කවීන් සහ ශේන්ගේ අර්ධ ශතක මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ජය ගෙනෙයි

19න් පහළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

217
Under 19 Division I Cricket League 2022

වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ B කොටසේ X කාණ්ඩයේ තරගයක් ලෙස පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමඟ අද (25) පැවති තරගයෙන් ලකුණු 116ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගැනීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින්ට හැකි වුනා.

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස් කිරීමට සමත් වූ අතර අගනා ඉනිම් දියත් කළ කවීන් ප්‍රනාන්දු ලකුණු 88ක් සහ ශේන් ආදිත්‍ය ලකුණු 51ක් රැස් කිරීමට සමත් වුනා.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ හිරූ පවන් ලකුණු 32ට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර මෙනූෂ පබසර ලකුණු 35ට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පන්නිපිටිය ධර්මපාල ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කළ මාරිස්ටෙලා පන්දු යවන්නන් ධර්මපාල ඉනිම පන්දුවාර 36ක් අවසානයේ ලකුණු 149කට සීමා කළා.

මාරිස් ස්ටෙල්ලා වෙනුවෙන් මිහිඳු මලිත් ලකුණු 17කට කඩුලු 2ක් සහ ශේන් ආදිත්‍ය ලකුණු 24ට කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව මෙම තරගය ලකුණු 116කින් ජය ගනිමින් සිය මූලික වටය ජයග්‍රහණයකින් අවසන් කිරීමට මීගමුව මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින්ට හැකි වුනා.

කෙටි ලකුණු පුවරුව,

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 265/8 (50): කවීන් ප්‍රනාන්දු 88, ශේන් ආදිත්‍ය 51, එවීන් කල්හාර 47, හසිඳු පෙරේරා 32*, හිරූ පවන් 2/32, මෙනූෂ පබසර 2/35.

ධර්මපාල විද්‍යාලය – 149 (36): දුමංග නිකෙත් 36, ප්‍රවීන් කුමාරප්පෙරුම 28, පසිඳු තීක්ෂණ 21, උෂාන් ගලගෙදර 20, මිහිඳු මලිත් 2/17, ශේන් ආදිත්‍ය 2/24.

වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<