ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (26) නිමාවට පත්වුනා. එහි දී දඹුල්ල කණ්ඩායම පූර්ණ තරග ජයක් වාර්තා කරද්දී ගාලු කණ්ඩායම අනෙක් තරගයේ වැඩි දක්ෂතා පෙන්නුම් කළා.
ගාල්ල සහ මහනුවර අතර තරගය
කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වූ තරගයේ කාසියේ වාසිය ජය ගත්තේ ගාලු නායක සංගීත් කුරේයි. ඔහු මුලින් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව ගාල්ල කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 658ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගුවා.
එහි දී පසිඳු සූරියබණ්ඩාර නොදැවුනු ද්විත්ව ශතකයකින් ඉනිම පෝෂණය කරද්දී, සොහාන් ද ලිවේරා ලකුණු 133ක් රැස් කළා. ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4යි.
ඊයේ මහනුවර කණ්ඩායම තම පළමු ඉනිම අවසන් කළේ ලකුණු 227කටයි. එහි දී 21 වැනි වියේ පසුවන යොවුන් පිතිකරු අහන් වික්‍රමසිංහ පීඩනය මැද ලකුණු 84ක් රැස් කළා. ඒ හතරේ පහර 10ක් සමඟයි.
මේ දිනවල ලකුණු අතර සිටින ලසිත් කෲස්පුල්ලේ ලකුණු 48යි. පන්දු යැවීමේ දී කවිශ්ක අන්ජුල කඩුලු 4කට හිමිකම් කිව්වා.
තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායම කඩුලු 6කට ලකුණු 212ක් ලබා සිටිය දී තම ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ ලකුණු 643ක දැවැන්ත ඉදිරියක් සහිතවයි. එහි දී ලක්ෂාන් එදිරිසිංහ සහ සංගීත් කුරේ අර්ධ ශතක ලාභීන් බවට පත්වුනා.
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වන විට මහනුවර කණ්ඩායම තම දෙවැනි ඉනිමට ලකුණු 299ක් ලබා සිටියේ කඩුලු 5ක් දැවී තිබිය දීයි. එහි දී ලසිත් කෲස්පුල්ලේ වාර්තා කළ ශතකය පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ගේ සිත් ගත්තා. එහි දී ඔහු හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් එල්ල කළා. ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3යි.
තරගය අවසන් වන විටත් මහනුවර කණ්ඩායම කඩුලු 5ක් අතැතිව ගාලු ඉනිමට වඩා ලකුණු 344ක් පිටුපසින් සිටියා. තරගයේ වඩාත්ම සුවිශේෂී ක්‍රීඩකයා ලෙස ද්විත්ව ශතකයක් වාර්තා කළ 23 හැවිරිදි මැදපෙළ පිතිකරු පසිඳු සූරියබණ්ඩාර හැඳින්විය හැකි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sohan de Livera | c Lahiru Udara b Sachithra Perera | 133 | 203 | 12 | 0 | 65.52 |
Sangeeth Cooray | c Sandun Weerakkody b Lasith Embuldeniya | 27 | 41 | 4 | 0 | 65.85 |
Lakshan Edirisinghe | c Lahiru Udara b Amshi De Silva | 49 | 89 | 6 | 0 | 55.06 |
Pasindu Sooriyabandara | not out | 214 | 341 | 18 | 0 | 62.76 |
Dunith Wellalage | c Raveen Yasas b Lasith Embuldeniya | 33 | 60 | 3 | 0 | 55.00 |
Pathum Kumara | c Sandun Weerakkody b Lasith Embuldeniya | 24 | 52 | 3 | 0 | 46.15 |
Suminda Lakshan | c & b Lasith Croospulle | 74 | 97 | 7 | 0 | 76.29 |
Kavishka Anjula | lbw b Sandun Weerakkody | 59 | 66 | 5 | 2 | 89.39 |
Praveen Jayawickrama | c Lasith Croospulle b Sachithra Perera | 8 | 16 | 1 | 0 | 50.00 |
Mohammad Shiraz | lbw b Lasith Croospulle | 3 | 12 | 0 | 0 | 25.00 |
Extras | 34 (b 2 , lb 5 , nb 17, w 10, pen 0) |
Total | 658/9 (160 Overs, RR: 4.11) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Amshi De Silva | 18 | 3 | 77 | 1 | 4.28 | |
