ශ්‍රී ලංකාවට එන ඉන්දීය සංචිතය නම් කරයි

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

462

ජූලි 13 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ක්‍රීඩා කරනු ලබන ඉන්දීය සංචිතයේ නායකත්වය Shikhar Dhawan වෙත ලබා දී තිබෙනවා.

තරගාවලිය සඳහා ICC ලෝක කුසලාන සුපර් ලීගයේ එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වෙනවා. 

ඒ අනුව ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම මේ මස 28 වැනිදා දිවයිනට පැමිණ නිරෝධායනය අවසන් කර  පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

2018 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව ඉන්දීය ජාතික (පිරිමි) ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 3කට පමණ පසුව වීම විශේෂත්වයක්.

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලිය පැවැත්වෙන කාලය අතරතුර, ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සුදුසුකම් ලබාගෙන තිබෙන නිසාවෙන් ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් මේ තරගාවලිය සඳහා සහභාගී වන්නේ නැහැ.

නමුත් IPL සහ ඔවුන්ගේ දේශීය ක්‍රිකට් මට්ටම්වල ඉතාමත් හොඳින් දස්කම් දක්වා අත්දැකීම් ලබාගෙන තිබෙන ක්‍රීඩකයින් රැසක් මේ ඉන්දීය සංචිතයට ඇතුලත් කර තිබෙනවා. 

ඉන්දීය සංචිතය – Shikhar Dhawan (Captain), Prithvi Shaw, Devdutt Padikkal, Ruturaj Gaikwad, Suryakumar Yadav, Manish Pandey, Hardik Pandya, Nitish Rana, Ishan Kishan (Wicket-keeper), Sanju Samson (Wicket-keeper), Yuzvendra Chahal, Rahul Chahar, K Gowtham, Krunal Pandya, Kuldeep Yadav, Varun Chakravarthy, Bhuvneshwar Kumar (Vice-captain), Deepak Chahar, Navdeep Saini, Chetan Sakariya

පුහුණුවීම් සඳහා රැගෙන එනු ලබන පන්දු යවන්නන්: Ishan Porel, Sandeep Warrier, Arshdeep Singh, Sai Kishore, Simarjeet Singh

එක්දින සහ විස්සයි විස්ස තරග සියල්ලේ ම නායකත්වය Shikhar Dhawan විසින් දරන විට Bhuvneshwar Kumar සංචිතයේ උපනායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021 තරග කාලසටහන 

පළමු එක්දින තරගය – ජුලි 13

දෙවැනි එක්දින තරගය – ජුලි 16

තුන්වැනි එක්දින තරගය – ජුලි 18

පළමු විස්සයි විස්ස තරගය – ජුලි 21

දෙවැනි විස්සයි විස්ස තරගය – ජුලි 23

තුන්වැනි විස්සයි විස්ස තරගය – ජුලි 25

[තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රී තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රී තරග (පස්වරු 7 සිට) පැවැත්වෙනවා.]

මේ තරග සියල්ල ප්‍රේක්ෂකයින් නොමැතිව ජෛව ආරක්ෂිත පරිසරයක් (Bio-Secure Environment) තුල පැවැත්වෙන අතර නවීකරණය කරන ලද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ වසර දෙකකට ආසන්න කාලයකට පසුව වීමත් විශේෂත්වයක්. 

තරගාවලියේ තොරතුරු වගේම තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<