වර්ෂාව කප් ගැසූ දවසක්

53
Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තෙදින ක්‍රිකට් තරගාවලියේ අද (19) දවසේ පැවැති තරග සියල්ලට ම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් ම අද දින අවසන් වීමට තිබූ සියලු තරග විසඳුමකින් තොරව අවසන් වූවා.

ඒ අනුව Tamil Union C & AC සහ Kurunegala YCC අතර තරගයත්, BRC සහ Kandy Custom SC අතර තරගයත්, SSC සහ CCC අතර තරගයත්, Panadura SC  සහ Colts CC අතර තරගයත්, Baduraliya CC සහ Ragama CC අතර තරගයත් වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණ අතර  Nugegoda SWC සහ Moors SC අතර තරගය ද ඒ හේතුවෙන් ම දෙවැනි දිනය නිමා වූවා.

දිනයේ පැවැති එක ම තරගය වූයේ Police SC සහ Negombo CC අතර තරගයයි. එම තරගය ද පැවැතියේ පන්දුවාර 16ක් පමණක් වන අතර එහි දී පෙර දින නොදැවී ලකුණු 32ක් ලබා සිටි අශේන් බණ්ඩාර අද තම අර්ධ ශතකය සපුරා ගැනීමට සමත් වූවා. ඔහු දැවී යන විට පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 84ක් ලබා සිටියා.

මේ අතර අද Bloomfield සහ Chilaw Marians කණ්ඩායම් අතර තරගය කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබුණ ද එම තරගය ද එක් පන්දුවක් හෝ නොයවා පළමු දිනයට අතහැර දමනු ලැබුවා.

තරගවල කෙටි ලකුණු පුවරු

Group A

Police SC සහ Negombo CC අතර තරගය කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.

  • Negombo – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 407 (90.0) ඩිල්ශාන් මුණවීර 44, කේශාන් වන්නිආරච්චි 26, හිමාෂ ලියනගේ 65, මිලින්ද සිරිවර්ධන 83, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 101, මාදව වර්ණපුර 34, උපුල් ඉන්ද්‍රසිරි නොදැවී 29, දිලුම් සුදීර 5/124
  • Police – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 208 (31.0) ධනුජ ඉඳුවර 26, අවිශ්ක තරිඳු 30, රශ්මික හිරුශාන් 26, අශේන් බණ්ඩාර 84, විශාද් රන්දික නොදැවී 27, උපුල් ඉන්ද්‍රසිරි 4/64

තරගයේ විසඳුමක් නෑ.

Baduraliya CC සහ Ragama CC අතර තරගය මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Ragama – පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (28.1) ගවිරු සෙන්හස් 21, යොහාන් ලියනගේ 21, චානක රුවන්සිරි 8/37
  • Baduraliya – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 423 (100.5) දුනිත් ජයතුංග 39, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 31, චානක රුවන්සිරි 40, ගීත් කුමාර නොදැවී 165, රනේෂ් සිල්වා 75, අලංකාර අසංක 30, ශෂික දුල්ෂාන් 2/98, කොශාන් දනුශ්ක 3/137, ලකිඳු සචින් 2/52
  • Ragama – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 112 (28.2) යොහාන් ලියනගේ 45, විනුර දුල්සර නොදැවී 31, චලන ද සිල්වා 4/51

තරගයේ විසඳුමක් නෑ.

Panadura SC  සහ Colts CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Colts – පළමු ඉනිම සියලුම දෙනා දැවී 345 (74.3) දිනේෂ් චන්දිමාල් 28, ධනංජය ලක්ෂාන් 104, සනෝජ් දර්ශික 33, ශෙරාන් ෆොන්සේකා 63, කවිශ්ක අංජුල 57, නිමේෂ් විමුක්ති 6/104
  • Panadura – පළමු ඉනිම සියලුම දෙනා දැවී 366 (84.0) ඕෂද ප්‍රනාන්දු 81, ලහිරු දවටගේ 24, රමින්ද විජේසූරිය 22, රුමේෂ් බුද්ධික 84, ශාලිත් ප්‍රනාන්දු 83, අකිල ධනංජය 5/143, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්නශ්‍රීරාම් 2/83

තරගයේ විසඳුමක් නෑ.

Group B

SSC සහ CCC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.

  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 369 (95.2) ශෙවෝන් ඩැනියෙල් 23, නුවනිඳු ප්‍රනාන්දු 40, කුසල් මෙන්ඩිස් 123, චමිඳු වික්‍රමසිංහ නොදැවී 102, දිනුර කළුපහන 33, අසිත ප්‍රනාන්දු 2/70, විශ්ව ප්‍රනාන්දු 2/75, ලක්ෂාන් සඳකැන් 3/61
  • CCC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 264 (47.0) ලසිත් කෲස්පුල්ලේ 76, මිනෝද් භානුක නොදැවී 85, පවන් රත්නායක නොදැවී 79

තරගයේ විසඳුමක් නෑ.

BRC සහ Kandy Custom SC අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.

  • Kandy Custom – පළමු ඉනිම සියලුම දෙනා දැවී 131 (27.3) ශෙහාන් ප්‍රනාන්දු 33, සහන් කෝසල 21, රොස්කෝ තට්ටිල් 33, ඉමේෂ් උදයංග 21, මොහොමඩ් ශිරාස් 5/37, මාලින්ද පුෂ්පකුමාර 2/43, මෝවින් සුබසිංහ 2/18
  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (61.0) නවිඳු විතානගේ 38, රිසිර වීරසූරිය 23, දිනිරු අබේවික්‍රමසිංහ 38, චාමික හීනටිගල නොදැවී 38, බුද්ධික සංජීව 4/48, සචිත්‍ර පෙරේරා 3/50
  • Kandy Custom – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 268 (64.0) සහන් කෝසල 70, රොස්කෝ තට්ටිල් 88, ඉමේෂ් උදයංග 44, මොහොමඩ් ශිරාස් 2/42, මෝවින් සුබසිංහ 4/65, මාලින්ද පුෂ්පකුමාර 3/85
  • BRC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 51 (15.0)

තරගයේ විසඳුමක් නෑ.

Tamil Union C & AC සහ Kurunegala YCC අතර තරගය කොළඹ P.Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth – පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (78.4) රශ්මික මධුශංක 56, සමීර සඳමාල් 42, අසන්ත බස්නායක 28, දිනුෂ්ක මාලන් 31, අසංක මනෝජ් 2/40, තරිඳු රත්නායක 3/69, නවෝද් පරණවිතාන 3/33
  • Tamil Union – පළමු ඉනිම සියලුම දෙනා දැවී 299 (86.0) නවොද් පරණවිතාන 82, මොහොමඩ් ශමාස් 24, සචිත ජයතිලක 91, විහස් තෙව්මික 34, අරවින්ද ප්‍රේමරත්න 7/113
  • Kurunegala Youth – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 12 (5.0)

තරගයේ විසඳුමක් නෑ.

 Nugegoda SWC සහ Moors SC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී.

  • Moors – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 275 (83.0) ජනිශ්ක පෙරේරා 63, පසිඳු සූරියබණ්ඩාර 27, සිතාර ගිම්හාන් නොදැවී 92, මිලාන් රත්නායක 27, චාමිකර එදිරිසිංහ 3/93, මදුක ලියනපතිරණගේ 3/53

මෙම තරගය හෙට (20) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<