සිවගුරුනාදන් සමරු කුසලානය යාපනය හින්දු විද්‍යාලයට

120

සිවගුරුනාදන් සමරු කුසලානය වෙනුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලය හා යාපනය හින්දු විද්‍යාලය අතර පැවැත්වුණු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට හින්දු විද්‍යාලය සමත් විය. තරගය පසුගිය සෙනසුරාදා (14) යාපනය විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

Photos: Inaugural Arjuna Ranatunga Challenge Trophy-2019

ThePapare.com | Murugaiah Saravanan | 15/09/2019 | Editing and re-using images without permission…

2012 වසරේ සිට මේ දක්වා පැවත එන මෙම ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වූයේ 8 වැනි වතාවටයි.

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඇදහැළුණු වර්ෂාව නිසා මේ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 20කට සීමා කළ අතර පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලය පන්දුවාර විස්ස තුල කඩුලු 5ක් දැවී ලකුණු 79ක් වාර්තා කරගන්නා ලදි. 

ආනන්ද මුල්පෙළ පිතිකරුවන් ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයකට දැවී යන විට, රොමෙත් සතිඳු ලකුණු 44ක් ලබාගෙන ආනන්ද විද්‍යාල ලකුණු සටහන තරගයක් දිය හැකි මට්ටමකට රැගෙන එන ලදි. ඔහුගේ ඉනිම 4 පහර 3කින් හා එක් 6 පහරකින් අලංකාරවත් විය. පන්දු යැවීමේ දී ප්‍රියන්තන් ලකුණු 13කට කඩුලු 2ක් දවාලන ලදි.

පන්දුවාර 20ක් තුල ලකුණු 80ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක හින්දු විද්‍යාලය එම ඉලක්කය පන්දුවාර 17කුත් පන්දු 3ක් අවසානයේ සපුර ගන්නා ලදි. ඒ සඳහා ඔවුන්ගේ පිතිකරුවන් සියලුම දෙනා ලකුණු රැස්කරගනිමින් සිය දායකත්වය දැක්විය. ලකුණු 16ක් වාර්තා කර ගත් යොන්ශාන් හින්දු විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා වන විට, ඔහුට සහාය වූ  කජාන්ත් හා කොමෙයින්තන් ලකුණු 14 බැගින් වාර්තා කළේය.  

ආනන්ද විද්‍යාලය – 79/5 (20): රොමෙත් සතිඳු 44, මිනෙත් ප්‍රේමරත්න 10, ප්‍රියන්තන් 2/13.

යාපනය හින්දු විද්‍යාලය – 80/6 (17.3): යොන්ශාන් 16, කජාන්ත් 14, කොමෙයින්තන් 14, තිසුක 2/12. 

Photos: Sivagurunathan Memorial Trophy 2019 | Jaffna Hindu College vs Ananda College Colombo

ThePapare.com | Saravanan Murugaiah | 16/09/2019 | Editing and re-using images….

ආදී ශිෂ්‍ය තරගය 

සිවගුරුනාදන් සමරු කුසලානයට සමගාමීව පැවැත්වෙන මෙම ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරගය අර්ජුන රණතුංග කුසලානය සඳහා පැවැත්වෙන ලදි.

එම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ ආනන්ද ආදී ශිෂ්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර දහයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 115ක් රැස් කළේය. එයට පිළිතුරු ලෙස දෙවනුව පන්දුවට පහර දුන් හින්දු විද්‍යාලය ආදී ශිෂ්‍යයින් පන්දුවාර 4ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 39ක් රැස් කරගෙන සිටිය දී අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කරන ලදි. 

වතාවක් තරගය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නිසා, දෙපිළටම සම ශූරතාව ලබා දෙමින් තරගය නිමා විය. 

ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් හා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සචිත්‍ර‍ සේනානායක තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය. තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වූ ගරු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් එම කුසලාන පිරිනමන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<