රග්බි ක්‍රීඩාවේ 100 වන වසර සමරන්නට රාජකීයයන් සූදානම්

143

ශ්‍රී ලංකා පාසල් රග්බි ඉතිහාසය තුළ පැරණිතම රග්බි කණ්ඩායමක් වන කොළඹ රාජකීය විද්‍යාල රග්බි කණ්ඩායම තම 2020 පාසල් රග්බි ගමන ආරම්භ කළේ පසුගියදා පැවති විශේෂ උත්සවයකිනි. ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවති එම උත්සවය සඳහා එම කණ්ඩායමේ අනුග්‍රාහකයින්ද එක්ව සිටියහ.

පියාගේ අඩි පාරේ යන පුතාට රාජකීය නායකත්වය!

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා රාජකීය විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා……

ශ්‍රී ලාංකීය රග්බි පිටිය තුළ තම 100 වන වසර සපුරන රාජකීය විද්‍යාල රග්බි කණ්ඩායම සඳහා මෙවර ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජාතික සංවර්ධන බැංකුව කටයුතු කරයි. 

ගත වූ සියවසක කාලය තුළ ලීග් ශූරතාවය 23 වතාවක් ජයග්‍රහණය කර ඇති රාජකීය කණ්ඩායම මෙවර ද කුසලානය තම පාසලට රැගෙන යාමට තම උපරිම ශක්තිය යොදවනු ඇත. 

ඔවුන් මෙවර තරගාවලියේ දී අඛණ්ඩව සිව්වන ලීග් ශූරතාවය, අඛණ්ඩව 6 වන බ්‍රැඩ්බි පළිහ, අඛණ්ඩව සිව්වන මයිකල් ගුණරත්න කුසලානය සහ අඛණ්ඩව දෙවන මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය ජයග්‍රහණය කර ගැනීම තම ප්‍රධාන අරමුණු ලෙස තබාගෙන ඇත. 

රාජකීය කණ්ඩායම මෙවර ලීග් තරගාවලිය ආරම්භ කරන්නේ සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ පැවැත්වෙන තරගයෙනි. එම තරගය මෙම සතිඅන්තයේ දී පැවැත්වීමට නියමිතය. 

මෙම උත්සවය සඳහා සහභාගී වූ රාජකීය විද්‍යාල කණ්ඩායමේ තරග සංවිධායක කමිටුවේ සභාපති අතුල මුණසිංහ මහතා මෙසේ තම අදහස් දැක්වීය. 

“මේ වසර රාජකීය කණ්ඩායමට විශේෂ වසරක්. අපි හැමෝම ආදරය කරන රග්බි ක්‍රීඩාවේ 100 වන වසර සමරනවා. රග්බි ක්‍රීඩාව නොපසුබස්නා උත්සාහය, අඛණ්ඩතාව වගේම කණ්ඩායම් හැඟීම අනෙක් ක්‍රීඩාවන්ට වඩා හොඳින් උගන්වනවා. රාජකීය විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව තුළින් අන්‍යයන්ට ගෞරවය දැක්වීම, සාරධර්ම හා නායකත්ව ගුණාංග ඉහළ නැංවීමේ පණිවිඩය තවත් වසර 100ක් හෝ ඊට වැඩි කාලයක් ඉදිරියට ගෙන යනු ඇතැයි මට විශ්වාසයි.” 

“විරුද්ධවාදීන්ට ගරු කිරීම සහ රග්බි කෙරෙහි ඇති ඇල්ම” ඔවුන්ගේ 100 වන වසර සඳහා තේමාව වනු ඇත. මෙය නියෝජනය කිරීම සඳහා වසර ගණනාවක් පුරා රාජකීය විද්‍යාලය නියෝජනය කළ කණ්ඩායම්වල පොහොසත් ඉතිහාසය, තරඟකාරිත්වය සහ කුසලතා නියෝජනය වන ලාංඡනයක් මෙම උත්සවයේ දී එළිදක්වන ලදී. එය රාජකීය විද්‍යාලයේ වසර 100ක රග්බි ක්‍රීඩාව සමරනු ඇත. 

රැස්වීම අමතමින් NDB සමූහයේ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය.  

NDB බැංකුව මෙවැනි ක්‍රීඩාවන් සඳහා සෑමවිටම එක්වෙනවා. මොකද, අපිට දැනිලා තියෙනවා මේ තමයි සුදුසුම වෙලාව ජාතිය ගොඩනගන දේවල් වලට සහය දක්වන්න. එවන් දේවල් පුද්ගලයෙකුගේ වැදගත් ගුණාංග ඉස්මතු කරනවා.”  

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අවසන් වූ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ද අනුග්‍රාහකත්වය දැක්වූයේ NDB බැංකුව යි. 

ලේක්විව් සිංහයන් අසරණ කරමින් බම්බා බ්‍රිගේඩ් ගිණුම අරඹයි

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ පළමු තරගයෙන් විශිෂ්ට….

“අරිංමා හෝල්ඩිංග්ස්” ආයතනය අඛණ්ඩව දෙවන වරටත් ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස රාජකීය විද්‍යාල රග්බි කණ්ඩායමට සිය සහයෝගය ලබා දෙන අතර වසර ගණනාවක් පුරා රාජකීය විද්‍යාල රග්බි කණ්ඩායමේ කොටස්කරුවන් ලෙස කටයුතු කළ “බ්‍රැන්ඩික්ස් ලංකා” සමාගම මෙම වසර සඳහා සම අනුග්‍රාහකයන් ලෙස සිය සහාය ලබා දෙනු ඇත. 

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ නවතම ප්‍රවෘත්ති, ඡායාරූප, වීඩියෝ සහ අනෙකුත් තොරතුරු සඳහා පිවිසෙන්න, ThePapare.com වෙත. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<