Nimsara Atharagalla | 15 | 0 | 74 | 0 | 4.93 | |
Sahan Arachchige | 24 | 1 | 95 | 0 | 3.96 | |
Lasith Embuldeniya | 59 | 2 | 231 | 4 | 3.92 | |
Sachithra Senanayake | 32 | 4 | 123 | 2 | 3.84 | |
Sandun Weerakkody | 6 | 0 | 28 | 1 | 4.67 | |
Lasith Croospulle | 6 | 2 | 23 | 1 | 3.83 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lasith Croospulle | c Praveen Jayawickrama b Kavishka Anjula | 48 | 66 | 5 | 1 | 72.73 |
Kasun Vidura Adikari | c Praveen Jayawickrama b Kavishka Anjula | 2 | 13 | 0 | 0 | 15.38 |
Sandun Weerakkody | c Lakshan Edirisinghe b Mohammad Shiraz | 1 | 2 | 0 | 0 | 50.00 |
Lahiru Udara | c Sohan de Livera b Kavishka Anjula | 12 | 10 | 3 | 0 | 120.00 |
Sahan Arachchige | b Sangeeth Cooray | 6 | 31 | 0 | 0 | 19.35 |
Ahan Wickramasinghe | c Pathum Kumara b Dunith Wellalage | 84 | 123 | 10 | 0 | 68.29 |
Raveen Yasas | c Lakshan Edirisinghe b Dunith Wellalage | 36 | 89 | 3 | 0 | 40.45 |
Amshi De Silva | c Lakshan Edirisinghe b Mohammad Shiraz | 2 | 4 | 0 | 0 | 50.00 |
Lasith Embuldeniya | c Mohammad Shiraz b Kavishka Anjula | 9 | 17 | 1 | 0 | 52.94 |
Sachithra Perera | b Dunith Wellalage | 2 | 6 | 0 | 0 | 33.33 |
Nimsara Atharagalla | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 25 (b 14 , lb 4 , nb 6, w 1, pen 0) |
Total | 227/10 (59.4 Overs, RR: 3.8) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavishka Anjula | 15 | 7 | 40 | 4 | 2.67 | |
Mohammad Shiraz | 13 | 1 | 44 | 2 | 3.38 | |
Praveen Jayawickrama | 5 | 0 | 26 | 0 | 5.20 | |
Sangeeth Cooray | 3 | 1 | 5 | 1 | 1.67 | |
Suminda Lakshan | 4 | 0 | 22 | 0 | 5.50 | |
Asanka Manoj | 8 | 2 | 20 | 0 | 2.50 | |
Dunith Wellalage | 11.4 | 0 | 52 | 3 | 4.56 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sohan de Livera | lbw b Lasith Embuldeniya | 15 | 17 | 2 | 0 | 88.24 |
Sangeeth Cooray | c Ahan Wickramasinghe b Amshi De Silva | 58 | 103 | 4 | 0 | 56.31 |
Lakshan Edirisinghe | c Sachithra Perera b Amshi De Silva | 77 | 118 | 10 | 0 | 65.25 |
Pathum Kumara | b Lasith Embuldeniya | 5 | 8 | 1 | 0 | 62.50 |
Suminda Lakshan | lbw b Sachithra Perera | 26 | 51 | 2 | 0 | 50.98 |
Kavishka Anjula | c Ahan Wickramasinghe b Sahan Arachchige | 20 | 27 | 2 | 0 | 74.07 |
Dunith Wellalage | not out | 2 | 4 | 0 | 0 | 50.00 |
Extras | 9 (b 0 , lb 1 , nb 7, w 1, pen 0) |
Total | 212/6 (53.3 Overs, RR: 3.96) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sahan Arachchige | 11 | 0 | 43 | 0 | 3.91 | |
Lasith Embuldeniya | 19 | 1 | 67 | 2 | 3.53 | |
Lasith Croospulle | 2 | 0 | 11 | 0 | 5.50 | |
Amshi De Silva | 11 | 2 | 53 | 2 | 4.82 | |
Sachithra Perera | 4.3 | 1 | 17 | 1 | 3.95 | |
Nimsara Atharagalla | 4 | 0 | 18 | 0 | 4.50 | |
Sandun Weerakkody | 2 | 1 | 2 | 0 | 1.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lasith Croospulle | c Sohan de Livera b Dunith Wellalage | 101 | 102 | 17 | 1 | 99.02 |
