පාකිස්තාන ක්‍රීඩකයෙකුට සිය දියණිය අහිමි වෙයි

549

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙක් වන අසිෆ් අලීට එංගලන්තය තරග සංචාරයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා. ඒ ඔහුගේ දියණිය පිළිකා තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයාම නිසාවෙනි. මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වුනේ ඇමරිකා එක්සත් ජනපදයේ රෝහලක දී ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

ඇෆ්ගනිස්තානය පරදවා අයර්ලන්තයට පහසු එක්දින ජයක්!

පසුගිය දා බංග්ලාදේශයට ශූරතාවය හිමිකර දෙමින් අවසන් වුනු තුන්කොන් එක්දින තරගාවලියේ දී එතරම් දස්කම් අතරට පැමිණීමට නොහැකි…

අසීෆ් අලී පාකිස්තාන සුපිරි ලීග් තරගාවලියේ නියෝජනය කරන ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. “ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම අපේ බලවත් ශෝකය පලකර සිටිනවා අසීෆ් අලීගේ දියණියගේ අහිමි වීම පිළිබඳව. මේ ශෝකජනක අවස්ථාවේ අපි හදවතින්ම ඔවුන් සමගින් සිටිනවා. අසීෆ් අලී ශක්තිමත් වගේම ධෛර්යය සම්පන්න ක්‍රීඩකයෙක්. ඔහු සෑම විටම අප කණ්ඩායමට මහත් ආදර්ශයක් වුනා.”

ඊයේ (19) පැවති පාකිස්තාන එංගලන්ත පස්වැනි එක්දින තරගයේ දී 27 හැවිරිදි අසීෆ් අලී ලකුණු 22ක් ලබා ගැනීමට සමත් විය. හෙඩිංලි හි පැවති එම තරගයේ දී පාකිස්තානය ලකුණු 54කින් පරාජය වූ අතර තරගාවලිය 4-0ක් ලෙස ද පරාජය වීමට පාකිස්තානයට සිදු විය.

මෙම එංගලන්ත තරගාවලියේ තරග 5ටම අසීෆ් ක්‍රීඩා කළ අතර එහි දී අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට ඔහු සමත් විය. බ්‍රිස්ටල් හිදී පැවති තුන්වැනි එක්දින තරගයේ දී ඔහු රැස් කළ ලකුණු 52 ඔහුගේ එක්දින තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.

අසීෆ් මේ වන විට පාකිස්තාන වෙනුවෙන් එක්දින තරග 16කට ක්‍රීඩා කර ඇති අතර එහි දී ඔහු ලකුණු 342ක් වාර්තා කර ඇත්තේ ලකුණු 31.09ක ලකුණු සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝකස් පාකිස්තානය සමූල ඝාතනය කරයි

එංගලන්ත සහ පාකිස්තානය අතර පැවති තරග 5කින් සමන්විත වූ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග ලකුණු 54කින්…

අසීෆ් ලෝක කුසලාන සංචිතයට තවමත් ඇතුළත් නොවන නමුත් ඔහුගේ දක්ෂතා නිසාවෙන් ඔහුට ලෝක කුසලාන සංචිතයේ අවස්ථාවක් හිමි වීමට යම් ඉඩකඩක් පවතී. කණ්ඩායම්වල සංචිත වෙනස් කිරීමේ හැකියාව මැයි මස 23 වැනිදා දක්වා ලබා දී ඇත.

එංගලන්තය සමඟ සංචාරයට එක්වීමට පෙර අසීෆ් තම දියණිය ඇමරිකා එක්සත් ජනපදයට ප්‍රතිකාර සඳහා යවන බව ට්විටර් පණිවිඩයක් ඔස්සේ අප්‍රේල් 22 වැනිදා පැවසූ අතර තම ප්‍රේක්ෂකයන්ගෙන් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලෙස ද ඉල්ලා සිටියේය.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ සිව්වැනි අදියර ක්‍රීඩා කරමින් සිටිය දී අසීෆ් තම දියණියගේ අසනීප තත්වය පිළිබඳව දැනුවත් වී ඇත. ඒ පිළිබඳව ඔහු ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ පුහුණුකරු වූ හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරුවෙක් වන ඩීන් ජෝන්ස් සමග හැඟීම්බරව පැවසූ බව ද සඳහන් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<