ශ්‍රී ලංකාවට එන එංගලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ

294

තරග තුනකින් සමන්විත සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලියට එක්වන එංගලන්ත කණ්ඩායම ඊයේ (21) නම් කෙරුණි. කෙන්ට් ප්‍රාන්තය නියෝජනය කළ ජෝ ඩෙන්ලි, වේගපන්දු යවන ක්‍රීඩක ඔලී ස්ටෝන් හා සරේ කණ්ඩායමේ නායක රෝරි බර්න්ස් යන ක්‍රීඩකයින් තිදෙනාම පළමු වරට එංගලන්ත කණ්ඩායමට ඇතුළු වී තිබීම විශේෂත්වයක්.

විරාත් කෝලිට කියා දුන් පාඩම ගැන ධර්මසේනගෙන් හෙළිදරව්වක්

විරාත් කෝලි සහ කුමාර් ධර්මසේන යනු ක්‍රිකට් විෂය පථයෙහි සැරිසරන්නන් වුවද කුලක දෙකක් නියෝජනය කරන්නෝ වෙති. කෝලි යනු ක්‍රීඩකයින්ගේ කුලකයට ඇතුළත් වන අතර…

ජෝ ඩෙන්ලි 32 හැවිරිදි ඉදිරි පෙළ පිතිකරුවෙකු වන අතර ඔහුගේ පළමු පෙළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.00ක් ලෙස සඳහන්.

ඩෙන්ලි එංගලන්තය වෙනුවෙන් එක්දින තරග නවයක් හා විස්සයි විස්ස තරග පහක් ක්‍රීඩා කර ඇති අතර අවසන් වරට ඔහු එංගලන්ත කණ්ඩායම නියෝජනය කළේ 2010 දී.

එංගලන්ත තේරීම් කමිටු ප්‍රධානී එඩ් ස්මිත් මෙම තේරීම් ත්‍රිත්වය පිළිබඳ මෙසේ අදහස් දක්වා තිබුණා. “ඩෙන්ලි ඉතා හොඳ පළමු පෙළ තරග වාරයක් ක්‍රීඩා කරමින් පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දක්වා තිබුණා, ඔහු එංගලන්තයේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු බවට පරිණත වී තිබෙනවා, ඉහළම මට්ටමේ දී ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා කණ්ඩායමට උදව්වක් වේවි.”

ශ්‍රී ලංකාව ලබාගත් ආරම්භයට බාධාවක්!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (21) කොළඹ කොල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වූ නමුත් තරගයට…

තේරීම් කමිටු ප්‍රධානියා එසේ පැවසුවත් ඔහුගේ පා දඟපන්දුවෙන් පළමු පෙළ කඩුලු වාර්තාව දැක්වෙන්නේ කඩුලු 59ක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ සංචාරයට එක්වන එංගලන්ත සංචිතය

ජෝ රූට් – නායක, මොයින් අලී, ජිමී ඇන්ඩර්සන්, ජොනී බෙයාර්ස්ටෝව්, රෝරි බර්න්ස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජෝස් බට්ලර්, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, කීටන් ජෙනින්ග්ස්, ජැක් ලීච්, ඔලී පෝප්, අඩිල් රෂිඩ්, බෙන් ස්ටෝක්ස්, ඔලී ස්ටෝන්, ක්‍රිස් වෝක්ස්

“ඔලී ස්මිත් විශාල දක්ෂතාවයක් ඇති තරුණ ක්‍රීඩකයෙක්, ඔහු ලබාගෙන ඇති පළමු පෙළ කඩුලු 37 ඔහු ලබාගෙන ඇත්තේ 12.27ක සාමාන්‍යයක් රඳවා ගනිමින්” ස්මිත් මහතා අදහස් දක්වා තිබුණා.

“රෝරි බර්න්ස් සරේ කණ්ඩායම ශූරතාවය සඳහා මෙහෙයවූවා, ඔහු දිගින් දිගටම හොඳින් ලකුණු රැස්කළා සහ ඒ නිසාම ඔහු ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසුයි, රෝරි තමයි මේ තරග වාරයේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා, මෙවර තරග වාරයේ දී 69.00ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ඔහු ලකුණු 1319ක් රැස් කරගෙන තිබෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<