සාන්ත ජෝසප් ක්‍රීඩකයින් හමුවේ ගාලු සිහින බොඳ වේ

533

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (4) ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. එම තියුණු තරගය ලකුණු 11කින් ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් විද්‍යාලය මේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

වෙල්ලාලගේ හා පරණවිතානගේ පිතිකරණයෙන් ඉරණම් තීන්දුයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටය…

අර්ධ අවසන් පූර්ව තරගවල දී කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 128කින් පරාජය කරමින් සාන්ත ජෝසප් විද්‍යාලය මේ තරග වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර ගාල්ල මහින්ද විද්‍යාලය අර්ධ අවසන් පූර්ව තරගයේ දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 10කින් පරාජය කරමින් අද පැවැත්වුණු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලයේ නායක නවෝද් පරණවිතාන පළමුව පන්දු යැවීමට තීරණය කළ මේ තරගයේ පන්දුවට පහර දුන් සාන්ත ජෝසප් විද්‍යාලය පන්දුවාර 48ක් තුල සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 177ක් පමණි. එයට පිළිතුරු  දුන් මහින්ද විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 166ක් පමණි.

සාන්ත ජෝසප් විද්‍යාලයේ ලකුණු පුවරුවට ආරම්භය ලබා දුන් ජොහෑන් ද සිල්වා හා ශිවාන් රාසූල් හට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 11ක සබඳතාවයක් පමණි. ඒ සබඳතාවයට තිත තබමින් ලකුණු 7ක් ලබා සිටි ජොහෑන්, කවීශ මලියවඩුගේ පන්දුවකට දැවී ගියේය. ඔවුන්ගේ පළමු කඩුලු 2 ලකුණු 19ක් තුල දැවී ගියේ මහින්ද විද්‍යාලයට තරගයේ වැඩි වාසිය ලබා දෙමිනි. යෙසිත් රූපසිංහ ලකුණු 5යි.

රාසූල් හා දිනෙත් ජයකොඩි තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 27ක සබඳතාවයක් එකතු කිරීමට සමත් වූයේ සිය විද්‍යාලය වැටී තිබූ අවදානමෙන් තරමක් දුරට දුරස් කරමිනි. නමුත් සාන්ත ජෝසප් විද්‍යාලයේ මැදපෙළ පිතිකරුවන් සිය වගකීම් නිසියාකාරව ඉටුනොකිරීම නිසා ලකුණු 101 සීමාව පසුකරන විට ඔවුන්ගේ ප්‍රබල කඩුලු 6ක් දැවීගොස් තිබුණි.

නායකත්වය ද බාර ගනිමින් උපුල් තරංග කොළඹ දිනවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයන්ගෙන් වඩාත් පරිණත ක්‍රීඩකයාගේ ආවේශය කිසිදු බලවේගයකට නතර කිරීමට නොහැකි බැව් නැවත වතාවක්…

දඟපන්දු යවන්නන්ට හා වේගපන්දු යවන්නට එක ලෙස සහාය දැක්වූ ගාලු තණතීරුව මත 7 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 31ක සබඳතාවය සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් අද දිනයේ දී වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාවය බවට පත්කිරීමට දකුණතින් පිත්ත හසුරුවන මිරංග වික්‍රමගේ හා දිනාල් අනුරුද්ධ සමත් විය. වික්‍රමගේ 4 පහර 7ක් සමඟ ලකුණු 45ක් ලබා ගනිමින් සිය විද්‍යාලයට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන ලදි.

පන්දු යැවීමේ දී මහින්ද විද්‍යාලයේ දකුණතින් වේගපන්දු යවන කුශාන් මධූශ හා දකුණතින් දඟපන්දු යවන සුභානු රාජපක්ෂ අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ලකුණු 178ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි මහින්ද විද්‍යාලය පළමු පන්දුවාර 2ක් තුල ලකුණු 16ක් සමඟින් සාර්ථක ආරම්භයක් ලබාගත් අතර එහි දී නායක පරණවිතාන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ලබාගත් අත්දැකීම් ද උපයෝගී කරගනිමින් වේගවත් ලකුණු 33ක් සිය නමට ඉදිරියෙන් ලියා ගත්තේ පන්දු 21ක් තුල 4 පහර 7ක් එල්ල කරමිනි. ඔහු සාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩකයා වන ලක්ෂාන් ගමගේ එවූ පන්දුවකට ක්‍රීඩාගාරයට හැරී ගියේ මහින්ද විද්‍යාලයේ තෙවැනි කඩුල්ල ලෙසිනි.

ලක්ෂාන් ගමගේ, අශේන් ඩැනියල් ඇතුළු සාන්ත ජෝසප් විද්‍යාලයීය පන්දු යවන්නන් හමුවේ මහින්ද විද්‍යාලයීය මැදපෙළ පිතිකරුවන් ද අසාර්ථක විය. ලකුණු 55කට කඩුලු 5ක් බිඳ වැටී තිබූ මහින්ද විද්‍යාලයේ ලකුණු පුවරුවට යම් සහනයක් ගෙනා දකුණතින් පිත්ත හසුරුවන සිතිර ගුරුගේ හා කවිශ මලියවඩු 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක සබඳතාවයක් ගොඩනංවන ලදි.

