ක්‍රීඩකයින්ගේ ජාතික සිහින සියල්ල බොඳ වෙයි

74

මේ දිනවල පැතිර යන කොරෝනා වසංගතය නිසා මෙරට උද්ගත වී තත්වය සලකා බලා ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය තිබූ “46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල” සහ එයට සමගාමීව පවත්වන දිස්ත්‍රික් සහ පළාත් තරග සියල්ල දින නියමයකින් තොරව කල් දැමීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ජාතික මහා ක්‍රීඩා උළෙලට දින නියම වෙයි

ජාතික මට්ටමේ ශූරයන් සොයා යන 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙම වසරේ ජුනි මස සිට සැප්තැම්බර් මාසය දක්වා….

අදියර පහක් යටතේ මෙවර තරගාවලිය පැවැත්වීමට තීරණය කර තිබූ අතර එහි අවසාන අදියර සැප්තැම්බර් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

ක්‍රීඩා උළෙලේ ඉදිරිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ පැතිර යන වයිරස තත්වය නිසාවෙන් පුද්ගලයන් ඒකරාශී වන උත්සව සහ සියලුම කටයුතු රජය නැවත් දැනුම් දෙනතුරු අත්හිටුවීමට තීරණය කර ඇති නිසාවෙන් මෙම තීරණය ගත් බවයි.

“පවතින තත්වය නිසා පොදු ජනයා ඒකරාශී වන උත්සව සහ සියලුම වැඩසටහන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව සෑම දෙනා දන්නා කරුණක්. එබැවින් මෙම තත්වය පහව ගොස් යළි සමූහ ඒකරාශී වීම් සුදුසු බව අදාළ සෞඛ්‍ය බලධාරීන් තීරණය කරන තුරු ජාතික මහ ක්‍රීඩා උළෙල සහ එයට සමගාමීව පවත්වන දිස්ත්‍රික් හා පළාත් තරග ද දින නියමකින් තොරව කල් දැමීමට අමාත්‍යාංශය විසින් තීරණය කරනවා” යැයි ඔවුන් එම නිවේදනයේ සඳහන් කර තිබුණි.

කොළඹ, අනුරාධපුරය හා පොලොන්නරුව යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර තරගයේ අවසාන අදියර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<