එස් .එස්. සී. ක්‍රීඩකයෝ Emerging ශූරතාව දිනා ගනී

395

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ එස්. එස්. සී. සහ කෝල්ට්ස් අතර පැවති අවසාන මහා තරගයේ දී පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ එහි ශූරතාව ද දිනා ගැනීමට සමත් විය.

චරිත් තමන්ගේ චරිත සහතිකයට ශතකයක් එක් කර ගනී

එංගලන්තය සමඟ පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට කැඳවීම් ලැබූ චරිත් අසලංක ක්‍රීඩා නොකරම තෙවැනි ටෙස්ට් ක්‍රිකට් සංචිතයෙන් ඉවත් කළ ද ඔහු අද (25) කොළඹ ආර්.

කාසියේ වාසිය දිනූ එස්. එස්. සී. නායකයා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 385ක් ලබා ගනිමින් සෑහීමකට පත් ව පිළිතුරු ඉනිමට ක්‍රීඩා කිරීමට කෝල්ට්ස් කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 197ක් පමණි.

පළමු දිනය අවසන් වෙද්දී කෝල්ට්ස් ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 12ක් ලබා සිටි අතර අද එතැන් සිට තරගය ආරම්භ කළහ. පෙර දිනයේ නොදැවී ලකුණු 11ක් ලබා සිටි අවිශ්ක ප්‍රනාන්දු අද තම ඉනිම ඉදිරියේ ලකුණු 35ක් ලියා ගත්තේ ය. පන්දු 43කට මුහුණ දුන් අවිශ්ක හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය. අවිශ්කට අමතරව කෝල්ට්ස් ඉනිම වෙනුවෙන් ලකුණු 33ක් ලබා ගැනීමට සධීර සමරවික්‍රම සමත් විය.

දෙවැනි දිනයේ දහවල් විවේකය වෙද්දී කෝල්ට්ස් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 121ක් ලබා සිටිය හ. එම අවස්ථාව වෙන විට හෂාන් දුමිඳු නොදැවී ලකුණු 20ක් ලබා සිටි අතර චලන ද සිල්වා නොදැවී ලකුණු 5ක් ලබා සිටිමින් ඉනිම ශක්තිමත් කිරීමේ මෙහෙයුමේ යෙදුණි.

එංගලන්තය පළමු වතාවට ශ්‍රී ලංකාව white wash කරයි

සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර කොළඹ SSC පිටියේ දී අද (26) නිමා වූ තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයත් ලකුණු 42කින් ජයග්‍රහණය කළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම…

නමුත් දිවා විවේකයෙන් පසුව චලන ද සිල්වා ලකුණු 8ක් ලබා සිටිය දී ඉනිම හැර ගියේ ය. එතැන් සිට එම කාර්තුවේ දී කෝල්ට්ස් ඉනිමේ සියලු කඩුලු දවා ගැනීමට එස්. එස්. සී. පන්දු යවන්නෝ සමත් වූහ.

පන්දු යැවීමේ දී තරිඳු රත්නායක ලකුණු 45කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳම පන්දු යවන්නා බවට පත් විය. ආකාශ් සේනාරත්න ද කඩුලු 3ක් දවා ගත් අතර ඔහු ඒ වෙනුවෙන් ලකුණු 63ක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ය. චරිත් අසලංක ද කඩුලු 2ක් දවා ගත්තේ ය.

>>Photos: SSC v Colts – Premier Emerging League 2018/19 – Finals | Day 02<<

දිනයේ අවසන් කාර්තුව ආරම්භ වූයේ ලකුණු 193ක් ඉදිරියෙන් සිටි එස්. එස්. සී. ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම ආරම්භ වෙමිනි. එස්. එස්. සී. ආරම්භක කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසියේ සම්මු අශාන් සහ ජොහැන් ඩි සිල්වා ය. ඔවුන් දෙදෙනා අතුරින් ජොහාන් ලකුණු 12ක් ලබා සිටිය දී පිටිය හැර ගියේ ය. ඒ වෙද්දී එස්. එස්. සී. ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 36ක් ලෙසිනි.

අනතුරුව ක්‍රිශාන් සංජුල හා එක් වූ සම්මු එස් .එස්. සී. ලකුණු පුවරුව 103ක් දක්වා රැගෙන ඒමට සමත් විය. පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 72ක් ලබා සිටිය දී සම්මුගේ ඉනිම ද අවසන් විය. ඒ වෙද්දී එස් .එස්. සී. ඉනිම කඩුලු දෙකක් දැවී ලකුණු 103ක්ව තිබුණි.

ලැබ්රෝයි ඇතුළු තේරීම් කමිටුව ගෙදර යවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (25) පස් දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුවක් නම් කර ඇති අතර එහි ප්‍රධානියා ලෙස අශාන්ත ද මෙල් මහතා පත් කර තිබේ.

එම අවස්ථාව වන විට තරගයේ නිශ්චිත අවසානයක් නොපෙණුන බැවින් දෙපිළේ නායකයන්ගේ තීරණයෙන් තරගය අවසන් කිරීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළහ. ඒ ඒ වෙද්දී පළමු ඉනිමේ ජයග්‍රහණය අනුව ශූරයන් කවුදැයි තීරණය වී තිබූ බැවිනි.  

එස්. එස්. සී.; පළමු ඉනිම කඩුලු 8ක් දැවි 385 (84.3) සඳුන් වීරක්කොඩි 84, ජොහැන් ඩි සිල්වා 23, චරිත් අසලංක 115, කවිඳු කුලසේකර 67, ක්‍රිශාන් සංජුල නොදැවී 26, මතීෂ් තීක්ෂණ 3/76, කවිශ්ක අංජුල 2/60, චලන ද සිල්වා 2/94

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (59.4) අවිශ්ක ප්‍රනාන්දු 35, සධීර සමරවික්‍රම 33, ජෙහාන් ඩැනියෙල් 23, හෂාන් දුමිඳු 21, මතීෂ් තික්ෂණ නොදැවී 27, චරිත් අසලංක 2/17, ආකාශ් සේනාරත්න 3/68, තරිඳු රත්නායක 3/45

එස්. එස්. සී.; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 103 (19.3) සම්මු අශාන් 72, ක්‍රිශාන් සංජුල නොදැවී 15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<