ප්‍රියමාල් පෙරේරාගේ ශතකය දවස උණුසුම් කරයි

322

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග ඊයේ (11) ආරම්භ වූ අතර දිනයේ එකම ශතකය වාර්තා කරමින් පිටිය උණුසුම් කිරීමට කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ ප්‍රියමාල් පෙරේරා සමත් විය.

ඊට අමතරව ලකුණු අතරට පිවිසීමට රමේෂ් මෙන්ඩිස් සහ වනිඳු හසරංග සමත් වීම කැපී පෙණුනි.

ලකුණු පසුපස හඹායන සන්තුෂ්ගෙන් තවත් ශතකයක්

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් තැනී තිබෙන වේදිකාවක් වන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ…

මුවර්ස් සහ ටැමිල් යූනියන් අතර තරගය

මුවර්ස් පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුවර්ස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගත්තේ ය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තරගයේ පළමු දිනය අවසන් වෙන විට තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 324ක් රැස් කරගෙන සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වීමට රමේෂ් මෙන්ඩිස් සමත් වීම කැපී පෙණුනි. ඔහු මේ වන විට පන්දු 157කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 75ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ජීවන් මෙන්ඩිස් ලකුණු 119කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 324 (94) පබසර වඩුගේ 24, ඉරෝෂ් සමරසූරිය 24, චරිත කුමාරසිංහ 36, අයන සිරිවර්ධන 31, චාමර සිල්වා 43, රමේෂ් මෙන්ඩිස් නොදැවී 75, නිමන්ද මධුශංක 35, ජීවන් මෙන්ඩිස් 5/119, දමිත සිල්වා 3/59


සී. සී. සී. සහ බදුරලිය අතර තරගය

මොරටුව ටිරොන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙන සී. සී. සී. ක්‍රීඩකයෝ පළමු දිනය අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 307ක් ලබා සිටිය හ.

එම ඉනිමට අර්ධ ශතක දෙකක් වාර්තා වූ අතර හොඳම ඉනිම ක්‍රීඩා කළේ වනිඳු හසරංග ය. ඔහු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තේ ය. මාධව වර්ණපුර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 59කි.

කඩුලු ලබා ගැනීමේ දී සචිත් පතිරණ කඩුලු 3ක් ද සහ බුද්ධික සංජීව කඩුලු 2ක් ද දවා ගෙන තිබුණි.

සී. සී. සී.; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 307 (84) රොන් චන්ද්‍රගුප්ත 36, මාධව වර්ණපුර 59, මිනෝද් භානුක 27, වනිඳු හසරංග 82, ලසිත් අබේරත්න 49, මළිඳු මධුරංග නොදැවී 20, බුද්ධික සංජීව 2/68, සචිත් පතිරණ 3/120

20-20 සිහිනයත් බොඳ වෙමින් ශ්‍රී ලංකාව තරගාවලි ත්‍රිත්වයම පරාජය වේ

ලසිත් මාලිංග පන්දු යැවීමෙන් එල්ල කළ අභියෝගයත් තිසර පෙරේරා පන්දුවට පහර දීමේ දී දැක්වූ දක්ෂතාවත් හැරෙන්නට වෙනත් කිසිදු දක්ෂතාවක්…

කෝල්ට්ස් සහ බී. ආර්. සී. අතර තරගය

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බී. ආර්. සී. නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රීඩකයෝ දිනය අවසන් වෙන විට කඩුලු 9ක් දැවී ලකුණු 272ක් රැස් කර ගෙන සිටිය හ.

Photo Album : BRC v Colts | Major League Tier A Tournament 2018-2019

එම ඉනිම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට ප්‍රියමාල් පෙරේරා සමත් විය. ඔහු පන්දු 237කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් මේ වෙද්දී නොදැවී ලකුණු 110ක් ලබා සිටී.

කඩුලු ලබා ගැනීමේ දී ටී. එන්. සම්පත් ලකුණු 56කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 272 (93) හෂාන් දුමිඳු 42, නිශාන් මධුශ්ක 46, ප්‍රියමාල් පෙරේරා නොදැවී 110, දුවිඳු තිලකරත්න 2/90, ටී. එන්. සම්පත් 6/56


එන්. සී. සී. සහ වරාය අධිකාරය අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 218ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය කණ්ඩායම පළමු දිනය අවසන් වෙන විට කඩුල්ලක් දැවී ලකුණු 84ක් ලබා සිටියේ ය.

එන්. සී. සී. ඉනිම වෙනුවෙන් මාලිංග අමරසිංහ අර්ධ ශතකයක් ලබා ගැනිම කැපී පෙනුණි.

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (59.1) හසිත බෝයගොඩ 34, චතුරංග ද සිල්වා 39, මාලිංග අමරසිංහ 54, එස්. රංගා 42, සාරංග රාජගුරු 27, චමින්ද බණ්ඩාර 3/55, චානක කොමසාරු 2/59, ඉමේෂ් උදයංග 2/52, අනුක් ද අල්විස් 2/11

වරාය අධිකාරය කණ්ඩායම; පළමු ඉනිම කඩුල්ලක් දැවී 84 (31) රමේෂ් නිමන්ත නොදැවී 23,  ප්‍රිමෝෂ් පෙරේරා නොදැවී 43

ටෙස්ට් සහ එක්දින පිටිය වර්ණවත් කළ රෝයි ඩයස්

1979 වසරේ දී අනුර තෙන්නකෝන්ගේ නායකත්වය යටතේ ICC කුසලානය දිනා ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලබා ගත් විශාල ජයග්‍රහණයකි.

මීගමුව සහ සැරසන්ස් අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මීගමු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දී දිනය අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 215ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක දෙකක් රැස් කෙරුණි. ෂෙහාන් ජයසූරිය පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත් අතර ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 95කට මුහුණ දෙමින් ලකුණු 56ක් ලබා ගත්තේ ය.

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 215 (64) ෂෙහාන් ජයසූරිය 62, අශේන් සිල්වා 26, ලසිත් කෘස්පුල්ලේ 56, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 30, සාලිය සමන් 2/30, චාමිකර එදිරිසිංහ 3/50, හරීන් වීරසිංහ 2/29


යුද හමුදාව සහ රාගම අතර තරගය

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ යුද හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් දිනය අවසන් වෙන විට කඩුලු 4ක් දැවී 204ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් දුශාන් විමුක්ති පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් මේ වෙද්දී නොදැවී ලකුණු 57ක් ලබා සිටී.

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම් කඩුලු 4ක් දැවී 204 (83.3) ලක්ෂාන් එදිරිසිංහ 38, ලක්ෂිත මධුශාන් 42,  සංජික රිද්ම නොදැවී 31, දුශාන් විමුක්ති නොදැවී 57, අමිල අපොන්සු 2/51

මේ සියලු තරග හෙට (12) දිනයේ දී දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<