Daraz – LPL හි ඩිජිටල් සහකරු වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

311

දෙවැනි වරට පැවැත්වෙන ‘ලංකා ප්‍රිමියර් ලීග් – 2021’ (LPL) තරගාවලියේ සම අනුග්‍රාහකයෙකු ලෙස සහ සුවිශේෂී ඩිජිටල් ප්‍රවාහ සහකරු ලෙස Daraz ඉදිරිපත්ව සිටියි. දෙසැම්බර් මස 05 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ සහ හම්බන්තොට දී පැවැත්වෙන ‘LPL – 2021’ තරගාවලියේ සියලුම තරග ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කිසිම මුදලක් අය කිරීමකින් තොරව ක්‍රීඩා ලෝලීන්ට සජීවව ගෙන ඒමට Daraz කටයුතු යොදා තිබේ.

අන්තර්ජාලය මත පදනම්ව වෙළෙඳාම් සිදුකරන ලොව ප්‍රභල පෙළේ වාණිජ සමාගමක් වන Daraz, ගෙවී ගිය සැප්තැම්බර් මාසයේ දී ඩිජිටල් වේදිකාව වන Daraz Live දියත් කිරීමට පියවර ගනු ලැබීය. සජීව ප්‍රවාහයක් ඇතුළත් ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාලය මත පදනම්ව වෙළෙඳාම් කෙරෙන මෘදුකාංකය ලෙස ද Daraz Live ඩිජිටල් වේදිකාව හැඳින්විය හැක.

තරග 24කින් සමන්විත මෙවර තරගාවලියේ දී කලම්බු ස්ටාර්ස්, දඹුල්ල ජයන්ට්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි වොරියර්ස් යන කණ්ඩායම් තරග වදියි. දේශීය ක්‍රීඩකයින්ට, පළපුරුදු ඇති දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩකයින් සමඟ එක්ව තරග වදිමින් සිය දක්ෂතා ඉහළ නංවා ගැනීමටත්, ඒ ඔස්සේ විස්සයි-විස්ස කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමටත් මේ තරගාලියේ දී අවස්ථාව උදාවනු ඇත.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වා සිටින Daraz Sri Lanka හි අළෙවි ප්‍රධානී හේෂාන් පෙරේරා මහතා මෙලෙස තම අදහස් දැක්වීය.

“ක්‍රිකට් ජාතියක් ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකාව සෑම තරාතිරමක අයගේ ගෞරවයට පාත්‍රවී සිටිනවා. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සමඟ අපි හවුල්කරුවන් ලෙස කටයුතු කිරීමේ දී අපගේ ගනුදෙනුකරුවන්ට සජීවී තරගයක විනෝදාස්වාදය ගෙන එනවා සේම ඔවුන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීමට අපට අවස්ථාව උදාවෙනවා. ඔවුන් ආදරය කරන ක්‍රීඩාව ඔවුන්ට වඩාත් සමීප මාධ්‍යයකින් නැරඹීමට අවස්ථාව සැලසීම හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් අපේ කැපවීම ද පිළිබිඹු වෙනවා.”

“LPL තරගාවලියේ ඩිජිටල් ප්‍රවාහ සහකරු ලෙස Daraz සමඟ බෙදා ගැනීමට හැකි වීම ගැන අපි සතුටට පත් වෙනවා. Daraz සතුව දෛනික පරිශීලකයින් 350,000 කට අධික සංඛ්‍යාවක් සිටින අතර, මෙම හවුල්කාරීත්වය යටතේ LPLහි ශ්‍රී ලංකාව පුරා ඉහළ නරඹන්නන්ගේ ප්‍රවේශයක් ලබාගත හැකි වනු ඇතැයි අපිට විශ්වාසයි” යැයි තරගාවලි සංවිධායක ආයතනය වන IPG. සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා සඳහන් කර සිටියේය.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<