ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් අද (26) පැවැති අතර ඉන් තරග 4ක් ම වර්ෂාව හේතුවෙන් එකඳු හෝ පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.
පැවැති තරග ද්විත්වය ම Colts ක්‍රීඩාංගණයේ දී නිමා වූ අතර එහි දී Panadura කණ්ඩායම සහ Tamil Union කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා.
අද පෙරවරුවේ කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ BRC සහ Nugegoda S & WC අතර තරගයත් සහ CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ Chilaw Marians CC සහ Colts CC අතර තරගයත් මෙන් ම පස්වරුවේ CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Moors SC සහ Kurunegala Youth CC අතර තරගයත් සහ කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ CCC සහ Baduraliya SC අතර තරගත් වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණ තරග අතර එක් කළා.
- මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි!
- BRC 73කට දැවී යයි
- ශ්‍රී ලංකා නැගී එන ක්රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයකට!
- කෝඩුකාරයෝත් දක්ෂතා දක්වයි
- තුන්කොන් සටනේ ජය ඉන්දියාවට
අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Ace Capital CC සහ Panadura SC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.
- Ace Capital CC – කඩුලු 7ක් දැවී 99(16.4)පවන් පතිරාජ 36, දනාල් හේමානන්ද 25, අසංක මනෝජ් 2/10, සෙනිත හැළඹගේ 2/15, දුශාන් හේමන්ත 3/26
- Panadura SC – කඩුලු 5ක් දැවී 102(14.4)විශේන් හැළඹගේ 32, සසිඳු මල්ශාන් නොදැවී 28, වනුජ සහන් 2/27, චමෝද් බට්ටගේ 2/20
Panadura SC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
Tamil Union C & AC සහ Police SC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.
- Tamil Union C & AC– සියලුම දෙනා දැවී 108 (18.5) ශාරුජන් ශන්මුගනාදන් 43, චාරුක ප්‍රමෝද් 2/19, දිලුම් සුදීර 2/17, නදීර බාලසූරිය 2/05
- Police SC– සියලුම දෙනා දැවී 101 (18.3) විශාද් රන්දික 28, අශේන් බණ්ඩාර 18, තරිඳු රත්නායක 2/17, තීසාන් විතුසාන් 2/19, සචිත ජයතිලක 3/06
Tamil Union C & AC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 6ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















