“මෙවර IPL තරගාවලිය නිසැකවම රූපවාහිනී වාර්තා බිඳ දමනවා”

283

ප්‍රේක්ෂකයින් හට තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණ තුලට ඇතුළු වීමේ වරම අහිමි කර ඇති නිසාවෙන් පසුගිය වසරවල දී මෙන් ජනප්‍රියත්වයක් මෙවර IPL තරගාවලියට හිමි කරගත හැකි වේද යන්න මේ වන විට බොහෝ දෙනාගේ සිත් තුල පැන නැඟී තිබෙන ගැටලුවකි.

චෙන්නායි පිලෙන් ධනාත්මක පුවතක්

කෙසේනමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරය හොඹවන හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි මහතා සඳහන් කර සිටියේ මෙවර තරගාවලිය රූපවාහිනි ඉතිහාසයේ වැඩිම පිරිසක් තරග නැරඹූ ක්‍රිකට් තරගාවලිය ලෙස වාර්තා පොත් අතරට එකතු වනු ඇති බවයි. ක්‍රීඩා පිටියට ගොස් සජීවී තරග අත්දැකීම විඳගැනීමේ අවස්ථාව අහිමි වන ක්‍රීඩාලෝලීන් කිසිසේත්ම බලාපොරොත්තු සුන් කරගත යුතු නැති බව ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ප්‍රේක්ෂකයින් අනිවාර්‍යෙන්ම රූපවාහිනිය ඔස්සේ තරග නරඹාවී. ඔවුන් (විකාශන ආයතන) බලාපොරොත්තු වෙනවා මේ පාර රූපවාහිනී සජීවී විකාශය ඔස්සේ වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් තරග නරඹයි කියලා. මොකද පහුගිය වසරවල ක්‍රීඩා පිටියට ගිහින් තරග නරඹපු අයටත් මේ අවුරුද්දේ රූපවාහිනි තිරය ඉදිරියේ ඉඳගෙන ඒ අත්දැකීම ලබන්න සිදු වෙලා තියෙනවා. අපි හැමදේකම ධනාත්මක පැත්ත ගැන වැඩිපුර අවධානය යොමු කරනවා නම් වැඩ කරන්න ගොඩක් පහසුයි.

COVID-19 වසංගතයේ බලපෑමෙන් අඩපණ වූ දෛනික ජීවන රටාවන්ට යලි ආගමනය වීමට නම් ක්‍රමයෙන් පෙර පැවති ජනතාවට සමීප ක්‍රීඩා ඉසව් යලි ඔවුන් අතරට ගෙන යාමේ වැදගත්කම සම්බන්ධයෙන් ද ගංගුලි එහි දී පෙන්වා දෙන්නට විය. 

තවද හිස් ප්‍රේක්ෂකාගාර සහිත ක්‍රීඩාංගණ තුල තරග වැඳීමට සිදු වීම ක්‍රීඩකයින් හට කොතෙක් දුරට අභියෝගාත්මක වේ දැයි ඇසූ පැනයට පිළිතුරු ලබා දෙමින් ඔහු පවසා සිටියේ මෙම වසංගතය තුරන් කිරීමට ස්ථිරසාර පිළියමක් සොයා ගන්නා තෙක් සියලු දෙනාටම මෙම ක්‍රියාදාමයට අනුගත වීමට සිදු වනු ඇති බවයි.

“ක්‍රිකට් කියන්නේ ජීවිතේ පොඩි කොටසක් කියලා තේරුණා” – කෝලි

“දැනට පවතින වාතාවරණය උඩ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම අතිශය වැදගත්. නමුත් තත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරීගෙන එන නිසා පළමු පියවර විදියට ක්‍රීඩාංගණයක මුළු ප්‍රේක්ෂක ධාරිතාවෙන් 30%කට තරග නරඹන්න පුළුවන් විදියේ වැඩපිළිවෙළක් සකස් කරන්න ඉදිරියේ දී බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ඒකට තව ටික කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වේවි. මේ වයිරසයට එරෙහිව වැඩ කරන එන්නතක් හොයාගත්තට පස්සේ අපිට මේ ගැටලුවෙන් ලේසියෙන් අත්මිදෙන්න පුළුවන්.”

“අපිට IPL තරගාවලිය පවත්වන්නේ නැතුව අතහැරලා දාන්න තිබුණා. නමුත් අපි ලේසියෙන් මේ වයිරසයක් නිසා පරාජය භාරගත යුතු නැහැ. මිනිස්සු කියන්නේ ගොඩක් අමාරු කාලවලට සාර්ථකව මුහුණු දීපු ජීවී කොට්ඨාසයක්. ඉතින් මේකත් ඒ වගේ එක අභියෝගයක් විතරයි. අපි කොහොම හරී ඒ බාධකය ජය ගන්න පුළුවන් ක්‍රමවේදයක් හොයාගන්න ඕන.”

Dream 11 IPL තරගාවලිය මේ මස 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සම්පාදනය කෙරෙමින් පවතින අතර පසුගිය වර අනුශූරයින් වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ කණ්ඩායමේ නිලධාරීන් 11දෙනෙකුට COVIC-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම බොහෝ දෙනාගේ අවධානය මේ වන විට ඒ දෙසට යොමුවී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<