පළමු ශතකය නිශාන් මධුශ්කගෙන්

Major Club 50 Over Tournament 2024

169

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (10) තරග 6ක් ක්‍රියාත්මක වූ අතර මෙවර තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට CCC කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක සමත් වුනා.

BRC කණ්ඩායම හා පැවැති තරගයේ දී නිශාන් මධුශ්ක පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 122ක් ලබා ගන්නවා. මෙම ලකුණු සංඛ්‍යාවත් සමඟින් ඔහු තම තරග 59ක් වන පළමු පෙළ එක්දින තරග දිවියේ ලකුණු 2000 ඉක්මවා යෑමට ද සමත් වූවා. එමෙන් ම මෙම ශතකය ඔහුගේ 5 වැනි පළමු පෙළ එක්දින ශතකයයි.

මේ අතර Moors කණ්ඩායමේ සොහාන් ද ලිවේරා සහ පසිඳු සූරියබණ්ඩාර එක් ව Kandy Custom කණ්ඩායමට එරෙහි ව අර්ධ ශතක ඉනිම් ක්‍රීඩා කළ අතර ඔවුන් දෙදෙනා විසින් 2 වැනි කඩුල්ලට ලකුණු 111ක සබඳතාවක් ද ගොඩ නගමින් කැපී පෙණෙන දක්ෂතා දැක් වූවා.

සොහාන් ද ලිවේරා පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත් අතර පසිඳු සූරියබණ්ඩාර පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා.

ඊට අමතර ව Police කණ්ඩායමේ හේෂාන් ධනුශ්ක Nugegoda කණ්ඩායමට එරෙහි ව පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත් අතර  Nugegoda කණ්ඩායමේ සුපුන් කාවින්ද Police කණ්ඩායමට එරෙහි ව පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.

ACE Capital කණ්ඩායමේ 25 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන තනුක දාබරේ තම තරග 42ක් වන පළමු පෙළ එක්දින තරග ලැයිස්තුවේ හොඳම පන්දු යැවීම අද වාර්තා කළා. ඒ Negombo කණ්ඩායමට එරෙහි ව ලකුණු 28කට කඩුලු 6ක් දවා ගනිමින්.

අද අවසන් වූ තරගවල දී A කාණ්ඩයෙන් තරග බිමට පිවිසි Ragama සහ ACE Capital කණ්ඩායම් ද B කාණ්ඩයෙන් තරග පිටියට පිවිසි  Police, Moors සහ CCC කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර Bloomfield සහ Panadura කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමා වූවා.

  • A කාණ්ඩය

Chilaw Marians CC සහ Ragama CC අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

 

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 141 (35.4) සුපුන් වඩුගේ 46, හේෂාන් හෙට්ටිආරච්චි නොදැවී 22, ඉරුෂ්ක තිමිර 25, සංතුශ් ගුණතිලක 4/20, නිපුන් මාලිංග 2/20, කල්හාර සේනාරත්න 2/29, පුලින තරංග 2/33

 

Ragama CC – කඩුලු 5ක් දැවී 142 (25.4) ගවිරු සෙහස් 33, සංතුශ් ගුණතිලක 25, රවිඳු සෙම්බුකුට්ටි නොදැවී 27

 

Ragama කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

BloomfieldC & AC සහ Panadura SC අතර පානදුර ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේ දී.

 

BloomfieldC & AC – කඩුලු 2ක් දැවී 83 (11.2) රොන් චන්ද්‍රගුප්ත 43, හසිත බෝයගොඩ නොදැවී 25

තරගයේ විසඳුමක් නෑ.

Negombo CC සහ ACE Capital CC අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.

 

Negombo CC – සියලුම දෙනා දැවී 115 (35.2) කේශාන් වන්නිආරච්චි 39, හිමාෂ ලියනගේ 18, තනුක දාබරේ 6/28, වනුජ සහන් 2/22

 

ACE Capital CC – කඩුලු 6ක් දැවී 105 (33.3) තනුක දාබරේ 32, සම්මු අශාන් නොදැවී 30, පසිඳු උස්හෙට්ටිගේ 2/18

 

ACE Capital කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 22ක ජයක්.

  • B කාණ්ඩය

Police SC සහ Nugegoda S & WC අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

 

Police SC – කඩුලු 8ක් දැවී 250 (49.0) ධනුජ ඉඳුවර 40, හේෂාන් ධනුශ්ක 53, විශාද් රන්දික 36, අශේන් බණ්ඩාර 32, නදීර බාලසූරිය 31, රුවින් සෙනෙවිරත්න 2/38

 

Nugegoda S & WC – සියලුම දෙනා දැවී 157 (37.0) තිලකරත්න සම්පත් 30, සුපුන් කාවින්ද 61, දිලුම් සුධීර 3/25, රශ්මික හිරුශාන් 2/13

 

Police කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 75ක ජයක්.

Moors SC සහ Kandy Custom CC අතර Bloomfield පිටියේ දී

 

Moors SC – කඩුලු 4ක් දැවී 262 (34.0) ජනිශ්ක පෙරේරා 45, සොහාන් ද ලිවේරා 79, පසිඳු සූරියබණ්ඩාර 66, මල්ෂ තරුපති නොදැවී 32, රමේෂ් මෙන්ඩිස් 18, යොහාන්  2/47

 

Kandy Custom CC – කඩුලු 6ක් දැවී 103 (21.3) තෙවිඳු දික්වැල්ල 32, සසිත් මනුරංග 18, සහන් කෝසල නොදැවී 29, රොහාන් සංජය 2/29, ගරුක සංකේත් 2/12

 

Moors කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 66ක ජයක්.

BRC සහ CCC අතර SSC ක්‍රීඩාංගණයේ දී.

 

BRC – කඩුලු 9ක් දැවී 182 (50.0) ඩිල්ශාන් ද සොයිසා 29, දුශාන් හේමන්ත 29, ලිනාල් සුබසිංහ 32, කේශාන් විජේරත්න 24, චතුරංග ද සිල්වා 2/27, සොනාල් දිනූෂ 3/31

 

CCC – කඩුල්ලක් දැවී 183 (18.4) නිශාන් මධුශ්ක නොදැවී 122, ලසිත් කෲස්පුල්ලේ 23, පවන් රත්නායක නොදැවී 34

 

CCC කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<