අලංකාර හා උෂාන් බදුරලිය ඉනිම ඔසවා තබයි

180

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් මීගමුව ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජය අතර අද (7) පැවැත්විය.

මාලින්ද පුෂ්පකුමාර ඉනිමක කඩුලු 10ම සතු කර ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ සී. සී. සී. කණ්ඩායම නියෝජනය කරන වමතින්

තරගයේ දෙවන දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බදුරලිය ක්‍රීඩා සමාජ ක්‍රිකට් කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 130ක් ලබාගෙන සිටියේ මීගමුව ක්‍රීඩා සමාජ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 198ක් පිටුපසින් සිටිමිනි.

නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින සාලින්ද උෂාන් (ලකුණු 68*) හා නායක අලංකාර අසංක (ලකුණු 62*) යන දෙදෙනාම නොදැවී අර්ධ ශතක ලබාගෙන පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 130*ක සබඳතාවයක් ගොඩනැංවීම, දිනය අවසානයේ කැපී පෙනුණ සිදුවීම බවට පත් විය. එහි දී උශාන්ගේ ඉනිම 4 පහර 9කින් වර්ණවත් වෙද්දී, නායක අලංකාරගේ ඉනිම අලංකාරවත් 4 පහර 6කින් වර්ණවත් විය.

ඊයේ (06) මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මීගමුව ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

>>Photo Album – Negombo CC vs Badureliya CC | Major League Tier A Tournament 2018/19<<

අද දිනයේ උදෑසන තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මීගමුව ක්‍රිකට් සමාජය  කඩුලු 6ක් දැවී ලකුණු 233ක් ලබා ගෙන සිටි අතර එම ලකුණු සටහන ලකුණු 328ක් දක්වා රැගෙන යාමට මැදපෙළ දකුණත් පිතිකරුවෙක් වන ප්‍රසන්න ජයමාන්න ලබා ගත් වටිනා ශතකය ඔවුන්ට සවියක් විය. එම ශතකයට 4 පහර 14ක් ඇතුළත් විය. පසුපෙළ පිතිකරුවෙක් වන උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 44ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන බුද්ධික සංජීව ලකුණු 74කට කඩුලු 5ක් දවා ගන්නා විට, ලහිරු සමරකෝන් මීගමුව ක්‍රිකට් සමාජ පළමු ඉනිමේ කඩුලු 3ක් සඳහා වග කියන ලදි.

මීගමුව ක්‍රිකට් සමාජ පළමු ඉනිම – 328 (122.3): ප්‍රසන්න ජයමාන්න 108, ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 51, උපුල් ඉන්ද්‍රසිරි 44* ඇන්ජලෝ ජයසිංහ 34, බුද්ධික සංජීව 5/74, ලහිරු සමරකෝන් 3/81.

බදුරලිය ක්‍රිකට් සමාජ පළමු ඉනිම  (දෙවන දිනය අවසානයේ) – 130/0 (53): සාලින්ද උෂාන් 68*, අලංකාර අසංක 62*.

මෙම තරගය හෙට (08) තෙවැනි හා අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.   

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <