිධායකයන් තීරණය කර ඇත. අවසන් තරගය මැයි මස 12 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය හා ආරම්භක තරගය පැවැත්වීම පසුගිය වසරේ තරගාවලිය ජයග්‍රහණය කළ කණ්ඩායමේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම සාමාන්‍ය ක්‍රියාවලිය වන අතර ඒ අනුව මෙවර අවසන් මහා තරගය පැවැත්වීම චෙන්නායිහි එම් ඒ චිදම්බරම් ක්‍රීඩාංගණයට පැවරී තිබිණි.

පාකිස්තාන ක්‍රීඩකයෙකු ලෝක කුසලානය අස්සේ අසනීප වෙයි

පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන්ට එළඹෙන එංගලන්ත තරග …

නමුත් චිදම්බරම් ක්‍රීඩාංගණයේ වසා ඇති ප්‍රේක්ෂකාගාර 3 විවෘත කිරීමට පාලනාධිකාරිය අපොහොසත් වීම නිසා අවසන් මහා තරගය පැවැත්වීමේ අවස්ථාව එම ක්‍රීඩාංගණයට අහිමි වී ඇත.

අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරගය මැයි මස 7 වැනිදා චෙන්නායි හිදී පැවැත්වීමට නියමිත අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක තුල රැඳී සිටියහොත් ඔවුන්ට සුදුසුකම් ලැබීමේ තරගය චෙන්නායි හිදී ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

සුදුසුකම් ලැබීමේ දෙවන තරගය මැයි 8 වැනිදා විශාකපට්නම් හිදී පැවැත්වීමට නියමිතය. එම තරගයට පසුව පිළිමළුන් පිටුදැකීමේ තරගය ද මැයි 10 වැනි දින එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනු ඇත.

පරිපාලන කමිටුව වෙනුවෙන් අදහස් දැක්වූ විනෝද් රායි, “අපිට තරගය පවත්වන තැන වෙනස් කරන්න සිද්ධ උනා හයිද්‍රාබාද්වලට. TNCA විසින් කළ දැනුම්දීමට අනුව චෙන්නායි ක්‍රීඩාංගණය I, J හා K ප්‍රේක්ෂකාගාර තුන විවෘත කිරීමට අවශ්‍ය අවසර ලබාගෙන නෑ.” ලෙස මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

“ඉන්දියාව එක්ක වගේ අපි හැම තරගයක්ම සෙල්ලම් කරනවා” – සෆ්රාස් අහමඩ්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන …..

මෙම ප්‍රේක්ෂකාගාර 2012 සිට වසා ඇති අතර ඉදිකිරීම් වල ප්‍රමිතිය පිළිබඳව ඇතිවූ ගැටලුවක් මෙයට හේතු වී ඇත. මෙම ප්‍රේක්ෂකාගාර 3 ආසන 12000කින් සමන්විත වේ.

“චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පසුගිය වසරේ ශූරතාවය දිනා ගත් නිසා ඔවුන්ට එක් සුදුසුකම් ලැබීමේ තරගයක් හා අවසන් තරගය පැවැත්වීමට අවස්ථාව ලබා දී තිබුණා. ඔවුන් මුල් ස්ථාන 2 අතර තරගාවලිය නිමා කළහොත් ඔවුන්ට එක් සුදුසුකම් ලැබීමේ තරගයක් හෝ චෙන්නායි ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි” ලෙස වැඩිදුරටත් අදහස් දක්වමින් රායි මහතා පවසා සිටියේය.

හයිද්‍රාබාද්හි පැවැත්වීමට නියමිත මැතිවරණ නිසා අනෙකුත් තරග දෙක හයිද්‍රාබාද්හි පැවැත්වීමට නොහැකි වී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<