ජාතික මහා ක්‍රීඩා උළෙලට දින නියම වෙයි

145

ජාතික මට්ටමේ ශූරයන් සොයා යන 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල මෙම වසරේ ජුනි මස සිට සැප්තැම්බර් මාසය දක්වා පැවැත්වීමට නියමිතව ඇත. ක්‍රීඩා උළෙලේ අවසන් තරග සැප්තැම්බර් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමිනි. 

ශෙලින්ඩා ගෞරවාන්විතව සමුගනී

නව තරගාවලි වාර්තා රැසක් බිහි කරමින් පුරා දින තුනක් ….

මෙම ක්‍රීඩා උළෙල කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන දසවැනි වතාව මෙය වන අතර පසුගිය වසරේ තරගාවලිය බදුල්ල නගරයේ දී පැවැත්විය. ප්‍රධාන ඉසව් 31ක් ඇතුළත් කරමින් මෙවර තරගාවලිය අදියර පහක් යටතේ කොළඹ, අනුරාධපුර සහ පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

පසුගිය ජාතික මහා ක්‍රීඩා උළෙල අතරතුර

පළාත් මට්ටමේ තරග මේ වන විට පැවැත්වෙමින් පවතින අතර එය මාර්තු 31 වැනිදා වන විට අවසන් වීමට නියමිතයි. ජාතික මට්ටමේ තරගාවලියේ මුල්ම අදියරේ පාපැදි ධාවන තරග, මැරතන්, ඇවිදීමේ තරග, එල්ලේ ,වොලිබෝල්, ජූඩෝ, පැසිපන්දු, කබඩි සහ දැල්පන්දු යන තරග ජුනි මස 25 වැනිදා සිට 28 වැනිදා දක්වා අනුරාධපුර සහ පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ දෙවන අදියරේ තරග අගෝස්තු මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත අතර බැඩ්මින්ටන්, රග්බි, ටෙනිස් ඇතුළු තරග ඉසව් 9ක් එම අදියර යටතේ පැවැත්වෙනු ඇත. 

IASC ආරම්භයේ දී ශෙලින්ඩාගෙන් මල්වෙඩි

ශ්‍රී ලංකාවේ දසත ව්‍යාප්තව පවතින ජාත්‍යන්තර …..

තරගාවලියේ තුන්වැනි අදියර එම මසම 20 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ක්‍රිකට්, කරාතේ, කැරම්, චෙස් වැනි තරග ඉසව් එම අදියරේ දී පැවැත්වීමට නියමිතයි. 

තරගාවලියේ හතරවැනි අදියර සැප්තැම්බර් මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත අතර පාපන්දු, පිහිනුම් ඇතුළු තරග කිහිපයක් එම අදියර යටතේ පැවැත්වේ.

මෙවර ක්‍රීඩා උළෙලේ පස්වැනි සහ අවසාන අදියර සැප්තැම්බර් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා සුගතදාස ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිත අතර ජවන හා පිටිය ඉසව් 36කින් එම අදියර වර්ණවත් වීමට නියමිතයි.

තරගාවලියේ ජවන හා පිටිය අවසන් අදියර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා තරගාවලියේ අවසන් කිරීමේ උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ද පැවැත්වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<