ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු සංචිතය තවත් ලොකු වෙයි

3277

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටා තිබෙන උසස් කුසලතා වර්ධන (high-performance center) පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 40 දෙනෙකු සහභාගී වන පුහුණු කඳවුරක් ජූලි 21 වැනිදා සිට ආරම්භ කර ඇත.

දූෂණ වංචා දිගටම මේ ක්‍රීඩාවේ කොටසක් වෙලා තිබ්බා – සංගක්කාර

මෙම සුවිශේෂී පුහුණු කඳවුරට පෙර නේවාසික පුහුණු කඳවුරට දෙකක් කොළඹ දී සහ මහනුවර දී සාර්ථක ලෙස අවසන් වූ අතර එහි දී පිළිවෙළින් ක්‍රීඩකයින් 13 දෙනෙක් සහ ක්‍රීඩකයින් 24 දෙනෙක් නේවාසික පුහුණුව සාර්ථක ලෙස අවසන් කළේය. 

එම පුහුණු කඳවුරු දෙකම සාර්ථකව අවසන් වූ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 10 බැගින් වන කණ්ඩායම් 4ක් එනම් ක්‍රීඩකයින් 40 දෙනෙකු සඳහා විශේෂ පුහුණු කඳවුරක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එම පුහුණු කටයුතු ද ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන සියලු සෞඛ්‍ය උපදෙස්වලට අනුව පැවැත්වේ.

Covid-19 වසංගත තත්ත්වය හේතුවෙන්, පසුගිය මාර්තු මාසයේ සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිටියේ සියලුම පුහුණු සැසි නතර කරන ලදි. පුහුණු කණ්ඩායම් ‘A’ සිට ‘D’ දක්වා කණ්ඩායම් 4ක් නම් කර ඇති අතර ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් තවත් සංවර්ධන කණ්ඩායමක් (‘E’ කණ්ඩායම) ද මෙහි දී පුහුණු වීම් කටයුතු ආරම්භ කරනු ඇත.

මාලිංග ඇතුළු ප්‍රවීණයින්ට 2021 T20 ලෝක කුසලානය මගහැරෙයි ද?

සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුව, සියලුම ක්‍රීඩකයින් එකම වේලාවක පැමිණ හෝ පුහුණු නොකරනු ඇත. ‘A’ කණ්ඩායම එම පුහුණු මධ්‍යස්ථානයේ පළමු මහලේ පිහිටා ඇති ව්‍යායාම ශාලාව භාවිතා කරන්නේ නම්, ‘B’ කණ්ඩායම පැති තණතීරු හෝ ප්‍රධාන භූමියේ පුහුණුව ලබයි. එක් පුහුණු සැසියක් උපරිම වශයෙන් පැය දෙකක කාලයක් සඳහා සැලසුම් කර ඇත.

ටෙස්ට්/ එක්දින නායක දිමුත් කරුණාරත්න, විස්සයි විස්ස නායක ලසිත් මාලිංග සහ හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් මේ පුහුණු සංචිතයට ඇතුළත්ව සිටියි

“ජූලි මාසයේ 25 වැනිදා වෙනකොට අපි ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා නැවතත් කායිකව සහ මානසිකව සූදානම් කියලා මම විශ්වාස කරනවා. අපි පවත්වපු පුහුණු කඳවුරු දෙක ඉතාමත් සාර්ථකයි. අපගේ ඉලක්කය වන්නේ Covid-19න් පසුව සූදානම් වූ හොඳම ජාත්‍යන්තර කණ්ඩායම බවට පත්ව ඕනෑම වේලාවක ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටීමයි” යැයි මිකී ආතර් පසුගිය මාසයේ දී ThePapare.com වෙත පැවසීය.

Video – 2019/2020 හොඳම පාසල් ක්‍රීඩකයින් 11 – Cricket Wataravuma

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරට දී සහභාගී වීමට නියමිතව සිටි ක්‍රිකට් තරගාවලි කිහිපයක්ම (එංගලන්තය, දකුණු අප්‍රිකාව,ඉන්දියාව සහ බංග්ලාදේශය) දින නියමයක් නොමැතිව කල් ගිය අතර ඊට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඇතුළත්.

2020 පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021 දක්වා කල් ගිය අතර ඒ නිසාවෙන් කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කල් දැමුණු ටෙස්ට් තරග තුනකින් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය බොහෝ දුරට ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<