Kasun Vidura Adikari | c Sohan de Livera b Mohammad Shiraz | 33 | 51 | 4 | 0 | 64.71 |
Sandun Weerakkody | st Sohan de Livera b Praveen Jayawickrama | 73 | 83 | 10 | 1 | 87.95 |
Ahan Wickramasinghe | c Pathum Kumara b Praveen Jayawickrama | 15 | 19 | 1 | 0 | 78.95 |
Sahan Arachchige | c Lakshan Edirisinghe b Praveen Jayawickrama | 18 | 21 | 2 | 0 | 85.71 |
Raveen Yasas | not out | 20 | 37 | 0 | 0 | 54.05 |
Lahiru Udara | not out | 31 | 23 | 4 | 1 | 134.78 |
Extras | 8 (b 0 , lb 0 , nb 5, w 3, pen 0) |
Total | 299/5 (55.1 Overs, RR: 5.42) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavishka Anjula | 3 | 1 | 11 | 0 | 3.67 | |
Praveen Jayawickrama | 17 | 0 | 98 | 3 | 5.76 | |
Sangeeth Cooray | 6 | 1 | 20 | 0 | 3.33 | |
Asanka Manoj | 2 | 0 | 27 | 0 | 13.50 | |
Suminda Lakshan | 14.1 | 0 | 67 | 0 | 4.75 | |
Mohammad Shiraz | 3 | 0 | 19 | 1 | 6.33 | |
Dunith Wellalage | 10 | 1 | 57 | 1 | 5.70 |
- වනිඳුට ප්‍රවේගකාරී ශතකයක් මග හැරෙයි; ගාල්ල සහ දඹුල්ල ඉදිරියෙන්
- පසිඳු සූරියබණ්ඩාරගේ ද්විත්ව ශතකයෙන් ගාල්ල පෙරමුණට
- සොහාන් සහ පවන් ශතක ලාභී ලැයිස්තුවට
- නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ!
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක්!
දඹුල්ල සහ යාපනය අතර තරගය
කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වුනු මෙම තරගයේ කාසියේ වාසිය යාපනය නායක සදීර සමරවික්‍රමට හිමි වුනා. ඒ අනුව ඔහු තෝරා ගත්තේ මුලින් පන්දු යැවීමයි. ඊට ප්‍රතිචාර දැක්වූ දඹුල්ල ක්‍රීඩකයින් පවන් රත්නායකගේ ශතකයේ පිහිටෙන් ලකුණු 426ක් කරා ගියා. පන්දු 148කින් ලකුණු 117ක් රැස් කර පවන් ඒ අතරතුරේ හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් එල්ල කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යාපනය ක්‍රීඩකයින් තම පළමු ඉනිම ලෙස ලකුණු 236ක් රැස් කළා. එහි දී රොන් චන්ද්‍රගුප්ත ශතකය පෙනි පෙනී ලකුණු 97කට අවාසනාවන්ත ලෙස දැවී ගියා. සුපිරි පන්දු යැවීමක යෙදුණු වනිඳු හසරංග ලකුණු 46ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 6ක් බිඳ හෙලුවා.
දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම ඊයේ දිනය අවසන් වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 254ක් ලබා සිටියා. අද ඔවුන් තම ඉනිමට තවත් ලකුණු 20ක් එක්වූ වහාම ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ යාපනය කණ්ඩායමට වඩා ලකුණු 464ක දැවැන්ත ඉදිරියක් සමඟයි.
වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග අද පන්දු 66කට පමණක් මුහුණ දී ලකුණු 95ක් ලබා සිටිය දී ශශික දුල්ශාන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා. ඒ ශතකය පෙනෙන තෙක් මානයේ දීයි. වනිඳු රිසි සේ යාපනය පන්දු යවන්නන්ට පහර දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් වාර්තා කළා.
යාපනය කණ්ඩායමට අද තම දෙවැනි ඉනිමට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 331ක් පමණයි. එහි දී රවිඳු ප්‍රනාන්දු වේගවත් ශතකයක් වාර්තා කළ ද එය යාපනය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ප්‍රමාණවත් වුනේ නැහැ. පන්දු 112ක් පමණක් වැය වුනු රවිඳුගේ ලකුණු 131ට හතරේ පහර 11ක් සහ හයේ පහර 7ක් ඇතුළත් වුනා.
