විවාහයක් නිසා ඕස්ට්‍රේලියාවට පාඩුවක්?

113

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර මේ මස 30 වැනිදා බ්‍රිස්බේන් හිදී පැවැත්වීමට නියමිත දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය සඳහා ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සහභාගී නොවන බව වාර්තා වේ.

ඒ ස්ටාර්ක් හට සිය සහෝදරයාගේ විවාහ මංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට සිදුව තිබෙන නිසාවෙනි. ඒ නිසාවෙන් වමතින් වේගපන්දු යවන ස්ටාර්ක් වෙනුවට දකුණතින් වේගපන්දු යවන බිලී ස්ටැන්ලේක් හෝ ෂෝන් ඇබට් දෙවන තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත. 

වෝනර්ගේ උපන්දින ශතකය ඉදිරියේ ශ්‍රී ලංකාව දණ නමයි!

මුල්පෙළ පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක පිතිකරණයත්, …..

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන මාෂ් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ඉතාමත් හොඳින් දස්කම් දැක්වීම නිසා ස්ටැන්ලේක් හා ඇබට් යන දෙදෙනා ඕස්ට්‍රේලියානු සංචිතය සඳහා තේරී පත්විය. ඒ නිසාවෙන් ස්ටාර්ක් වැනි ප්‍රබල ක්‍රීඩකයෙකුගේ හිදැස පිරවීම වෙනුවෙන් වඩාත් සුදුසු ක්‍රීඩකයා කවුරුන්ද යන වග තෝරාගැනීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් හට යම් ආකාරයක අභියෝගයක් වනු නිසැකය. 

කෙසේ නමුත් ස්ටැන්ලේක් හා ඇබට් යන දෙදෙනාම ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනාගෙන තිබේ. නමුත් ඔවුන් දෙදෙනා අතරින් දැනට වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරමින් අත්දැකීම් අතින් ඉදිරියෙන් සිටින්නේ, තරග 17ක් ක්‍රීඩා කරමින් කඩුලු 25ක් දවාගෙන තිබෙන ස්ටැන්ලේක් නිසා ඔහු දෙවන තරගයේ දී ස්ටාර්ක් වෙනුවට කණ්ඩායම එකතු වීමට වැඩි ඉඩක් තිබෙන බව ජාත්‍යන්තර විචාරකයින් මත පළ කර ඇත.

ලොව අංක එකේ ක්‍රීඩකයින්ට දුන් අභියෝගය කැන්ගරුවන්ටත්?

2020 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක …….

දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලිය ආරම්භ කරමින් ඇඩිලේඩ් හිදී ඊයේ (27) පැවති පළමු තරගයෙන් ලකුණු 134ක වාර්තාගත ජයක් ලබා ගන්නට ඕස්ට්‍රේලියාව සමත් වූයේ තරග තුනකින් සමන්විත තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගනිමිනි. එම තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතාමත් හොඳින් පාලනය කිරීමට සමත් වූ ස්ටාර්ක් ඔහුගේ පන්දුවාර 4 තුල ලකුණු 18ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගන්නා ලදි.

තරගාවලියේ සියලුම තරග වාර්තා, උණුසුම් පුවත්, විශේෂ  වීඩියෝ හා තරග සේයා රූ, ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<