තරගාවලිය අවසානයේ ජාතික වාර්තා 04ක්

508

ජාතික වාර්තා පොත් අලුත් කරමින් සැප්තැම්බර් 29 වන දා ආරම්භ වූ  42 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද (02) සාර්ථකව නිමාවට පත් විය. සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම ක්‍රීඩා උළෙලේ සමාප්තියට නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය එච් .එම්. හාරිස් මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

පසුගිය ලිපි: වසර 24ක වාර්තාවක් අලුත් කරමින් දෙවන දිනය නිමාවේ

තරගාවලියේ දක්ශතම මලල ක්‍රීඩකයා ලෙස නැගෙනහිර පළාතේ එම්. අයි. එම්. මිෆ්‍රාන් සම්මානයට පාත්‍ර වූ අතර දක්ශතම මලල ක්‍රීඩිකාව ලෙසින් ඩබ්. කේ. එල්. ඒ. නිමාලී සම්මානයට පාත්‍ර විය.

සමස්ත පදක්කම් සටහනට අනුව රන් පදක්කම් 113ක් රිදී පදක්කම් 74ක් සහ ලෝකඩ පදක්කම් 67ක් ඇතුලු පදක්කම් 254ක් ලබා ගත් බස්නාහිර පළාත් කණ්ඩායම සමස්ත ශූරතාව හිමිකර ගනිද්දී, දකුණු පළාත් කණ්ඩායම රන් 33ක්, රිදී 74ක් සහ ලෝකඩ 67ක් ඇතුලු පදක්කම් 105ක් ලබා ගනිමින් අනුශූරතාවය දිනා ගන්නා ලදි.

අද දිනයේ පැවති තරග දෙස අවධානය යොමු කිරීමේදි, කාන්තා මිටිය විසි කිරීමේ තරග ඉසව්වෙන් දකුණු පළාතේ ඒ. ඩබ්. ඒ. එස්. එම්. අමරසිංහ විසින් රන් පදක්කම දිනා ගනු ලැබුවේ මෙම ක්‍රීඩා උළෙලේ පිහිටවූ තවත් තරග වාර්තාවක් සමඟිනි. ඇය වාර්තා කල දුර ප්‍රමාණය මීටර 45.85ක්. එම ඉසව්වේ රිදී පදක්කම ඌව පළාතේ පී. කේ. ඒ. ඒ. මදුවන්තී (මීටර 44.82) විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම බස්නාහිර පළාතේ එච්. ඒ. අරුණි ලක්ශිකා (මීටර  40.7) විසින් දිනා ගන්නා ලදි.

තවද හෙල්ල විසිකිරීම ඉසව්වෙන් නව තර්ගාවලී වාර්තාවක් පිහිටුවීමට වයඹ පළාතේ ආර්. පී. ඩබ්. ලක්ශාන් සමත් වූයේ මීටර 78.52ක දුරකට හෙල්ල විසි කරමිනි. ඔහු එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනිද්දී දකුණු පළාතේ ඩී. එස්. රණසිංහ මීටර 71.19ක දුරකට හෙල්ල විසි කිරීමෙන් රිදී පදක්කම දිනා ගනු ලැබීය. ලෝකඩ පදක්කම වයඹ පළාතේම ක්‍රීඩක ඩබ්. බී. රාජිත හිමිකර ගත්තේ මීටර 66.23ක දුරක් වාර්තා කරමිනි.

කාන්තා මීටර 400×4 රන් පදක්කම දකුණු  පළාත් කණ්ඩායම (මිනිත්තු 03:44.5) විසින් දිනාගත්තේ නව තරග වාර්තාවක් පිහිටුවමිනි .එම ඉසව්වේ රිදී පදක්කම මධ්‍යම පළාත් කණ්ඩායම දිනා ගත්තේ මිනිත්තු 03 තත්පර 49.4 ක කාලයක් වාර්තා කරමින් වන අතර ලෝකඩ පදක්කම වයඹ පළාත් කණ්ඩායම දිනා ගත්තේ මිනිත්තු 03 තත්පර 54.3ක කාලයක් වාර්තා කරමිනි.

මීටර 400×4 පිරිමි තරගයේ රන් පදක්කම බස්නාහිර කණ්ඩායම (මිනිත්තු 03:13.6) විසින් දිනා ගනිද්දී දකුණු පළාත් කණ්ඩායම (මිනිත්තු 03:15.5) එහි රිදී පදක්කම දිනා ගනු ලැබීය. එම ඉසව්වේ ලෝකඩ පදක්කම ඌව පළාත් කණ්ඩායම (මිනිත්තු 3:16.8) විසින් දිනා ගන්නා ලදී.

කාන්තා උස පැනීමේ තරගයේ රන් පදක්කමත් දකුණු පළාතේම ක්‍රීඩිකාවක් වන එල්. ජී. ඒ. තරංගා විනෝදනී (මීටර 1.67) විසින් දිනාගනිද්දී වයඹ පළාතේ එස්. එම්. එම්. මධුශානී (මීටර 1.64) රිදී පදක්කමට හිමිකම් කීමට සමත් විය. බස්නාහිර පළාතේ වීරන්දී හිමාෂා කුරේ (මීටර 1.61) විසින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි.

