“මේ තරගාවලිය අපිට ලැබුණු හොඳ අවස්ථාවක්” – හශාන්

707

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව අද (12) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්විය.

විනිසුරු තීරණයට විවාද කළ ජේසන් රෝයිට දඬුවම්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (11) එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එංගලන්ත – ඕස්ට්‍රේලියා….

ජූලි මස 16 වැනිදා සිට ජූලි මස 23 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තීරණාත්මක තරගාවලියේ දී දේශීය ක්‍රිකට් පිටියේ සිටින වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් දක්වන දස්කම්, එළඹෙන වසරේ ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමට පිටිවහලක් වනු ඇත. 

“මේ තරගාවලිය අපිට ලැබුණු හොඳ අවස්ථාවක් විදිහට මම දකිනවා, විශේෂයෙන්ම එළඹෙන ලෝක කුසලානයට හා ආසියානු කුසලානයට අපේ සංචිතය තෝරාගන්න මේ තරගාවලිය තුළ ක්‍රීඩකයින් දක්වන දස්කම් ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි. මේ සංචිත තෝරන කොට මම තේරීම් කමිටුවට ලබා දුන්නා මේ කණ්ඩායම්වල සංචිතය හදන්න ඕන සංයුතිය මොකක්ද කියලා. දැනට ජාතික සංචිතයේ ඉන්න ක්‍රීඩකයින්ට මේ අලුත් ක්‍රීඩකයින් හොඳ අභියෝගයක් දෙයි කියලත් මම හිතනවා.” යැයි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හෂාන් තිලකරත්න මහතා පැවසීය. 

Photos: Media Briefing of the U19 Super Provincial 50 Over Tournament

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම පිළිබඳව තිලකරත්න මහතා පැවසුවේ මෙවැන්නක්. 

“තෝරාගැනීමේ තරග තියලා තමයි මේ තරගාවලියට ක්‍රීඩකයින් තෝරාගත්තේ. උතුරු පළාතෙන් ක්‍රීඩකයින් තුන් දෙනෙක් හොඳ දස්කම් දක්වලා මේ කණ්ඩායම් 4ට තේරිලා තියෙනවා. ඒ අතර දැනටමත් 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයෙකුත් ඉන්නවා.”

2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත සහතික

මැයි මස 30 වැනිදා ආරම්භ වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූලි මස 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර…

පසුගිය වසරේ දී ද මෙවන් ආකාරයකම දේශීය යොවුන් පළාත් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වූ අතර එහි ශූරතාව දිනා ගත්තේ සන්තුෂ් ගුණතිලක ප්‍රමුඛ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම යි. මෙවර පැවැත්වෙන තරගාවලියේ කොළඹ, මහනුවර, ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් හි නායකත්වය පිළිවෙළින් කමිල් මිශාර, රුවීන් පීරිස්, තවීෂ අභිෂේක් හා නිපුන් ධනංජය හට ලබා දී ඇත. 

නායකයින් සියලු දෙනාම පැවසුවේ ඔවුන්ට මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගෙන සාර්ථක තරගාවලියක් අවසන් කරමින් ශූරතාව ජයග්‍රහණය කිරීමට උත්සාහ කරන බවයි. 

මෙම තරගාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම් 4, සෑම කණ්ඩායමක් සමඟින්ම තරග වදිනු ලබන අතර එම තරග සියල්ලටම (තරග 3) පසුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකේ සිටින කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට තේරී පත්වේ. අනෙකුත් කණ්ඩායම් දෙක තරගාවලියේ 3 වැනි සහ 4 වැනි ස්ථාන වෙනුවෙන් පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත. 

මේ තරග සියල්ලම දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත්තේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග බොහෝමයක් දිවා තරග වන නිසාය.

තරගාවලියේ ශූරතාව, අනුශූරතාව, හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන ක්‍රීඩකයින් හට තරගාවලිය අවසානයේ මූල්‍යමය ත්‍යාග ප්‍රදානයක් සිදු වේ.

19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ සංචිත නිකුත් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් සුපිරි ක්‍රිකට්….

තරග කාලසටහන

  • ජූලි 16 – කොළඹ හා දඹුල්ල – දඹුල්ලේ දී  
  • ජූලි 16 –  මහනුවර හා ගාල්ල – පල්ලෙකැලේ දී
  • ජූලි 18 – මහනුවර හා කොළඹ  – දඹුල්ලේ දී  
  • ජූලි 18 – දඹුල්ල හා ගාල්ල – පල්ලෙකැලේ දී
  • ජූලි 20 – ගාල්ල හා කොළඹ – දඹුල්ලේ දී  
  • ජූලි 20  – දඹුල්ල හා මහනුවර – පල්ලෙකැලේ දී
  • ජූලි 22 – තෙවැනි හා සිව්වැනි ස්ථාන තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගය – දඹුල්ලේ දී  
  • ජූලි 23 – අවසන් මහා තරගය  – දඹුල්ලේ දී  

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය ක්‍රිකට් මෙහෙයුම් නිලධාරි චින්තක එදිරිමාන්න, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න යන මහත්වරුන් හා තරගාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම් හතරේ කණ්ඩායම් නායකයින් පැමිණ සිටියේය. 

මෙම තරගාවලියේ සජීවී විකාශයට අමතරව සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<