පන්දු යැවීමේ දී චලන ද සිල්වා සහ අශාන් ප්‍රියන්ජන් කඩුලු 3 බැගින් බිඳ හෙලුවා. මේ අනුව අද දඹුල්ල කණ්ඩායම අවසන් පූර්ව තරගය ජය ගත්තේ ලකුණු 133ක ඉදිරියක් සහිතවයි. තරගයේ වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයා ලෙස මුළු ලකුණු 101ක් සහ මුළු කඩුලු 7ක් බිඳ හෙලූ වනිඳු හසරංග නම් කළ හැකි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Gayan Maneeshan | c Avishka Tharindu b Eshan Malinga | 51 | 93 | 2 | 3 | 54.84 |
Abishek Liyanarachchi | c Ravindu Fernando b Shashika Dulshan | 37 | 53 | 5 | 1 | 69.81 |
Pavan Rathnayake | c Navod Paranavithana b Eshan Malinga | 117 | 148 | 12 | 3 | 79.05 |
Sanoj Darshika | c Janith Liyanage b Shashika Dulshan | 47 | 128 | 6 | 0 | 36.72 |
Minod Bhanuka | c Lahiru Madushanka b Shashika Dulshan | 1 | 20 | 0 | 0 | 5.00 |
Ashan Priyanjan | run out (Lahiru Madushanka) | 49 | 117 | 5 | 0 | 41.88 |
Wanindu Hasaranga | st b Shashika Dulshan | 6 | 2 | 0 | 1 | 300.00 |
Chamindu Wijesinghe | c Ravindu Fernando b Eshan Malinga | 28 | 44 | 3 | 1 | 63.64 |
Dushan Hemantha | c Lahiru Madushanka b Shashika Dulshan | 37 | 74 | 2 | 2 | 50.00 |
Lahiru Samarakoon | c Ron Chandraguptha b Shashika Dulshan | 43 | 50 | 4 | 2 | 86.00 |
Chalana de Silva | not out | 1 | 9 | 0 | 0 | 11.11 |
Extras | 9 (b 0 , lb 3 , nb 2, w 4, pen 0) |
Total | 426/10 (122.4 Overs, RR: 3.47) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Binura Fernando | 10.2 | 2 | 23 | 0 | 2.25 | |
Eshan Malinga | 24 | 1 | 65 | 3 | 2.71 | |
Lahiru Madushanka | 19.4 | 5 | 52 | 0 | 2.68 | |
Shashika Dulshan | 28.4 | 3 | 131 | 6 | 4.61 | |
Janith Liyanage | 15 | 1 | 49 | 0 | 3.27 | |
Ravindu Fernando | 10 | 1 | 41 | 0 | 4.10 | |
Jeffrey Vandersay | 5 | 0 | 33 | 0 | 6.60 | |
Navod Paranavithana | 10 | 2 | 29 | 0 | 2.90 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navod Paranavithana | c Ashan Priyanjan b Lahiru Samarakoon | 4 | 9 | 1 | 0 | 44.44 |
Ron Chandraguptha | c Minod Bhanuka b Wanindu Hasaranga | 97 | 135 | 11 | 0 | 71.85 |
Avishka Tharindu | b Wanindu Hasaranga | 22 | 45 | 2 | 0 | 48.89 |
Sadeera Samarawickrama | c Pavan Rathnayake b Dushan Hemantha | 34 | 46 | 4 | 1 | 73.91 |
Janith Liyanage | c Minod Bhanuka b Dushan Hemantha | 23 | 21 | 1 | 1 | 109.52 |
Lahiru Madushanka | b Chalana de Silva | 34 | 38 | 4 | 2 | 89.47 |
Shashika Dulshan | b Wanindu Hasaranga | 0 | 1 | 0 | 0 | 0.00 |
Ravindu Fernando | b Wanindu Hasaranga | 13 | 38 | 2 | 0 | 34.21 |
Jeffrey Vandersay | lbw b Wanindu Hasaranga | 2 | 5 | 0 | 0 | 40.00 |
Binura Fernando | st Minod Bhanuka b Wanindu Hasaranga | 0 | 5 | 0 | 0 | 0.00 |
Eshan Malinga | not out | 0 | 11 | 0 | 0 | 0.00 |
Extras | 7 (b 0 , lb 2 , nb 2, w 3, pen 0) |
Total | 236/10 (58.4 Overs, RR: 4.02) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ashan Priyanjan | 9 | 0 | 41 | 0 | 4.56 | |
Lahiru Samarakoon | 11 | 1 | 46 | 1 | 4.18 | |
Wanindu Hasaranga | 19.4 | 7 | 46 | 6 | 2.37 | |
Chamindu Wijesinghe | 3 | 1 | 13 | 0 | 4.33 | |
