මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් වටයේ අවසන් තරගය අද කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්වුයේ දක්ෂ ක්‍රීඩා පාසල් දෙකක් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල සහභාගී වෙමිනි. එහිදි ගල්කිස්ස තරුණයින් හට අවසන් මහා තරගයේ දොරගුළු වසා දමමින් රාජකීයයෝ 24 – 15 ලෙස තරගයේ ජයග්‍රහණය ලබා ඉසිපතන විද්‍යාලය සමඟ අවසන් මහා තරගයට තරග කිරීමට අවස්තාව ලබා ගන්නා ලදි.

ඊයේ තරග ලිපිය: පීතරයින්ගේ අභියෝගය ඉසිපතනය භාරගනී

තරග තීරක රොහාන් ෆර්නැන්ඩෝ මහතා තරග අාරම්භයට සංඥාව නිකුත් කල අතර ප්‍රථමයෙන් දඬුවම් පහරක් මඟින් ලකුණු රැස් කිරීමට අවස්තාවක් ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩකයින් හට ලැබුනු අතර අශ්වන්ත හේරත් හට එය අපහසු ප්‍රවර්තනයක් වු හෙයින් ලකුණු ගිලිහි යන ලදි.

ඉන් මිනිත්තු කිහිපයකයට පසුව වේන් මැක් රාජකීයයන් අතරින් සාර්ථකව පන්දුව සීමාවෙන් ඔබ්බට රැගෙන යමින් උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. අපහසු කෝණයකින් ලැබුනු ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් හේරත් එයට අතිරේක ලකුණු එකතු කිරීමට සමත් විය (07-00).

ඉන් සුළු මොහොතකට පසුව රාජකීයයන් හට දඬුවම් පහර අවස්තාවක් ලැබෙන අතර ඔවින් අස්කි සාර්ථකව රග්බි පන්දුව කණු දෙක අතරින් අහසට දෙසට එල්ල කරමින් ලකුණු 03ක් ලබා ගන්නා ලදි (07-03).

අර්ධ අවසන් වටයක තිබිය යුතු තරගකාරීත්වය මුළු තරගය පුරාම දැක ගැනීමට හැකි වු අතර ලෙහෙසියෙන් ලකුණක් ලබා ගැනීමට දෙපිලෙහිම ක්‍රීඩකයින් එකිනෙකාට අවස්තාවක් ලබා නොදුන්නේය. තරගයේ 25වැනි මිනිත්තුවේදි තෝමසුවන්ගේ අාරක්ෂක වලලු සිඳ බිඳ දමමින් අශෝක් විජයකුමාර විසින් උත්සහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් විය. අස්කි විසින් එයට අතිරේක ලකුණු පිරිනැමීමට සමත් විය (07-10).

තරගයේ ඡායාරූප අැල්බමයට පිවිසෙන්න

තරගයේ ප්‍රථම අර්ධයේ අවසන් මිනිත්තු 05ට අාසන්නව තිබියදි නැවතත් ශාන්ත තෝමස් විද්‍යාලය හට දඬුවම් පහරක් හිමිවන අතර කිසිදු මඟහැරීමට ඉඩ නොතැබු අශ්වන්ත හේරත් මීටර් 22 කනුවේ සිට දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් විය (10-10)

ප්‍රථම අර්ධයේ වාසිය සමසේ කණ්ඩායම් දෙකට බෙදි යමින් ප්‍රථම අර්ධය අවසන් වු අතර ක්‍රීඩකයෝ විවේකාගාරය බලා පිටත් වුහ.

ප්‍රථම අර්ධය – රාජකීය විද්‍යාලය 10 : 10 ශාන්ත තෝමස් විද්‍යාලය

කෙටි විවේකයකින් නැවතත් ජීවය ලබා ගත් කණ්ඩායම් දෙක පිටියට පැමිණි අතර අවසන් මහ තරගයට ඉසිපතනය හා තරග වැදීමට පාසල් දෙකම උත්සහ ගන්නා ලදි. නමුත් ප්‍රථම අර්ධයේ මෙන් නොව දෙවන අර්ධයේදි රාජකීයයෝ වඩාත් උපායශීලීව තරග කරන අාකාරයක් පෙන්නුම් කළේය.

ඒ බව මනාවට ප්‍රත්‍යක්ෂ කරමින් දෙවන අර්ධයේ ප්‍රථමයෙන් ලකුණු රැස්කිරීම අාරම්භ කරන රාජකීය ක්‍රීඩකයෝ දෙවන අර්ධය අාරම්භ වී මිනිත්තු 5ක් යන තැන රාජකීය කණ්ඩායම් ක්‍රීඩක අස්මීර් ෆාජුඩීන් විසින් සාර්ථකව පන්දුව සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමට සමත් විය. තියුණු තරගයක අසාර්ථකවීමකට ඉඩනොතබමින් අස්කි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි (10-17).

ඉන් මිනිත්තු 5කට පසුව පන්දුව සියතට ගන්නා රාජකීය කණ්ඩායම් නායක නිකිල් ගුණධීර විසින් පන්දුව සීමාවෙන් පිටත රැගෙන යමින් උත්සහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අස්කි විසින් ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි (10-24).

දෙවැනි අර්ධයේ මනා සංවිධානයකින් යුතුව ක්‍රීඩා කරන රාජකීයයන් හමුවේ අසරණ වු තෝමසුවන් දෙවන අර්ධයේ ලකුණු ලබා ගැනීම අාරම්භ කරමින් මයෝන් විජේවර්ධන විසින් උත්සහක දිනුමක් වාර්තා කරන අතර හේරත් ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අපොහොසත් විය (15-24).

ඉන් අනතුරුව දෙවන අර්ධය අවසානය දක්වාම කිසිදු ලකුණක් පාසල් දෙකම විසින් ලබා නොගන්නා අතර සම්පුර්ණ උත්සහක දිනුම් 3ක් සහ දඬුවම් පහර අවස්තාවක් ලබා ගෙන ඉදිරියෙන් සිටි රාජකීය විද්‍යාලය ලබන සතියේ පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා සිය අසුන වෙන් කර ගන්නා ලදි.

අවසන් ලකුණු –  රාජකීය විද්‍යාලය 24 : 15 ශාන්ත තෝමස් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – අශෝක් විජේකුමාර

තරග තීරක – රොහාන් ෆර්නැන්ඩෝ
රාජකීය විද්‍යාලය –24 : අශෝක් විජේකුමාර,  අස්මීර් ෆාජුඩීන්, නිකිල් ගුණධීර උත්සහක දිනුම් වාර්තා කර අතර ඔවීන් අස්කි ප්‍රවර්තන 3ක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් විය.
ශාන්ත තෝමස් විද්‍යාලය – 15 : වේන් මැක් සහ මයෝන් විජේවර්ධන විසින් උත්සහක දිනුම් වාර්තා කර අතර අශ්වන්ත හේරත් ප්‍රවර්තනයක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට