වෙළඳසේවා ශූරතාවයේ රු. මිලියනයකට අධික ත්‍යාග මුදලක්

190

වෙළඳසේවා ක්‍රීඩා ඉසව් අතර කාගේත් අවධානයට ලක්වන ඉසව්වක් ලෙස “වෙළඳසේවා වොලිබෝල් ශූරතාවය” හැඳින්විය හැකි අතර 2019 වසරේ දී පැවැත්වීමට නියමිත වෙළඳසේවා වොලිබෝල් ශූරතාවය” පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (09) ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේ දී පැවැත්විය.

පළමු දිනයේම ඔමායාගෙන් විශිෂ්ට දස්කම්

2019 ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ පළමු දිනය ඊයේ (8) නිමා විය. ඒ ඉතාලියේ නැපොලි හි සැන් පාඔලෝ ක්‍රීඩාංගණයේ දී ය.

8 වන වරට පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා පිරිමි හා කාන්තා දෙඅංශයෙන්ම කණ්ඩායම් 100කට වඩා සහභාගීත්වයක් සංවිධායකයින් විසින් අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සාමාන්‍යාධිකාරීවරයෙකු වන ලක්මාල් ජයසිංහ මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් කණ්ඩායමක් හා ශ්‍රී ලංකාවේ පිළිගත් ආයතන නියෝජනය කරන විධායක කමිටුවක් මඟින් මෙවර තරගාවලියේ සංවිධායක කටයුතු සිදු කරනු ලබයි.  

මෙවර වෙළඳසේවා වොලිබෝල් ශූරතාවයේ මූලික වටයේ තරග සැප්තැම්බර් මස 07 හා 08 දෙදින තුළ මහරගම තරුණ සේවා සභා වොලිබෝල් අංගණයේ දී පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරග නොවැම්බර් මස 02 හා 03 යන දෙදින පුරා මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

හසින්ත විජේරත්න තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට්….

සුපර් ලීග්, ශූරතා කුසලාන හා ‘ඒ’’ ලෙස කාණ්ඩ 3ක් යටතේ පැවැත්වීමට නියමිත මෙවර තරගාවලියේ දී රුපියල් මිලියනයකට අධික ත්‍යාග මුදලක් ජයග්‍රාහකයින් අතරේ බෙදී යයි. දක්ෂතම ක්‍රීඩකයාට හා ක්‍රීඩිකාවට යතුරුපැදි දෙකක් පිරිනැමෙන අතර සෑම කණ්ඩායමකින්ම දක්ෂතම ඔසවන්නා, දක්ෂතම ප්‍රහාරකයා ඇතුළු විවිධ දක්ෂතාවලට සම්මාන පිරිනමනු ලබයි.

වෙළඳසේවා වොලිබෝල් සංගමය මඟින් මෙම තරගාවලිය පැවැත්වීමේ අරමුණ වී ඇත්තේ රටපුරා විසිරී සිටින වොලිබෝල් ක්‍රීඩකයන්ට තමන්ගෙ දක්ෂතා දැක්වීමට වේදිකාවක් ගොඩනැගීමයි. මෙම වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය තුලින් ජාතික තලයට ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් දායාද කර ඇති අතර ඉදිරියටත් එම බලාපොරොත්තුව පෙරදැරිව තරගාවලිය සංවිධානය කරයි.

තරගාවලියේ තරග වාර්තා, ඡායාරූප සඳහා රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<