රග්බි ක්‍රීඩාවේ ජිවගුණය පණගන්වන මයිලෝ ජනාධිපති කුසලානය

1165

රග්බි ක්‍රීඩාවේ ජීව ගුණය ඉහළ දැමීමේ හා ක්‍රීඩාවේ හරය ආරක්ෂා කිරීම පෙරදැරි කර ගනිමින් 26 වැනි වතාවටත් ශ්‍රී ලංකා පාසල් රග්බි පිටිය සමඟ අත්වැල් බැඳගන්නා මයිලෝ ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම මෙවරත් මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට සත්කාරකත්වය දක්වනු ඇත.

අඛණ්ඩව දෙවැනි වරටත් ඇලෝසියස් ක්‍රීඩකයෝ ජය පැන් බොති

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර 25 වැනි වරටත් …..

මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මේ සති අන්තයේ දී ආරම්භ වන අතර ජනාධිපති කුසලානය, අගමැති කුසලානය හා සභාපති කුසලානය ලෙස සමගාමී තරගාවලි තුනක් කාණ්ඩ තුනක කණ්ඩායම් සමඟින් පැවැත්වෙනු ඇත.

ක්‍රීඩාවේ ජීව ගුණයන් අපගෙන් ඈතට යන සමයක, ප්‍රේක්ෂකයින්ගේ බාධා කිරීම් නිසා තරගාවලි අත්හිටුවන කාලයක තරගාවලි සංවිධායකයින් ක්‍රීඩාවේ හර පද්ධති හා ජීව ගුණය යලි නගා සිටුවීමට හා සියලු දෙනාට මේ පණිවුඩය මෙම තරගාවලිය යොදා ගනු ඇත.

තරගාවලියේ සමාරම්භක මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මයිලෝ ශ්‍රී ලංකා සමාගමේ සන්නාම කළමනාකරු මොහොමඩ් අලි මහතා පවසා සිටියේ ක්‍රීඩාවේ සැබෑම අගය පිටතට ගෙන ඒමට හැකිවන්නේ එකිනෙකාට ගෞරව කිරීමෙන් පමණක් බවයි.  

“ක්‍රීඩාවේ අගය හා ක්‍රීඩාවට ඇති ගෞරවය දැක්විය හැක්කේ එකිනෙකාට ගරු කිරීමෙනි. අපි බොහොම කැමතියි මේ පණිවුඩය ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, දෙමව්පියන් හා ප්‍රේක්ෂකයින් අතර පතුරුවා හරින්න.”

තරගාවලිය පුරා අනුග්‍රාහකයින් ‘ක්‍රීඩාවට ගරු කරනු’ යන තේමා පාඨය ඔස්සේ ක්‍රීඩාවේ සැබෑ අගය ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ.

සේනානායකයින්ට විශිෂ්ට ජයක්

12 වැනි වරට පවත්වනු ලැබූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ මහානාම….

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති මේ පිළිබඳව තවත් අදහසක් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩාවේ හරය නැවත ඉස්මතු කරවීමට නම් කණ්ඩායම් ද අනෙක් කණ්ඩායම්වලට ගෞරව කළ යුතු බවයි.

“අපි ක්‍රීඩාවට ගරු කළ යුතුමයි. ක්‍රීඩකයින්, පුහුණුකරුවන් පමණක් නොවේ සියලු දෙනා එය සිදු කළ යුතුයි. අද ක්‍රීඩාවේ තරගකාරිත්වය වැඩි වෙලා, මිනිස්සුන්ට අමතක වෙලා තිබෙනවා මේ පාසල් දරුවන් කියලා. ඔවුනුත් මනුෂ්‍යයෝ, ඔවුන් වසර පුරා ඉතා අමාරුවෙන් මහන්සි වෙලා සිටින්නේ, ඔවුන් ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනයත් සමබර කරන්න ඕන, එතකොට තමයි ඔවුන් සාර්ථක වෙන්නේ.” සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසිය.

“අපේ රටේ ගැටලුවක් තිබෙනවා, අපි දන්නේ නැහැ ඒ මොකද්ද කියලා නමුත් මම දන්නවා අපි ඒක හරි ගස්සන්න ඕන.” ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ඔහුගේ ධුර කාලය තුල දී මේ පාසල් ක්‍රීඩා පිටියේ ගැටලු නිවැරදි කරන්න උත්සහ ගන්නා බවයි.

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මේ සති අන්තයේ දී ආරම්භ වන අතර කණ්ඩායම් අටක් ජනාධිපති කුසලානයටත්, කණ්ඩායම් හතක් අගමැති කුසලානයටත්, කණ්ඩායම් පහක් සභාපති කුසලානයටත් සහභාගී වනු ඇත.

ජනාධිපති කුසලානයේ තරග සැකැස්ම මෙසේය.

දිනය තරගය කණ්ඩායම 1 කණ්ඩායම 2 ක්‍රීඩාංගණය
ජුනි 16 අර්ධ අවසන් පුර්ව 1 සාන්ත ජෝසප් විද්‍යාලය මලියදේව විද්‍යාලය සුගතදාස
ජුනි 17 අර්ධ අවසන් පුර්ව 2 කිංග්ස්වුඩ් විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලය නිත්තවෙල
ජුනි 18 අර්ධ අවසන් පුර්ව 3 ඉසිපතන විද්‍යාලය වෙස්ලි විද්‍යාලය සුගතදාස
ජුනි 18 අර්ධ අවසන් පුර්ව 4 සාන්ත පීතර විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලය තුරඟ තරඟ පිටිය
ජුනි 23 අවසන් පුර්ව 1 ජයග්‍රාහක : අර්ධ අවසන් පුර්ව 1 ජයග්‍රාහක : අර්ධ අවසන් පුර්ව 2 සුගතදාස
ජුනි 24 අවසන් පුර්ව 2 ජයග්‍රාහක : අර්ධ අවසන් පුර්ව 3 ජයග්‍රාහක : අර්ධ අවසන් පුර්ව 4 සුගතදාස
ජුනි 30 අවසන් මහා තරගය ජයග්‍රාහක : අවසන් පුර්ව 1 ජයග්‍රාහක :අවසන් පුර්ව 1 තුරඟ තරග පිටිය

 

ThePapare.com ඔබ වෙත මේ සියලු තරග ThePapare.com, ඩයලොග් TV නාලිකා අංක 1 හා My TV ඔස්සේ සජීවීව ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<