“සල්ලි සටනේ” ගෞරවය මේවෙදර්ට

556
Pic Courtesy - Trbimg.com

සටන් කලා ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානය හිමිවූ මැක්ග්‍රෙගර් – මේවෙදර් “සල්ලි සටන” (Money fight) මීට සුළු මොහොතකට පෙර ඇමරිකාවේ පැරඩයිස් සිටි හිදී අවසන් විය. එහිදී විනිසුරු විසින් තරගය නතර කරන තෙක් ප්‍රතිවාදියාට පහර දුන් ෆ්ලොයිඩ් මේවෙදර් තරගය ජයග්‍රහණය කළේය.

මැක්ග්‍රෙගර් සහ මේවෙදර් දෙදෙනාම සූදානම්

ලොව සටන් ක්‍රීඩා ප්‍රියකරන සහ ඊට ගරු කරන සියලු දෙනාම ඉතා උනන්දුවෙන් බලා සිටින UFC ට එරෙහි බොක්සිං සටන තවත් සතියක කාලයකින් ඇරඹීමට නියමිතයි. එය වඩාත් විශේෂිත වන්නේ MMA…

පසුගිය මාස කිහිපය පුරාවටම ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය අතර කතාබහට ලක්වූ මෙම සටන්කරුවන් දෙදෙනාගෙන් කොනර් මැක්ග්‍රෙගර්, UFC මිශ්‍ර සටන් කලා පිටියේ ලයිට් වෙයිට් සහ ෆෙදර් වෙයිට් ශූරතාවයට හිමිකම් කියූ අතර ෆ්ලොයිඩ් මේවෙදර්, වෘත්තීය බොක්සිං ශූරතා 15කට ආසන්න ප්‍රමාණයක් ජයග්‍රහණය කළ අපරාජිත බොක්සිං ශූරයෙකු විය. කෙටියෙන් කියතොත් මෙම බොක්සිං තරගය සැලකුණේ මැක්ග්‍රෙගර්ගේ පළමු වෘත්තීය බොක්සිං තරගය ලෙස සහ මේවෙදර්ගේ 50 වැනි වෘත්තීය තරගය ලෙසයි.   

සටනට පදනම් වූ දැවැන්ත මුදල් කන්දරාව නිසාම මෙම සටන හැඳින්වුණේ Money fight ලෙසයි.

බොක්සිං තරගයක් ලෙස පැවැත්වුණු තරගය මිශ්‍ර සටන් කලා ශූර මැක්ග්‍රෙගර් හට අවාසිදායක වනු ඇතැයි ද මේවෙදර්ට “ගෙදර වගේ” වනු ඇති බවද සඳහන් වූවත් ප්‍රදානය කෙරුණු මුදල් ප්‍රමාණය දකින ඕනෑම කෙනෙකු මැක්ග්‍රෙගර්ගේ ඉදිරිපත් වීම ගැන පුදුම වූයේ නැත.

සටන ඇරඹී පළමු වට 3ම මැක්ග්‍රෙගර් විසින් තම ආධිපත්‍යට නතුකරගැනීමත් සමඟ සියලු දෙනාගේ විශ්වාසයන් සැකයට බඳුන් වූවත් තෙවන වටයේ සිට තරගයට අවතීර්ණ වූ මේවෙදර්, කෙමෙන් තම ප්‍රහාරය දැඩි කළේය. කෙමෙන් මැක්ග්‍රෙගර්ගේ පසුබැසීමක් දක්නට ලැබුණු අතර මේවෙදර් තම සුපුරුදු බොක්සිං දස්කම්වලට පැමිණෙමින් තරගය තමන්  සතුකරගත්තේ තම 50 වැනි වෘත්තීය බොක්සිං තරගයත් අපරාජිතව අවසන් කරමින් තම විශ්‍රාම ගැනීම සනිටුහන් කරමිනි.

තරග වට 10ක් අවසානයේ විනිසුරු තීරණය කළේ තරගය නවතා දැමීමටයි. එබැවින් ජය හිමිවූයේ මේවෙදර් හටයි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට