වසර 7කට පසුව ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයේ පසුවිපරමක් – පිටියේ කතා

2661

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 278ක දැවැන්ත ජයක් හිමිකරදෙමින් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පසුගිය දා අවසන් වුනා. එම තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ වැඩි වගකීම ලබාගත්තේ දිමුත් කරුණාරත්නයි. එම තරගයේ දී දිමුත් ක්‍රිකට් පොතේ වාර්තා රැසක්ම අලුත් කරන්න සමත් වුනා. එම වාර්තා පිළිබඳව හා ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තවත් වැදගත් සිදුවීම් පිළිබඳව හිටපු ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු මලින්ද වර්ණපුර හා ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙවර පිටියේ කතා තුලින් ඔබ හමුවට ගෙන එයි.