අද දිනයේ පැවති තරග කිහිපයක ලකුණු සාරාංශය:

කාන්තා මීටර 10 000

  • රන් පදක්කම ඒ. එන්. එල්. ආරියදාස (මිනි. 37 තත් 28.8)
  • රිදී පදක්කම එස්. ඒ. ළමාහේවගේ – ඌව පළාත (මිනි. 37 තත්. 32.9)
  • ලෝකඩ පදක්කම කේ. කේ. ඒ. එම්. කුමාරසිංහ – බස්නාහිර පළාත (මිනි. 38 තත්.13.5)

පිරිමි මීටර 5000

  • රන් පදක්කම ඩී. එල්. සමරජීව – මධයම පළාත (මිනි.14 තත්. 40.3)
  • රිදී පදක්කම ආර්. එම්. එස්. පුෂ්පකුමාර (මිනි. 14 තත්. 42.9)
  • ලෝකඩ පදක්කම ජී. එම්. එස්. ආර්. විජේවික්‍රම (මිනි. 14 තත්. 57.5)

මීටර 100 ඉසව්ව (පිරිමි)

  • රන් පදක්කම කේ. එස්. එල්. වික්‍රමසිංහ – දකුණු පළාත (තත් 10.6)
  • රිදී පදක්කම ඒ. එල්. එම්. අස්‍රාෆ් – නැගෙනහිර පළාත (තත් 10.6)
  • ලෝකඩ පදක්කම ඒ. එම්. බී. ලක්මාල් – වයඹ පළාත (තත් 10.8)

මීටර 100 ඉසව්ව (කාන්තා)

  • රන් පදක්කම එස්. එල්. විදානදුරුගේ – ඌව පළාත (තත් 11.9)
  • රිදී පදක්කම ඩබ්. වී. එල්. සුගන්දී – බස්නාහිර පළාත (තත් 12.1)
  • ලෝකඩ පදක්කම එෆ්. සෆියා – මධ්‍යම පළාත (තත් 12.3)

මීටර 400 (පිරිමි)

  • රන් පදක්කම එච්. කේ. කේ. කුමාර – බස්නාහිර පළාත (තත් 47.8)
  • රිදී පදක්කම එම්. ජී. ඩී. ඩී. සිල්වා – මධ්‍යම පළාත (තත් 48.3)
  • ලෝකඩ පදක්කම ඩබ්. යූ. විරාජ් – බස්නාහිර පළාත (තත් 48.6)

මීටර 400 (කාන්තා)

  • රන් පදක්කම ඩබ්. කේ. සී. ඒ. නිමාලී – සබරගමුව පළාත (තත් 54.0)
  • රිදී පදක්කම උපමාලිකා රත්නකුමාරී – මධ්‍යම පළාත (තත් 54.3)
  • ලෝකඩ පදක්කම එම්. ඕ. උදයන්ගනී – ඌව පළාතේ (තත් 57.3)

තුන් පිම්ම ඉසව්ව (පිරිමි)

  • රන් පදක්කම අයි. ඩී. ඩී. එස්. ජයසිංහ – සබරගමුව පළාත (මීටර 15.98)
  • රිදී පදක්කම ටී. එම්. ඊ. ඩී. කේ. ප්‍රනාන්දු- බස්නහිර පළාත (මීටර 15.76)
  • ලෝකඩ පදක්කම ජේ. එච්. ජී. සම්පත් – ඌව පළාත (මීටර 15.63)

කාන්තා මීටර 100 කඩුලු පැන දිවීම

  • රන් පදක්කම ඩබ්. වී. එල්. සුගන්දී – බස්නාහිර පළාත (තත් 14.7)
  • රිදී පදක්කම ආර්. ඒ. අයි. රාජසිංහ – වයඹ පළාත (තත් 14.8)
  • ලෝකඩ පදක්කම එන්. ජී. පී. ආර්.ගුණතිලක – සබරගමුව පළාත (තත් 15.5)

පිරිමි මීටර 100 කඩුලු පැන දිවීම

  • රන් පදක්කම කේ. ඩබ්. එස්. රන්දිව – බස්නාහිර පළාත (තත් 14.6).
  • රිදී පදක්කම ආර්. ඩබ්. ඉහාම් – නැගෙනහිර පළාත (තත් 14.9)
  • ලෝකඩ පදක්කම – ඩබ්. කේ. එම්. උදයකුමාර – සබරගමුව පළාත (තත් 14.9)

මිටර 1500 (කාන්තා)

  • රන් පදක්කම ජී. ටී. ඒ. අබේරත්න  දකුණු පළාත (මිනි.04 තත් 18.7)
  • රිදී පදක්කම නිලානී රත්නායක – සබරගමුව පළාත (මිනි.04 තත් 31.7)
  • ලෝකඩ පදක්කම ජේ. එම්. යූ. එන්. කේ. ජයසුන්දර – මධ්‍යම පළාත (මිනි 4 තත් 38.4)

මීටර 1500 (පිරිමි)

  • රන් පදක්කම ආර්. ඒ. එස්. ලක්මාල් – වයඹ පළාත (මිනි.3 තත් 50)
  • රිදී පදක්කම ආර්. ඒ. ඩී. එච්. කුමාර – බස්නාහිර පළාත (මිනි.3 තත් 50.9)
  • ලෝකඩ පදක්කම ජී. ආර්. චතුරංග – දකුණු පළාත (මිනි.3 තත් 55)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට