ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට දඬුවමක්

4970
IndianExpress

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ඉන්දියාව සතු එක් ප්‍රසාද ලකුණක් කපා හැරීමට තරග නිලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව Centurion හිදී පැවති ටෙස්ට් තරගයේ දී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම නිසයි.

තරග තීරක Andrew Pycroft විසින් Virat Kohliගේ ඉන්දීය කණ්ඩායමේ තරග ගාස්තුවෙන් 20%ක් දඩ ලෙස ද නියම කර තිබෙනවා.

අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීමට අදාළ ICC ක්‍රීඩක චර්යාධර්ම පද්ධතියේ 2.22 වගන්තියට අනුව ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 20%ක දඩයක් නියම කර තිබෙනවා”, ICC ය නිකුත් කළ නිවේදනයක සඳහන් වුනා.

ඊට අමතරව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ නීති සංග්‍රහයේ 16.11 වගන්තියට අනුව අඩු වන එක් පන්දුවාරයකට එක ප්‍රසාද ලකුණ බැගින් අඩු කෙරෙනවා. එම නිසා ඉන්දියාවෙන් එක් ප්‍රසාද ලකුණක් අඩු කෙරෙනවා. විනිසුරුවන් වූ Marais Erasmus, Adrian Holdstock, Allahudien Paleker හා Bongani Jele ද එම චෝදනාව ස්ථිර කළා.”

අඩු පන්දුවාර වේගය නිසා ඉන්දියාවට දැනට ලෝක ටෙස්ට් ශූරතාවයේ ප්‍රසාද ලකුණු 3ක් අහිමිව තිබෙනවා. එංගලන්තයට එරෙහිව නොටින්හැම් හිදී පැවැත්වූ ටෙස්ට් තරගයේ දී ද ඉන්දියාවට ප්‍රසාද ලකුණු දෙකක් අහිමි වුනා.

මේ වන විට ඉන්දියාව ක්‍රීඩා කළ තරගවලින් තරග හතරක් ජයගෙන, එක් තරගයක් පරාජය වී තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා. ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු ගණන ලකුණු 53ක්.

දකුණු අප්‍රිකා ඉන්දියා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 3 වැනිදා කේප් ටවුන් හිදී ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<