Home Sinhala නැමීබියාව ජයග්‍රාහීව සුපිරි 12 වටය අරඹයි

නැමීබියාව ජයග්‍රාහීව සුපිරි 12 වටය අරඹයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

227
Image Courtesy: ICC Via Getty

2021 ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයේ තරගයක් අද (27) අබුඩාබි නුවර Sheikh Zayed ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ නැමීබියාව සහ ස්කොට්ලන්තය අතරයි.

එම තරගයෙන් ස්කොට්ලන්තය කඩුලු 4කින් පරාජය කරමින් සුපිරි 12 වටයේ තමන් සහභාගී වූ පළමු තරගය ජයග්‍රහණය කිරීමට නැමීබියාවට හැකි වුනා.

තරගයේ කාසියේ වාසිය දිනූ නැමීබියානු නායක Gerhard Erasmus පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

  • නැමීබියාව: Craig Williams, Zane Green (wk), Gerhard Erasmus (c), David Wiese, Michael van Lingen, JJ Smit, Jan Frylinck, Pikky Ya France, Jan Nicol Loftie-Eaton, Ruben Trumpelmann, Bernard Scholtz.
  • ස්කොට්ලන්තය: George Munsey, Matthew Cross (wk), Calum MacLeod, Richie Berrington (c), Craig Wallace, Michael Leask, Chris Greaves, Mark Watt, Josh Davey, Safyaan Sharif, Bradley Wheal.

සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරමින් George Munsey, Calum MacLeod සහ Richie Berrington යන ස්කොට්ලන්ත පිතිකරුවන් තිදෙනාම ලකුණු නොලබා පළමු පන්දුවාරයෙන්ම දවා ගැනීමට Ruben Trumpelmann සමත් වුනා.

ඉන්පසු පිටියට පිවිසි Craig Wallace ලකුණු 4කට දවා ගැනීමට David Wiese සමත් වීමෙන් පසු පස්වැනි කඩුල්ල සඳහා Michael Leask සමඟ එක්ව ලකුණු 39ක සම්බන්ධතාවක් පිහිටුවීමට Matthew Cross සමත් වුනා.

නමුත් ලකුණු 19ක් රැස් කරගෙන සිටි Crossව පිටියෙන් ඉවත් කිරීමට Jan Frylinckට හැකි වුනේ ස්කොට්ලන්ත ලකුණු පුවරුව 57/5ක් බවට පත්කරමිනුයි.

සටන්කාමී ඉනිමක් දියත් කළ Michael Leask පන්දු 27ක දී ලකුණු 44ක් සහ Chris Greaves ලකුණු 25ක් රැස්කිරීමට සමත් වූවත්, නියමිත පන්දුවාර 20 අවසානයේ ස්කොට්ලන්ත කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 109ක් පමණයි.

පන්දු යැවීමේ දී නැමීබියාව වෙනුවෙන් Ruben Trumpelmann ලකුණු 17කට කඩුලු 3ක් සහ Jan Frylinck ලකුණු 10කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 110ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නැමීබියානු කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස Michael van Lingen ලකුණු 18කට දවා ගැනීමට Safyaan Sharif සමත් වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 28ක් වන විටයි.

ඉන්පසු පිටියට පිවිසි Zane Green ලකුණු 9කට සහ Gerhard Erasmus ලකුණු 4කට පිටියෙන් ඉවත් කිරීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන්ට හැකි වීම නිසාවෙන් නැමීබියානු ලකුණු පුවරුව දිස්වුනේ ලකුණු 61කට කඩුලු 3ක් ලෙසයි.

එතෙක් වෙලාවක් පිටියේ රැඳී සිටි Craig Williams ලකුණු 23කට පිටියෙන් ඉවත් කිරීමට Mark Watt සමත් වුවත්, David Wiese සහ JJ Smit පිහිටවූ වටිනා සම්බන්ධතාව නිසාවෙන් කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකිරීමට නැමීබියාවට හැකි වුනා.

JJ Smit නොදැවී ලකුණු 32ක් සහ David Wiese ලකුණු 16ක් රැස් කිරීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී Michael Leask ලකුණු 12කට කඩුලු 2ක් බිඳ හෙලුවා.

ඒ සමඟින් සුපිරි 12 වටයේ තමන් සහභාගී වූ පළමු තරගය ජය ගනිමින් එම වටය ජයග්‍රාහීව ඇරඹීමට නැමීබියාවට හැකි වුනා.

ලකුණු සාරාංශය,

  • ස්කොට්ලන්තය – 109/8 (20): Michael Leask 44, Chris Greaves 25, Ruben Trumpelmann 3/17, Jan Frylinck 2/10.
  • නැමීබියාව – 115/6 (19.1): JJ Smit 32*, Craig Williams 23, David Wiese 16, Michael Leask 2/12.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Namibia
115/6 (19.1)

Scotland
109/8 (20)

Batsmen R B 4s 6s SR
George Munsey b Ruben Trumpelmann 0 1 0 0 0.00
Matthew Cross b Jan Frylinck 19 33 1 0 57.58
Calum MacLeod c Zane Green b Ruben Trumpelmann 0 2 0 0 0.00
Richie Berrington lbw b Ruben Trumpelmann 0 1 0 0 0.00
Craig Wallace lbw b David Wiese 4 13 0 0 30.77
Michael Leask b JJ Smit 44 27 4 2 162.96
Chris Greaves run out () 25 32 2 0 78.12
Mark Watt c Gerhard Erasmus b Jan Frylinck 3 6 0 0 50.00
Josh Davey not out 5 5 0 0 100.00


Extras 9 (b 0 , lb 5 , nb 0, w 4, pen 0)
Total 109/8 (20 Overs, RR: 5.45)
Bowling O M R W Econ
Ruben Trumpelmann 4 0 17 3 4.25
Jan Frylinck 4 0 10 2 2.50
JJ Smit 4 0 20 1 5.00
David Wiese 4 0 22 1 5.50
Bernard Scholtz 2 0 16 0 8.00
Michael van Lingen 1 0 12 0 12.00
Pikky Ya France 1 0 7 0 7.00


Batsmen R B 4s 6s SR
Craig Williams st Matthew Cross b Mark Watt 23 29 0 1 79.31
Michael van Lingen c Richie Berrington b Safyaan Sharif 18 24 2 0 75.00
Zane Green c George Munsey b Chris Greaves 9 13 1 0 69.23
Gerhard Erasmus b Michael Leask 4 6 0 0 66.67
David Wiese c Mark Watt b Michael Leask 16 14 0 0 114.29
JJ Smit not out 32 23 1 0 139.13
Jan Frylinck c Calum MacLeod b Bradley Wheal 2 4 0 0 50.00
Pikky Ya France not out 0 2 0 0 0.00


Extras 11 (b 0 , lb 9 , nb 0, w 2, pen 0)
Total 115/6 (19.1 Overs, RR: 6)
Bowling O M R W Econ
Bradley Wheal 4 0 14 1 3.50
Josh Davey 2 0 15 0 7.50
Safyaan Sharif 3.1 0 21 1 6.77
Chris Greaves 4 0 22 1 5.50
Mark Watt 4 0 22 1 5.50
Michael Leask 2 0 12 2 6.00