“මහේල-අරවින්ද-සංගාගේ සැලැස්ම ක්‍රිකට් බේරා ගනීවි” – ක්‍රීඩා ඇමති

599
Mahela-Aravinda-Sanga

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් තිදෙනෙක් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ අරවින්ද ද සිල්වා විසින් සකස් කළ සැලැස්ම, ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් පිටියේ තත්වය නංවා ඒ හරහා ජාතික කණ්ඩායමට ද විශාල දායකත්වයක් සැපයීමට සමත් වනු ඇති බවට ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විශ්වාසයෙන් පසුවෙයි.

අසේල සහ කුසල් ජනිත් පැමිණීම ගැන නව නායකයා සතුටින්

ආබාධවලට ලක්ව සිට නැවත කණ්ඩායම සමඟ එක්වූ කුසල් ජනිත් පෙරේරා සහ අසේල ගුණරත්න..

06 වැනි දා පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට කඩා වැටිය හැකි පහත්ම තත්වයට වැටී ඇති බව ඔහු පිළිගන්නා බවයි.

“මට හදිසි තීරණයක් අරන් ක්‍රිකට් ක්‍රීඩාව තාවකාලික කමිටුවක් යටතට පැවරීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද මම විශ්වාස කරනවා මහේල, සංගා සහ අරවින්ද සකස් කළ නව සැලැස්ම සහ අනෙක් අදාළ සියලුම දෙනාගේ සහයෝගය ඇතිව මට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවන්න පුළුවන් වෙයි කියලා. මම හිතන විදිහට සෑම වසර දෙකකටම හෝ තුනකටම වරක්ම තාවකාලික කමිටුවක් පත්කරන එක ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නෙමෙයි, අනෙක් කිසිදු ක්‍රීඩාවකට එතරම් හොඳ දෙයක් නෙමෙයි. කොහොම වුනත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) තාවකාලික කමිටු පිළිගන්නෙත් නැහැ.”

ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ ය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය කාලය පුරාවට දැඩිව කතාබහට ලක්වූ මාතෘකාවක් වන ඡන්ද ප්‍රමාණය අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිසංසකරණ හරහා ඔහු නිසි පියවර ගන්නා බවයි.

චන්දිමාල් ප්‍රථම දස දෙනා දක්වා උසස් වේ

ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අවසානයේ ලකුණු 366ක් ලබාගත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම්..

එළඹෙන වසර 2ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා සැලසුම් සකස් කිරීම උදෙසා පසුගිය සැප්තැම්බර් මාසයේ දී ක්‍රීඩා අමාත්‍යංශය විසින් කමිටුවක් පත්කරනු ලැබූ අතර එහි නායකත්වය ක්‍රිකට් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර ඉහළ නමක් දිනා සිටින හේමක අමරසූරිය මහතා හට හිමි විය. තවදුරටත් මෙම කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් වන අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් එදිරිසිංහ මහතාගෙන් සමන්විත විය.

“මට අවශ්‍යයි ඒක වර්තමානයේ තිබෙන 140 සිට 75 දක්වා අඩු කරන්න. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට ගොඩක්ම හේතුවෙලා තියෙන්නේ ජාතික තලයේ ක්‍රීඩකයින් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ඉහළ පෙළේ තරගාවලි අඩුකම. අපේ ක්‍රීඩකයින් සහභාගී වන ඉහළම තරගකාරී තරග තමයි ක්‍රීඩා සමාජ තරගාවලි. ක්‍රීඩා සමාජ තරගාවලි වලත් දින හතරේ තරගාවලි නැහැ. ඒ වගේම පන්දුවාර 20 ඇතුළු සීමිත පන්දුවාර තරග සඳහා ජාතික තලයේ ක්‍රීඩකයින් බිහිකරන්න අවශ්‍ය ඉහළ මට්ටමේ සීමිත පන්දුවාර තරගාවලිත් මේ වන විට ශ්‍රී ලංකාවේ නැහැ. ඒ වගේම අපේ තරුණ ක්‍රීඩකයින්ට පුහුණු කළ යුතුයි දිවා-රාත්‍රි ටෙස්ට් තරග සහ රතු, සුදූ සහ රෝස පන්දුවලින් ක්‍රීඩා කරන්න.

කෙසේ නමුත් පසුගිය වසර 8ක වගේ කාලය තුළ ලෝකයේ ඕනෑම කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කළ හැකි මහේල සහ සංගා වැනි විශිෂ්ට ගණයේ ක්‍රිකට් ක්‍රීඩකයින් බිහිකරන්න ශ්‍රී ලංකාව අසමත් වෙලා තියෙනවා. ඒ වගේම රංගන හේරත් හැර මුරලිදරන් වගේ ඉහළ තලයේ දඟපන්දු යවන්නන් වගේම චමින්ද වාස් වගේ වේගපන්දු යවන්නෙක් හෝ පැයට කිලෝ මීටර 150ක වේගයෙන් පන්දු යැවිය හැකි හොඳ වේගපන්දු යවන්නෙක් බිහිකරන්න අපි අසමත් වෙලා තියෙනවා. සිදුවුණ මේ වගේ වැරදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබෑමට ගොඩක් බලපාලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලය තමයි ජාත්‍යන්තර තලය තුළ අපිට දැවැන්ත පරාජවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන එක. ඒ නිසා තමයි අපට නව සැලැස්මක් අවශ්‍ය වෙලා තියෙන්නේ. මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ සැලැස්මෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙයි කියලා.”

දයාසිරි ජයසේකර මහතා මෙහි දී වැඩිදුරටත් පවසා සිටියේ ය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<