මහනුවර ක්‍රීඩා සමාජයට නව පුහුණුකරුවෙක්

147

පසුගිය ඩයලොග් රග්බි ලීගයේ (2018/19) ජයග්‍රාහකයින් වන මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු පුහුණුකරු වන ෂෝන් විජේසිංහට පසු මහනුවර ක්‍රීඩා සමාජය පුහුණු කිරීමට එම ක්‍රීඩා සමාජයේ හිටපු නායක ෆාසිල් මරීජා කැඳවා තිබේ.

ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයෙකුට ලෝක කුසලාන වරම් අහිමිවේ

ලෝක ප්‍රකට නවසීලන්ත රග්බි කණ්ඩායමේ FULLBACK ක්‍රීඩක ඩේමියන් මැකෙන්සී හට මෙම වසරේ (2019)…

මහනුවර ක්‍රීඩා සමාජයට සහ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට මහත් කීර්තියක් අත්කර දුන් ෆාසිල් මරීජා, මෙම වසරේ (2019) නොවැම්බර් මස පැවැත්වීමට නියමිත රග්බි තරගාවලියෙන් තම පුහුණුකාරීත්වය ආරම්භ කිරීමට සූදානමින් සිටී.

තමන්ටම ආවේණික ක්‍රීඩා විලාසයකට හිමිකම් කියන ෆාසිල් මරීජාගෙන් අප මේ පිළිබඳව විමසූ විට ඔහු පවසා සිටියේ “මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ෂෝන් විජේසිංහ කළ දේ දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. මේක ලොකු වගකීමක්” යනුවෙනි.

ශ්‍රී ලංකා රග්බි දැවැන්තයාට දිරියක් වෙන්නට පැමිණි ක්‍රිකට් දැවැන්තයින්

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ දැවැන්තයෙකු වන චන්ද්‍රිශාන් පෙරේරා මහතාට උපකාරයක් වශයෙන් පැවැත්වුණු…

ඔහු සමඟින් මහනුවර ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ පුහුණු කිරීමට කොළඹ ඉසිපතන විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන CR&FC කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන විරාජ් ප්‍රසන්න මහතා නම් කළ ඇත. ඔහු මෙයට ප්‍රථම CH&FC කණ්ඩායමේ ඉදිරිපෙළ පුහුණුකරුවෙකු වශයෙන් ක්‍රියා කළ ඇත.

විරාජ් ප්‍රසන්න මහතා

එම පුහුණුකරුවන් දෙපළට අමතරව මහනුවර කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු නාලක වීරක්කොඩි මහතා ද ඔවුන්ට තම සහාය ලබාදෙමින් පුහුණුකරු මඩුල්ලේ සිටියි.

නාලක වීරක්කොඩි මහතා

ශ්‍රී ලංකාව වෙනුවෙන් සත් සාමාජික තරග 150කට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කළ ඇති මරීජාට තමන්ගේ ක්‍රීඩා සමාජයම පුහුණු කිරීමට ලැබීම මහත් වාසියක් මෙන්ම පහසුවක් වනු ඇත. ඒ මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරනා ක්‍රීඩා විලාසය ඔහු හොඳින් හඳුනන බැවිනි.
        
                  >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<