වෙළඳසේවා සත් සාමාජික පාපන්දු කුසලානයට කණ්ඩායම් 24ක්

153
Press Conference - 39th Annual Moose-Mercantile 7-a-side Football Tournament 2018
Press Conference - 39th Annual Moose-Mercantile 7-a-side Football Tournament 2018

39 වන වරට පැවැත්වීමට නියමිත 2018 වෙළඳසේවා සත් සාමාජික පාපන්දු තරගාවලිය සංවිධානය කිරීම සඳහා මෙවර වෙළඳසේවා පාපන්දු සංගමය සමඟින් ‘Moose Clothing’ ආයතනය අත්වැල් බැඳගෙන ඇත.

තරගාවලිය හෙට (29) දිනයේ උදෑසන 7.30 සිට කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ සියලුම බලාපොරොත්තු බිඳ වැටේ

16න් පහළ ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය සඳහා සුදුසුකම් ලැබීමේ තවත් තරගයකට ශ්‍රී ලංකාව…

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 24ක් එක්වන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 3 බැගින් වන පරිදි කාණ්ඩ 8කට ඔවුන්ව කාණ්ඩගත කර ඇත. ඒ අනුව ඔවුන් මෙහි දී ශූරතා කුසලානය, පලඟ සහ බඳුන ශූරතා සඳහා තරග වදිනු ඇත.

තවදුරටත් තවත් කණ්ඩායම් 10ක් (සාමාජිකයින් නොවන) මෙවර තරගාවලිය සඳහා පළමු වරට එක්වන අතර ඔවුන් K, L, M සහ N කාණ්ඩ යටතේ තරගාවලියේ පලිහ ශූරතාවය වෙනුවෙන් තරග වදිනු ලබයි. එමෙන්ම මෙහි දී තරග 58ක් පැවැත්වීමට නියමිත අතර ඉන් තරග 32ක් කාණ්ඩ වටයේ තරග ලෙසත්, ඉතිරි තරග 26 පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග ලෙසත් පැවැත්වෙනු ඇත.

කාණ්ඩ තරග වටය අවසානයේ A සිට H දක්වා කාණ්ඩ ශූරතාවය හිමිකර ගන්නා කණ්ඩායම් තරගාවලියේ ශූරතා කුසලානය සහ පලඟ ශූරතාවය සඳහා වන තරග වටයට සුදුසුකම් ලබන අතර එම කාණ්ඩවල අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායම් තරගාවලිය බඳුන ශූරතාවය සඳහා වන තරග වටයට සුදුසුකම් ලබනු ඇත.

පසුගිය වසරේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ‘Expo Lanka’ කණ්ඩායම සමත් වූ අතර එහි දී අනුශූරතාවය දිනා ගනු ලැබුවේ ‘LB Finance’ කණ්ඩායම විසිනි.

කණ්ඩායම් කාණ්ඩගත කිරීම   

Group A Group B Group C Group D Group E Group F Group G Group H
Lake House Galadari Hotel DFCC Bank Commercial Credit Nations Trust Bank Ceylinco Insurance LB Finance Standard Chartered Bank
HSBC Seylan Bank Commercial Bank John Keells Dialog WNS Global HNB Commercial Leasing
Smart Shirts Virtusa Sampath Bank Akbar Brothers Expo Lanka Softlogic Sri Lanka Telecom Amana Bank
Group K Group L Group M Group N
JAIC Hilton MAS Holdings AIA Insurance United Tobacco
CW Mackie Fair First Insurance PickMe NoLimit
Eskimo Fashions ITX 360

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<