එසේ තිබිය දී 9 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සබඳතාවය නිසා සාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරමක් තිගැස්සීමකට ලක්වුණේ දකුණතින් පිත්ත හසුරුවන ඔසිඳු කාවින්ද්‍ය පසුපෙළ පිතිකරුවන් හා එක්ව ඉතාමත් සැලසුම්කාරී පිතිකරණයක නිරත වෙමින් මහින්ද විද්‍යාලයේ ලකුණු පුවරුව සවිමත් කළ නිසාවෙනි.

මහින්ද විද්‍යාලයට  සිය ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයට ලකුණු 12ක් ලබා ගැනීමට තිබුණ ද ඒ අවසන් පන්දු වාරයේ පළමු පන්දුවේ දී ම 4 පහර 4ක් හා 6 පහර 3ක් සමඟින් පන්දු 47ක දී ලකුණු 50ක් ලබාගෙන සිටි ඔසිඳු දුවද්දී දැවී ගියේය. ඒ නිසාවෙන්  තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයට හැකි විය.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් ගමගේ ක්‍රියාත්මක කළ පන්දුවාර 10 තුල ලකුණු 43ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගත්තේය. ඊට අමතරව දුනිත් වෙල්ලාලගේ හා අශේන් ඩැනියල් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

මේ තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අනිද්දා (6) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර මග්ගොන සරේ ගම්මාන පිටියේ දී පැවැත්වෙන අතර ඒ තරගයේ තොරතුරු ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟම.

සාන්ත ජෝසප් විද්‍යාලය – 177/10 (48): මිරංග වික්‍රමගේ 45, දිනාල් අනුරුද්ධ 24, දුනිත් වෙල්ලාලගේ 22, කුශාන් මධූශ 3/17, සුභානු රාජපක්ෂ 3/49.

මහින්ද විද්‍යාලය – 166/10 (49.1): ඔසිඳු කාවින්ද්‍ය 50, නවෝද් පරණවිතාන 33, සිතිර ගුරුගේ 25, ලක්ෂාන් ගමගේ 3/43, දුනිත් වෙල්ලාලගේ 2/22, අශේන් ඩැනියල් 2/31.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

St. Joseph's College

177/10

(48 overs)

Result

Mahinda College

166/10

(49.1 overs)

St. Joseph’s won by 11 runs

St. Joseph's College’s Innings

Batting R B
J de Zilva c K Udayanga b K Malliyawadu 7 14
S Rassool c N Paranavithana b K Madusha 20 41
Y Rupasinghe c & b O Kavindya 5 11
D Jayakody c S Induwara b K Madusha 16 29
D Wellalage lbw by C Gunasekara 22 43
L Gamage b S Rajapaksha 5 10
M Wickramage c S Induwara b S Rajapaksha 45 55
D Anuradha c S Induwara b S Rajapaksha 24 43
S Fonseka (runout) 20 29
A Daniel b A Daniel 2 4
A de Alwis not out 6 9
Extras
5
Total
177/10 (48 overs)
Fall of Wickets:
1-11 (J de Zilva, 4.3 ov), 2-19 (Y Rupasinghe, 7.2 ov), 3-46 (S Rassool, 14.1 ov), 4-61 (D Jayakody, 18.2 ov), 5-74 (L Gamage, 21.3 ov), 6-101 (D Wellalage, 29.3 ov), 7-133 (M Wickramage, 38.4 ov), 8-158 (D Anuradha, 44.1 ov), 9-163 (A Daniel, 45.2 ov), 10-177 (S Fonseka, 48 ov)
Bowling O M R W E
K Malliyawadu 6 1 16 1 2.67
O Kavindya 5 0 28 1 5.60
N Paranavithana 5 2 22 0 4.40
K Madusha 9 2 17 3 1.89
S Rajapakshe 10 0 49 3 4.90
C Gunasekara 9 0 45 1 5.00

Mahinda College’s Innings

Batting R B
K Sanketh lbw by D Wellalage 11 12
N Paranavithana c A de Alwis b L Gamage 33 21
S Rajapakshe c S Rassool b L Gamage 0 2
S Sampath (runout) 1 4
S Guruge lbw by D Wellalage 25 92
K Udayanga b A Daniel 1 11
S Induwara c J de Zilva b A Daniel 4 5
K Malliyawadu c S Rassool b L Gamage 19 47
K Madusha b M Wickramage 2 43
O Kavindya (runout) 50 47
C Gunasekara not out 2 11
Extras
18
Total
166/10 (49.1 overs)
Fall of Wickets:
1-16 (S Rajapakshe, 2.3 ov), 2-26 (S Sampath, 4.0 ov), 3-41 (N Paranavithana, 6.1 ov), 4-50 (K Udayanga, 9.4 ov), 5-55 (S Induwara, 11.3 ov), 6-94 (K Malliyawadu, 30.3 ov), 7-105 (K Sanketh, 32.1 ov), 8-107 (S Guruge, 33.0 ov), 9-143 (K Madusha, 44.5 ov), 10-166 (O Kavindya, 49.1 ov)
Bowling O M R W E
L Gamage 10 2 43 3 4.30
A de Alwis 1 0 12 0 12.00
J de Zilva 3 0 22 0 7.33
A Daniel 9 2 31 2 3.44
D Wellalage 10 1 22 2 2.20
Y Rupasinghe 8.1 0 17 0 2.10
M Wickramage 8 1 14 1 1.75