Chalana de Silva | 6 | 0 | 37 | 1 | 6.17 | |
Dushan Hemantha | 10 | 2 | 51 | 2 | 5.10 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Gayan Maneeshan | not out | 18 | 46 | 2 | 0 | 39.13 |
Abishek Liyanarachchi | b Binura Fernando | 11 | 12 | 1 | 0 | 91.67 |
Pavan Rathnayake | c Sadeera Samarawickrama b Janith Liyanage | 47 | 67 | 4 | 1 | 70.15 |
Sanoj Darshika | c Avishka Tharindu b Ravindu Fernando | 29 | 77 | 1 | 1 | 37.66 |
Minod Bhanuka | b Jeffrey Vandersay | 1 | 6 | 0 | 0 | 16.67 |
Ashan Priyanjan | c Navod Paranavithana b Jeffrey Vandersay | 31 | 88 | 1 | 2 | 35.23 |
Wanindu Hasaranga | c Ron Chandraguptha b Shashika Dulshan | 95 | 66 | 7 | 6 | 143.94 |
Dushan Hemantha | not out | 21 | 53 | 2 | 0 | 39.62 |
Chamindu Wijesinghe | lbw b Binura Fernando | 0 | 6 | 0 | 0 | 0.00 |
Lahiru Samarakoon | st Sadeera Samarawickrama b Shashika Dulshan | 6 | 26 | 0 | 0 | 23.08 |
Chalana de Silva | c Lahiru Madushanka b Shashika Dulshan | 1 | 4 | 0 | 0 | 25.00 |
Extras | 14 (b 6 , lb 0 , nb 3, w 5, pen 0) |
Total | 274/9 (74.4 Overs, RR: 3.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Binura Fernando | 11 | 3 | 25 | 2 | 2.27 | |
Shashika Dulshan | 22.4 | 4 | 77 | 3 | 3.44 | |
Eshan Malinga | 9 | 2 | 48 | 0 | 5.33 | |
Jeffrey Vandersay | 18 | 1 | 68 | 2 | 3.78 | |
Janith Liyanage | 4 | 2 | 5 | 1 | 1.25 | |
Ravindu Fernando | 9 | 4 | 25 | 1 | 2.78 | |
Navod Paranavithana | 1 | 0 | 20 | 0 | 20.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navod Paranavithana | run out (Wanindu Hasaranga) | 51 | 50 | 6 | 1 | 102.00 |
Ron Chandraguptha | c Abishek Liyanarachchi b Chalana de Silva | 47 | 67 | 2 | 0 | 70.15 |
Avishka Tharindu | lbw b Ashan Priyanjan | 1 | 8 | 0 | 0 | 12.50 |
Sadeera Samarawickrama | lbw b Ashan Priyanjan | 10 | 16 | 0 | 0 | 62.50 |
Janith Liyanage | lbw b Chalana de Silva | 1 | 2 | 0 | 0 | 50.00 |
Lahiru Madushanka | b Wanindu Hasaranga | 11 | 11 | 2 | 0 | 100.00 |
Ravindu Fernando | b Wanindu Hasaranga | 131 | 112 | 11 | 7 | 116.96 |
Shashika Dulshan | c Chamindu Wijesinghe b Chalana de Silva | 11 | 30 | 0 | 0 | 36.67 |
Binura Fernando | c Wanindu Hasaranga b Chamindu Wijesinghe | 32 | 32 | 1 | 3 | 100.00 |
Jeffrey Vandersay | not out | 35 | 73 | 4 | 0 | 47.95 |
Eshan Malinga | b Ashan Priyanjan | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0) |
Total | 331/10 (67.1 Overs, RR: 4.93) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ashan Priyanjan | 14.1 | 0 | 61 | 3 | 4.33 | |
Lahiru Samarakoon | 4 | 0 | 31 | 1 | 7.75 | |
Pawan Rathnayake | 8 | 0 | 35 | 0 | 4.38 | |
Wanindu Hasaranga | 12 | 1 | 31 | 1 | 2.58 | |
Chalana de Silva | 16 | 0 | 86 | 3 | 5.38 | |
Dushan Hemantha | 10 | 0 | 61 | 0 | 6.10 | |
Chamindu Wijesinghe | 3 | 0 | 26 | 1 | 8.67 |
ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු දෙවැනිදා පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිතයි. එම සියළු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<